Archive for December 2007

කලාත්මක පර්වතයක් වූ ආලකමන්දාව


අද අප හදුන්වන සීගිරිය ලොව සුපතල කලාගාරයකි. ඇතැමෙක් එය බලකොටුවක් ලෙසද හදුන්වයි. අප දන්නා තරමින් මෙය පස්වන සියවසේදී කාශ්‍යප රජතුමා විසින් නිර්මානය වූවෙකි. ඇත්ත වශයෙන් ම සීගිරිය රාවනා රජ සමයට ත් පෙර එනම් අවුරැදු 3800 කටත් පෙර නිර්මාණය වූවෙකි. එකල සීගිරිය හැදින්වූයේ ආලකමන්දාව යනුවෙනි.
අතීත කතා අනුව එකල විසූ විශ්‍රව රජුගේ පුත්‍රයෙකු වූ හෙවත් රාවණා රජුගේ වැඩිමල් සොහොයුරෙකු වූ වෛශ්‍රවණ ආලකමන්දාවේ වාසය කර ඇත. වෛශ්‍රවණ රාවණාත් සමඟ ආරාවුල් ඇති කරගත් හෙයින් වෛශ්‍රවණ ආලකමන්දාව අත හැර ගියේය. පසුව එය කුම්භකර්ණ කුමරැගේ වාසස්ථානය විය. කෙසේ වෙතත් අවසානයේ දී ආලකමන්දාව විවිධ යුධ ගැටුම් හේතුවෙන් අභාවයට යන්නට ඇත.
සීගිරිය හෙවත් ආලකමන්දාව විජයාගමනයටත් පෙර අතිතයේ විසූ ජනයාගේ ශිල්පිය දක්‍ෂතා මැනවින් පෙන්වා දෙයි. එහි ලොව සුපතළ බිතු සිතුවම් අතීත සිත්තරැන්ගේ නිර්මාණයක් වන අතර පසුව චිත්‍ර ශිල්පය පසු බෑමකට ලක්ව ඇත. අතීත කතා අනුව ආලකමන්දාවේ පර්වත මුදුනේ මාළිගයට යාමට සෝපානයක් (කර්කටක යන්ත්‍රය) තිබී ඇත. මෙහි දෝලාව වැනි කොටසට මිනිසුන් නැඟී සිටි විට සේවකයන් අතින් ක්‍රියා කර වූ පසු සෝපානය ඉහලට එස වේ.
කෙසේ වුවත් මෙම අභාවයට ගිය ආලකමන්දාව කාශ්‍යප රජතුමා විසින් සීගිරිය නමින් ප්‍රතිසංස්කරණය කරනු ලබයි. පසුව මෙහි චිත්‍ර හා නව අංග එකතු කරමින් වැඩි දියුණු කර ගත් පසු කාශ්‍යප රජතුමා ආරක්‍ෂක ස්ථානයක් ලෙසද, කලාගාරයක් ලෙසද භාවිතා කරන්නට ඇත.

Thursday, December 13, 2007
Posted by Shirosh
Tag :

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -