Archive for September 2009

උස්වැටකෙයියා වෙරළට ගොඩබට තල්මසා

මම අද (2009 සැප්තැම්බර් මස 07 වැනිදා සඳුදා) මෙම ලිපිය ලියන්නේ පුංචි පුවතක් ගැනය. අද උදේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළට මිය ගිය තල්මසෙක් ගොඩ වැදිණි. මගේ නිවස පිටුපස මුහුදු වෙරළෙහි මෙම තල්මසා ගොඩගසා තිබුණි. එම නිසා මා හට හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙය මම තල්මසෙකු සියැසින් දැකබලා ගත් ප්‍රථම අවස්ථාවයි. ගමේ මිනිස්සු මෙම අවස්ථාව දැක බලා ගැනීමට රොක් විය.
නමුත් තල්මසාගේ හිස පෙදෙස නොතිබුණි. මුහුදේ රළු ගතිය නිසා එය වෙන්ව ගොස්යන්නට ඇත. දවස් කිහිපයකට පෙර මිය ගිය තල්මසෙක් බව අවට පැතීරි ගිය දුර්ගන්ධයෙන් පැහැදිලි විය. නිවස ආසන්නයේ තිබූ හෙයින් ගන්ධය විටෙක ඉවසා ගත නොහැකි විය. මාධ්‍යවේදීන් පවා මෙය වාර්තා කිරීමට පැමිණියහ.
පහතින් දැක්වෙන්නේ මා විසින් ගන්නා ලද ඡායාරූප දෙකකි. (ප.ව. 2.30 ට පමණ) මේ සඳහා LG KG200 ජංගම දුරකථනයක් භාවිතා කරන ලදී.


ජංගම දුරකථනයේ කැමරාව මෙගා පික්සල් 1.3ක් වූ නිසාත් ඈත සිට ගත් නිසාත් ඉතා පැහැදිලි ඡායාරූප ගත ‍නොහැකි විය.
Wednesday, September 30, 2009
Posted by Shirosh

“භාෂිත” නමින් අලුත් ‍ෆොන්ට පැකේජයක්

-->
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනය(ICTA) සිංහල යුනිකේත භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව ෆොන්ට පැකේජයක් හඳුන්වා දී ඇත. එය “භාෂිත” දැනට භාවිතයේ ඇති සිංහල යුනිකේත ෆොන්ට ප්‍රමාණය ඉතා සීමිත යි. එම ෆොන්ට වල අකුරු රටාව පවා ඒකාකාරී බවක් ඇත. එබැවින් බොහෝ දෙනෙකු නව නිර්මාණශීලි රචනා කටයුතු සඳහා මෙම ‍ ෆොන්ට භාවිතා කිරීමට ඇතැම් විට මෑළි වෙති. ඒ නිසා “භාෂිත” ෆොන්ට පෙල හඳුන්වා දී ඇත. මෙය සියබස් වෙබ් අඩවිය(www.siyabas.lk) ඔස්සේ නොමිලේ ලබා දේ. නමුත් ඔබේ පහසුව තකා මෙතැනින් බාගන්න.
“භාෂිත” ෆොන්ට පැකේජයෙහි වින්ඩොස් හා ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට සරිලන ෆොන්ට කිහිපයක් (සියළුම ෆොන්ට ගණන 10කි) අඩංගු වේ. ඒ අතර Bhashitha-Sans, Bhashitha-Serif, DinaminaUniWeb හා Sarasavi Unicode යන ෆොන්ට(True-Type Fonts) ප්‍රධාන වේ. මීට අමතරව මෙම ෆොන්ට ම ලිනක්ස් සඳහා ගැලපෙන අයුරින්ද නිමවා ඇත. කෙසේ නමුත් මෙය සාමාන්‍ය එදිනෙදා භාවිතයට සුදුසු ෆොන්ට අඩංගු වේ.
නමුත් මට හැ‍‍ඟෙන පරිදි මෙම ෆොන්ට පවා භාවිතයට ප්‍රමාණවත් මදිය. ඒ එහි අනෙක් සිංහල යුනිකේත ෆොන්ට වාගේම ඒකාකාරී බවක් ගනී. නමුත් ආරම්භයක් වශයෙන් මෙම “භාෂිත” ෆොන්ට පෙලද වටී. එහෙත් විවිධාකාර විචිත්‍ර සිංහල යුනිකේත ෆොන්ට අප සතුව නැත. අතලොස්සක් එවැනි ෆොන්ට තිබුණද මිල අධිකය. කෙසේ හෝ වචිත්‍රවත් ෆොන්ට අපට සාදා දේ නම් ගොඩක් වටී. එසේම සිංහල යුනිකේත අනුගත අක්ෂර රටා සාදන සැටි කියා දේනම් නවකයන්ට අත්වැලක් වනු ඇත.

ආයුබෝවන්!

අද මම හරි හමන් විදිහට බ්ලොග් අඩවියක් පටන් ගත්තා. ඔන්න ඉතින් මමත් සයිබර් අවකාශයේ දින පොතක් ඇරඹුවා.හැබැයි මේක මගේ දෙවන ලිපියයි. මොකද මම කලිනුත් එකක් ලියලා තිබ්බා.(බලන්න) කොහොම හරි ඉතින් මගේ Talks (දැන් Shiroshan Randika's Blog) බ්ලොග් අඩවියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ඉදිරියේදී අර්ථවත් ලිපි පෙළක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ වටිනා අදහස් ඉතා වැදගත්ය.
Tuesday, September 1, 2009
Posted by Shirosh
Tag :

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -