Archive for 2010

ලබන්නාවු නත්තලට සහ අවුරුද්දට සුභ පැතුම්!

මම මේ ලියන්නේ 2010 වසරේ මම ලියන අවසාන බ්ලොග් ලිපියයි. මේ ලිපිය කලින්ම ලියලා දාන්න හිතුණා. ඉතින් 2010 වසර තුළ ගොඩක් දේ සිද්ධ වුණා. විශේෂයෙන් මගේ උසස් පෙළ දිවිය පටන් ගත්තෙත් මේ අවරුද්දේ. ඒ වගේම නත්තලත් දැන් අත ළඟ. නත්තල් උත්සවය කියන එක දැන් බොහෝවිට වාණිජකරණයට වෙලා. නත්තල් සීයා වෙළඳ සංකේතයක් බවට පත් වෙලා. නගරය, වීදිය, රූපවාහිනිය හා අන්තර්ජාලය නත්තල් වෙස් අරගෙන. නත්තල ළඟ ‍එනවා  කියලා හැමෝම කෑගහනවා. මේ විදයට සමරන නත්තල 18වන ශතවර්ෂයේ ඉඳලා ක්‍රමයෙන් වර්ධනය වූ උත්සවයක් කියලා කියන්න පුළුවන්. අද වාණිජකරණය සැබෑ ක්‍රිස්තු උප්පත්තියකට අභියෝග කරනවා. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පිළිබඳව අවධානය අඩු වෙලා. විශේෂයෙන් කතෝලිකයෝ හැටියට මීට වඩා අධ්‍යාත්මික වර්ධනයක් ගැන හිතන්න ඕනේ. අනෙක් අතට ක්‍රිස්තියානි නොවන අය පවා අද නත්තල් සමරනවා. ඒක සමහර විට අර්ථශුන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට නත්තල ගැන  අධ්‍යාත්මිකව ගැඹුරු අවබෝධයක් නොලැබෙන හින්දා. හැබැයි ඒගොල්ලොත් කැමැත්තක් දක්වනවා නත්තලේ උත්සව සිරිය අත් දකින්න. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ නත්තල කියන්නේ සැබෑ අධ්‍යාත්මික වෙනසකට මුල පුරන සමයක්. ඒක නිසා වාණිජකරණයට හසු නොවී ඉන්න වගා බලාගන්න ඕනේ. කොහොම හරි ළඟ එන නත්තලට මගෙන් සුභ පැතුම්. සාමයේ අරුණලු උදාවන සැබෑ අධ්‍යාත්මික වෙනසකට මුල පුරන සුභ නත්තතලක් වේවා!


නත්තලත් ඉවර වුණා කියමුකෝ ඉතින් ඊට  පස්සේ අලුත් වසරක්! කාලය කියන දේ සාපේක්ෂයි කියන එක හරි. මට සාපේක්ෂවනම් දැන් කාලය ගලා යාම  වේගවත් වෙලා. අනිත් අයටත් එහෙමද දන්නේ නෑ. කොහොමත් හෙට දවසට අදම සූදානම් වෙන එක තමා සුදුසුම දේ.  ලබන්නාවූ නව වසර සඳහාත් මගෙන් සුභ පැතුම්! එහෙනම් ලබන වසරේදී හමුවෙමු. ස්තූතියි෴
Monday, December 20, 2010
Posted by Shirosh

ලංකාවේ DNS අවුල

මම මේ ගැන දාන්න හිටියේ මාස දෙකකට විතර ඉස්සෙල්ලා. නමුත් කාර්යබහුලත්වය නිසා මේ ලිපිය ලියන්න අතපසු වුණා. මට මේ ගැටලුවට මුහුණ දෙන්න වුණේ Vidyawa.com නිසයි. දැන්නම් ගැටලුව කොහොම හරි විසඳිලා තියෙන්නේ. මේකයි ගැටලුව වුණේ.  SLT ADSL සහ Mobitel Broadband වලින් අන්තර්ජාලයට එන පිරිසට vidyawa.com අඩවිය නොපෙනීම. මගෙ අන්තර්ජාල සම්බන්ධතාවයත් Mobitel Broadbandම තමා. මම යන්තම්  ප්‍රොක්සි සර්වර්   ගැන දැනගෙනන හිටිය හින්දා පොක්සි අඩවි කිහිපයකට ගිහිල්ලා ඒ ඔස්සේ vidyawa.com වෙත පිවිසුණා. එතකොට වෙබ් අඩවිය හොඳට වැඩ කළා. ඉතින් මේක මට ලොකු ප්‍රශ්නයක් වුණා.
පළමු දිනයේදී

කලින් මම හිතාගෙන හිටියේ Blogspot වලට කස්ටම් ඩොමේන් දාද්දි විතරයි මේ ලෙඩේ එන්නේ කියලා. බලගෙන යන්නකොට Wordpress Self-Hosted වලටත් ලෙඩේ ඇවිල්ලා. බැරිම තැන මම මේ ගැන කෙලින්ම Web Hosting ආයතනයෙන් ඇහුවා. ඒගොල්ලෝ කිව්වා. මේක ඒගොල්ලන්ගේ අවුලක් නෙමේ කියලා. අන්තිමේදී මේක මට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද වෙබ් අඩවිය යාවත්කාලීන කරගන්නවත් විදියක් නෑ. ප්‍රොක්සි අඩවියක් හරහා ලොග් වුණත් ඒක එච්චර සුදුසු දෙයක් නෙමේ. අන්තිමේදී ආයේ පාරක් Web Hosting ආයතනයට කතා කරලා ඇහුවා මොනාද කරන්න ඕනේ කියලා. එතකොට කිව්වා මේක SLT සහ  Mobitel දෙගොල්ලන්ගේ DNS අවුලක් කියලා. ඍජුවම ඔවුන්ගේ පරිභෝගික සේවාව අමතලා මේ ගැන කතා කරලා විසඳගන්න කිව්වා.

පළමූ දිනයට දින දෙක තුනකට පසු

ඔන්න ඉතින් මම මුලින්ම SLT පාරිභෝගික සේවාව ඇමතුවා. මට නම් ඔවුන්ගෙන් මේකට ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා හිතුවෙම නෑ. ඉතින් කතා කරලා බොහොම අමාරුවෙන් මගේ ප්‍රශ්නය පැහැදිලා කරලා දුන්නා. වැඩි වෙලාවක් ගියේ නෑ මට SLT Data Centerහි දුරකථන අංකයක් දීලා කිව්වා මේකට කතා කරන්න කියලා. ඊට පස්සේ ඒ දුරකථන අංකයට කතා කරලා ආයේ පාරක් කිව්වා  විස්තරේ. මෙන්න එකපාරටම කිව්වා අපිට DNS සම්බන්ධව කිසිවක් කරන්න බෑ කියලා. DNS ප්‍රශ්න පිළිබඳව කතා කරගන්න කියලා තවත් දුරකථන අංකයක් ලබා දුන්නා. ඊට පස්සේ ඒකටත් කතා කරලා කිව්වා විස්තරේ. පස්සේ මගෙන් ඇහුවා SLT ADSLද තියෙන්නේ කියලා. මම කිව්වා මගේ මොබිටෙල් තියෙන්නේ කියලා. එහෙනම් SLT ADSL තියෙන කෙනෙක්ට 0112021653 යන දුරකථන අංකය දීලා  එයා ලව්වා පැමිණිලි කරවන්නත් කිව්වා. මම ඉතින් ඒ වෙලාවේ මගේ GTalk එකේ ඔන්ලයින් හිටිය දෙනේනෙක්ට කියලා අර දුරකථන අංකයටම පැමිණිලි කෙරෙව්වා. ඒ දෙන්නටම vidyawa.com කියලා වෙබ් අඩවියක් නෑ කියල මඟ හරවලා.මටත් දැන් මාර අප්සට්.

මේපාර මමම කතා කරලා කොහොම හරි විසඳගන්නවා කියලා SLT DNS අංශයට කතා කළා. කිව්වා විස්තරේ. මෙන්න එකපාරටම කිව්වා vidyawa.com කියලා ඩොමේන් නාමයක් නෑ කියලා. එතකොට මම කිව්වා ප්‍රොක්සි අඩවියකින් ගිහිල්ලා බලන්න කියලා. ඒ කිව්වට අහන්නේ නෑ. මට කියනවා ඒගොල්ලන්ට vidyawa.com කියලා වෙබ් අඩවියක් වැඩ නෑ කියලා. ඉතින් කතාව ඇත්ත. SLT ADSL අයට පෙන්නේ නෑ තමයි. පස්සේ මට ඒ කතා කරපු එක්කෙනාගේ ඉ-මේලි ලිපිනය දීලා කිව්වා. vidyawa.com පෙන්වන ප්‍රොක්සි වෙබ් අඩවියේ ලිපිනය මේල් කරන්න කියලා. ඉතින් මම ඔක්කොම විස්තර ටික මේල් කළා. (මේ වෙද්දිත් නොකඩවා විනාඩි 10ක් පමණ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා හිටියේ) පස්සේ එයා කිව්වා "මල්ලී පොඩි අවුලක්. ඉන්න ටිකක්". ඉතින් හිටිය තව විනාඩි 4ක් විතර. ඔන්න එකපාරටම කිව්වා "දැන් vidyawa.com වැඩ" කියලා. ඇති යාන්තම් ලෙඩේ හදලා. ඉතින් මමත් තව කතා කරන්න ගියේ නෑ. ස්තූතියි කියලා තිබ්බා.

ඉතින් ඊට පස්සේ  දන්න SLT ADSL තියෙන එක්කෙනෙක්ට කිව්වා vidyawa.com වැඩඩ කියලා බලන්න කියලා. කිව්වා වැඩ කියලා.දැන් හිතට පොඩි සහනයක් ආවා..

ඔන්න දැන් දෙවැනි මෙහෙයුමත් පටන් ගත්තා. මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් DNS අවුලත් SLT වගේ විසඳගන්න පුළුවන් වෙයි කියලා ඒ වෙනකොට මට විශ්වාසයක් ගොඩනැගිලායි තිබ්බේ. තව දෙයක් මොබිටල් බ්‍රෝඩ්බෑන්ඩ්වල vidyawa.com පෙන්නුවේ නැති උනාට Mදbitel GPRS වල වැඩ. ඒවගේම දවසේ එක වෙලාවකට(පැය දෙක තුනක් විතර) vidyawa.com දකින්න පුළුවන්. අනිත් වෙලාවට වෙබ් බ්‍රවුසරයේ Error Loading.... තමයි. අනේ මන්දා!

ඉතින් ඔන්න මොබිටෙල් පාරිභෝගික සේවාව ඇමතුවා. ඔන්න මුලින්ම ඇඩ් එකක් කියවනවා හෙන වෙලාවක්. ඊට පස්සේ පාරිභෝගික සේවා නිළධාරියෙක් සමඟ කතා තිරීමට මොකක්ද අංකයක් ඔබන්න කිව්වා. ඒක ඔබලා නැවත හෙන වෙලාවක් බලන් හිටියා. පසුබිමින් මිහිරි සංගීත වාදනයක් යනවා. ඒ එක්කම කියනවා. "පාරිභෝගක සේවා නිළධාරියෙක් හා සම්බන්ධ වීමට ඔබව පෙළ ගැසෙමින්'..." තියෙනවා කියලා. මං හිතන්නේ මම විනාඩි 5කට වඩා හිටියා. ඒත් ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන තිබ්බා. දෙවැනි පාරත් ගත්තා. ඒ පාර නම් එක්කෙනෙක් එක්ක කතා කරන්න හම්බ වුණා. ඒත් විනාඩි කිහිපයක් නාස්ති කරන්න වුණා. කිව්වා විස්තරේ, මට තේරුණ විදියට මම අහපු ප්‍රශ්නය මින් පෙර ඒ කෙනොගෙන අහලා නෑ වගේ. එයා කියනවා. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට පුළුවන්නම් එතැනින් එහා දෙයක් කරන්න බැඳිලා නෑලු. වෙබ් අඩවි නොපෙනීම සම්බන්ධව ඒගොල්ලන්ට මොනවත් කරන්න බැරිලු. ඉතින් ඊට පස්සේ මම කිව්වා මේ ලෙඩේ SLT අයටත් තිබ්බා. හැබැයි මම ඒගොල්ලන්ට කියලා හදාගත්තා කිව්වා. ඒ වගේ කතා කරලා විසඳගන්න මොබිටෙල් තුලත් වෙනම දුරකථන අංකයක් තියෙනවද කියලා ඇහුවා. එතකොට එහෙම මොනවත් කරන්න බෑ. ඕනේනම් Mobitel General Hotline(0112330550) එකට කතා කරලා බලන්න කිව්වා.

ඉතින් ඔන්න ඒකටත් කතා කළා. හැබැයි ඒකේදී අනෙක් අංකයේ වගේ ඇඩ් කියවෙව්වේ නෑ. කෙලින්ම පාරිභෝගික සේවා නිළධාරියෙක් සම්බන්ධ කරගන්න පුළුවන් වූණා. ආයේ පාරක් ප්‍රශ්නය යොමු කළා. මේ වගේ තාක්ෂණික ප්‍රශ්න කතා කරගන්න පුළුවන් සතියේ දිනවල උදේ 8.00ත් සවස 5.00ත් අතර කාලය තුළ පමණයි කිව්වා. ඒ වෙනකොට වෙලාව සවස 6.00ත් පහු වෙලා. ඉතින් මම හෙට කතා කරන්නම් කියලා දුරකථනය තිබ්බා.

පළමු දිනයට දින හතරකට පසුව

ඔන්න පහුවදා සවස 3.00ට විතර කතා කළා Mobitel General Hotline එකට. කිව්වා මෙන්න මෙහෙමයි මම කලින් කතා කළා. මේ වෙලාවට කතා කරොත් ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ප්‍රශ්නය යොමු කළා. ඔන්න එක පාරටම කියනවා. එහෙම වෙනම තාක්ෂණික අංශයකට යොමු කරන්න බෑ. පුළුවන්නම් ළඟ තියෙන මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ගිහිල්ලා කියන්න කියලා.

පළමු දිනයට සතියකට පමණ පසු

ඔන්න මම මීගමුවේ පංති යන වෙලාවක මොබිටෙල් මධ්‍යස්ථානයට ගිහිල්ලා කිව්වා විස්තරේ. මාව යොමු කරෙත් මොබිටෙල් පාරිභෝගික සේවාවෙන් කියලා කිව්වා. එතකොට එතනින් එහෙම දේවල්නම් මෙතැනින් කරගන්න බෑ. කරගන්න තියෙන එකම තැන එක්කෝ කොළඹ යන්න වෙනවා නැත්නම් Mobitel General Hotline එකෙන් විසඳගන්න වෙනවා. කියලා. හැබැයි  එතන ඒ වගේ ප්‍රශ්න ගැන කතා කරන එක්කෙනත් ඇවිල්ලා හිටියෙත්  නෑ. කොහොම හරි ඒ වැඩෙත් හරි ගියේ නෑ.

ඊට පස්සේ ආයේ පාරිභෝගික සේවාව ඇමතුවා. කිව්වා විස්තර ඔක්කොම මුල සිට අගට. එ‍තකොට පැමිණිල්ලක් දාන්නම් කියලා මගේ දුරකථන අංකයත් ඉල්ල ගත්තා. එතකොට මගේ දුරකථනයට කොටි පණිවුඩයක් ආවා පැමිණිලි අංකයකුත් එක්ක. ලෙඩේ හැදුවට පස්සේ මොබිටෙල් එකෙන්ම කෝල් කරන්නම් කිව්වා. ඒ පාර වැඩේ හරි කියලා සති දෙක තුනක් බලං හිටියා.

පළමු දිනයට සති දෙකකට පසුව.

ඔන්න දවසක් දවල් එක පාරටම කෝල් එකක් ආවා. බැලින්නම් මොබිටෙල් එකෙන්. කිව්වා vidyawa.com අවුල විසඳුවා කියලා. ආයේ ප්‍රශ්නයක් වුණොත් කතා කරන්න කියලත් කිව්වා. ඉතින් දුරකථනය තියලා සතුටු සිතින් vidyawa.com කියලා ගහලා බැලුවා. කෝ වැඩ නෑ. ආයේ දේතුන් සැරයක් බැලුවා ඒත් වැඩ නෑ. පස්සේ දන්න මොබිටෙල් භාවිතාකරුවන් දෙතුන්දෙනෙක් ලව්වා බැලුවා ඒත් වැඩ නෑ. ඔන්න ආයේ පාරක් කතා කරලා කිව්වා විස්තරේ මුල සිට අගට. පැමිණිල්ල අලුත් කරන්නම් කියලා මගේ දුරකථනයට තව කෙටි පණිවුඩයක් ආවා නව පැමිණිලි අංකයකුත් එක්ක. දැන් ඉතිං ආයේ පාරක් කෝල් එකක් දෙනකම් බලන් ඉන්න වෙනවා.

ඉතින් ඔය විදියට මාසයක් පුරාවට වගේම vidyawa.com හි වැඩ කටයුතු අඩපණ වෙලා තිබුණා. අනෙක් හැමෝටම පෙනුණත් මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් තිබිච්ච මට vidyawa.com පෙනුණේ නෑ. ඉතින් ඔය අතරේ Open DNS භාවිතා කරලා බලන්න හිතුණා. ඒත් Mobile BroadBand වලට Open DNS හරියට වැඩ නැතිලු. ඒ වැඩෙත් අසාර්ථක වුණා.

කොහොම හරි මං මුහුණ පාලා තිබුණ මේ ගැටලුව දැකලා Web Hosting ආයතනයෙන් වෙන Unlimited සර්වරයකට මාරු වීමක් දුන්නා. මොකද ඒගොල්ලන්ටත් ඒක ප්‍රශ්නයක් වෙලයි තිබු‍ණේ. ඉතින් මට ආයේ පාරක් අලුතෙන් ගොඩනගන්න වූණා. හොඳ වෙලාවට පරණ Backups ගන්න පුළුවන් වූණේ. ඉතින් දැන් ෂෝක් එකට මොබිටෙල් ඇතුළුව සියලු අන්තර්ජාල සබඳතාවයන් ඔස්සේ Vidyawa.com වෙත පිවිසිය හැක.

මම මේ ගැන දැනගන්න ලැබුණ විදියට ලංකාවේ එක් IP ලිපින පරාසයක් SLT සහ මොබිටෙල් අනාගෙන ඇත. ඒ පරාසය තුළ පිහිටි සියලු වෙබ් අඩවි වලට SLT ADSL සහ Mobitel  Broadband වලින් පිවිසීමේදී මේ ගැටලුවට බොහෝ විට මුහුණ පාන්නට සිදු වේ. ඉතින් අපිට මේකට කෙලින්ම Web Hosting ආයතනයට චෝදනා කරන්නත් බෑ. මොකද Dialog, Airtel, LankaBell  සහ අනෙකුත් අන්තර්ජාල සබඳතාවල හොදට වැඩ නම් ඇයි SLT, Mobitel වල විතරක් වැඩ නැත්තේ? ඔවුන් මේ විදියට තනි තනිව පැමිණිලි කරනකම් බලන් ඉන්නේ ඇයි? ක්‍රමානුකූලව මේ සමස්ත ප්‍රශ්නයම විසඳලා දෙන්න බැරි ඇයි?

ඒ වගේම තව දෙයක්. SLT තුළින් මේ ප්‍රශ්නය එක් දවසකින් විසඳාගත හැකි වුවද Mobitel තුළින් මේ සඳහා සති ගණනක් පුරාවට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. සමහර විට ඔවුන් ඒ ප්‍රශ්නය පස්සේ විසඳුවාද දන්නේ නෑ. දැන් එසේ විසඳුවද වැඩක් නෑ. මොකද දැන් vidyawa.com කොහොමත් වැඩ. ඉතින් මොබිටෙල් ගැන මටනම් කියන්න තියෙන්නේ එගොල්ලන්ගේ පාර්භෝගික සේවාව තවදුටරත් හොඳින් දියුණු කළ යුතුයි. මම මේ ප්‍රශ්නයට කතා කරලාම රූ100කටත් වඩා වැඩියෙන් දුරකථන ගාස්තු සඳහා වියදම් වෙන්න ඇති. ඉන් බහුතරයක්ම පාරි‍භෝගික සේවා අමතලා.

අලුතෙන් ඩොමේන් නාම සහ වෙබ් හොස්ටින් සේවා ලබා ගන්න ඉන්න කට්ටියටත් උපදෙස් ටිකක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ යම් Web Hosting ආයතනයකින් Web Hosting මිලදී ගැනීමේදී ඒවා ලංකාවේ සෑම අන්තර්ජාල සබඳතාවයකටම වැඩද කියලා බලන්න. නැත්නම් පස්සේ හෙන කට්ටක් කන්න වේවි. පිටරටනම් මේ වගේ ගැටලු නැතුව ඇති. බැරිවෙලාවත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් බය නැතුව මම ඉහත දක්වලා තියෙන දුරකථන අංක වලට පැමිණිලි කරන්න.මොකද අපි මසකට යම් පිරිවැයක් දරමින් අන්තර්ජාල සේවා සපයන්නාට ගෙවන්නේ නිකන්ම අන්තර්ජාල සබඳතාවයක් ලබාගන්න විතරක් නෙමේ. ඒ සබඳතාවයත් එක්කම හොඳ ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාගන්නයි.

ඉතින් මම මෙච්චර දිගු කතාවක් ලිව්වේ ඔබව මේ ගැන දැනුවත් කරන්න ඖනේ හින්දයි. ඒ වගේම vidyawa.com අඩවිය ඒ ඒ අන්තර්ජාල සබඳතා තුළ ක්‍රියාත්මක වෙනවාදැයි පරීක්ෂා කර දුන් වැප්, දේදුනු ඇතුළු ඔන්ලයින් මිතුරන්ටත් ස්තූතියි. අවසානයේ ප්‍රශ්නය විසඳලා දුන් ewebcities හි නිරුත් සොයුරාටත් ස්තූතියි.෴

පළමු විභාගෙන් පස්සෙන්

ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමා බ්ලොග් ලිපියක් ලියන්නේ. තව සතියක් විතර නොලියා හිටියොත් බ්ලොග් කියවන අඩවි වලින් මගේ බ්ලොගය ඉවත් වෙන්න පුළුවන්. ඒක හින්දයි මේක ලියන්න හිතුවේ. හැබැයි ඒ හින්දමත් නෙමේ. තව කියන්නත් ගොඩක් දේ තියෙනවා.


ඉතින් හා හා පුරා කියලා උසස් පෙළදී හමුවෙන පළමු වාර විභාගෙටත් මුහුණ දුන්නා. විභාගේ ගැන කියනවනම් හිතපු තරම්ම සාර්ථකත්වයක් ලබාගන්න බැරි වුණා. භෞතික විද්‍යාව, ඉංග්‍රීසි සහ GIT වලටනම් උඩින්ම ලකුණු තියේවි. අනිත් දෙකනම් සමත් වීමම ලොකු දෙයක්. කොහොම හරි ඒකේන් කියවෙන්නේ මම මහන්සි වුණා මදියි කියන එක. මීට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. අද ඉස්කෝලේ නිවාඩුත් හම්බවුණා. කොහොම හරි මේ දෙසැම්බරයේ අර දුන්න ප්‍රශ්න පත්‍රවලට ආයේ පාරක් ලියලා 99.9% ක ලකුණු මට්ටමක් කරා ඒමට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ ව්‍යාපෘතියත් මේ මාසේදී හැකි පමණින් ඉවරයක් කරන්න ඕනේ. පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම තමා ව්‍යාපෘතිය. කොහොමත් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ හොඳ අත්දැකීම් ටිකක් Vidyawa.com අඩවිය නිසා ලැබුණා. 

විද්‍යාව.කොම් අඩවිය ගැනත් ඕගොල්ලෝ මේ වෙද්දී දන්නවා ඇති. 2010 වසරේ හොදම සමූහ බ්ලොග් අඩවිය ලෙද විද්‍යාව.කොම් සිංහල බ්ලොග්කරණ තරගාවලියේදී සම්මනයට පාත්‍ර වුණා. ඒ අංශයෙන් සම්මානයක් හම්බ වේවි කියල මම හිතුවේ නෑ. නමුත් කිහිප දෙනෙකු මේක ඇඟයීමකට ලක් කරලා තිබුණ හින්ද සම්මානය ගැන පුංච් බලාපොරොත්තුවක් තිබුණා. සම්මානය ගැනනම් ගොඩක් සතුටුයි. එහි ස්තූති කතාව මෙතැනින් කියවන්න පුළුවන්. කොහොම වුණත් සම්මානය හිමි වුණේ තනි මට නෙමේ. විදයාව.කොම් වෙනුවෙන් දායක වුණු හැමෝටමයි.

සම්මානය ලැබුණු දවසත් අමතක නොවන දවසක්. "අසෙනිය කුසුම" උත්සවයේ අන්තිම හරියේදී තමා සම්මානය ගන්න අවස්ථාව ලැබුණේ. සම්මානය අරගෙන ඉවර වෙලා රාජකීය විද්‍යාලයෙන් එළියට බහින්න හදද්දීම මහ වැස්සක් කඩා පාත් වුණා. හැබැයි අසෙනිය කුසුමට ඒ පාර ඒකෙන් බාධාවක් වුණේ නෑ. මොකද ඒ වෙනකොට උත්සවයේ අවසානය ළඟා වෙලයි තිබුණේ. කොහොම හරි ඒකෙන් සිංහල බ්ලොග්කරුවන් කිහිප දෙනෙකේවත් දැකගන්න ලැබුණා. සුදාරක, මුචලින්ද , ආගන්තුකයා, පිටස්තරයා, malee_msgමලින්ත ... සමහර අයගේ නම් නම් මතක නෑ. වැඩිය කතා කරන්න හම්බ වුණෙත් නෑ. මම වැස්ස නිසා අයියත් එක්ක යන්න ගියා. වැස්සට තෙමිලා මෝටර් බයිසිකලයත් වැඩ ක‍රෙත් නෑ. හෙන කට්ටක් කෑවා. පස්සේ කොහොමෙන් හරි ගොඩ ආවා. අන්තිමේදී රෑ 9.00 විතර වෙද්දී ගෙදර ආවා.

ඉතින් ඔන්න ඔහොම තමා සිද්ධි ටික. අන්තර්ජාල භාවිතයනම් දැන් ගොඩක් අඩු කරන්න වෙයි ඉදිරියට. නමුත් කොහොම හරි බ්ලොගය පැත්තෙත් ඇවිල්ලා යන්නම්. ආ.. තව දෙයක්. විද්‍යාව.කොම් පවත්වාගෙන යාමට කවුරුහරි දායක වෙන්න කැමතිනම් කියන්න. තාක්ෂණිකව හරි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. නිතරම යාවත්කාලීන කිරීම තනිවම කරනන අමාරුයි. මොකද තාම කණ්ඩායමට කිහිප දෙනයි ඉන්නේ. කොහොමත් මම ඒක තව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැනට නවතින්නම්.෴

කාලය රන් හා සමානයි!




"කාලය රන් හා සමානයි" කියලා අපි පොඩි කාලේ අහලා තියෙන දෙයක්. පොඩි කාලේ ඒක එච්චර ඇඟට දැනුණේ නැති වුණාට ලොකු වෙනකොට තමයි ර‍‍ඟේ තේරෙන්නේ. මම එහෙම කිව්වේ ‍මට නම් දැන් දවසකට තිබිය යුතු කාලයත්(පැය විසි හතර) මදියි වගේ. උසස් පෙළත් සමඟ මම සිතින් කාර්යබහුල වෙලා. ගණන් දෙක තුනක් හදලා කාලා බීලා හිටියම දවසම යනකම් තෙරෙන්නේ නෑ. අනික නිදි මරලා පාඩම් කරන එක මට කොහොමටවත් පුරුදු නැති දෙයක්. ඒත් මම ඒක අත්හදා බලන්නයි ඉන්නේ.(කවදා කෙරෙයිද දන්නේ නෑ)  කොහොමවුණත් අධ්‍යාපනයත් එක්ක කාල කළමණාකරණය කියන එක ගොඩක් වැදගත්. කාලය කළමණාකරණය කරගන්නකොට තමයි අර මුල් වාක්‍යය මතක් වෙන්නේ.

කොච්චර වැඩ අස්සේ වුණත් අන්තර්ජාලයට ගොඩ වඳින්නනම් අමතක වෙන්නෙම නෑ. ජීමේල්, ගූගල් රීඩරය, ෆේස්බුක්, විද්‍යාව.com යන ලැයිස්තුවනම් වරදින්නෙම නෑ.,  ඒක හරියට ඇබ්බැහි වීමක් වගේ. මොන දේට ඇබ්බැහි වුණත් පාලනය වැදගත්. ඉතින් පාලන, වාරණ, නියාමන ඔක්කොම කරගෙන මේ අවුරුදු දෙකාමාර කොහොමහරි ගෙවන්න වෙනවා. මේ බ්ලොගය වුණත් ලියන්න කම්මැලිකමේ හිටියේ. ඒත් බ්ලොග් කෙරුවාවනම් අත්හරින්න හිතක් නෑ. හිතේ ගොඩක් දේ තියෙනවා ප්‍රකාශ කර ගන්න බැරි. ඒවා එළියට දාගන්න තියෙන හොඳම තැනක් තමා බ්ලොගය. හැබැයි සමහර වෙලාව කියන්න ගොඩක් දේ තිබුණට ඒ දේවල් ලියන්න කම්මැලියි.

කොහොම හරි විද්‍යාව.com(vidyawa.com)අඩවියත් කරගෙන යන ගමන් මගේ මේ බ්ලොගයත් ඉංග්‍රීසි බ්ලොගයත් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. එහෙනම්  දැනට නවතින්නම්෴

කලකට පස්සේ නැවතත්

ගොඩ කාලෙකට පස්සේ තමයි මම ලියන්නේ. අන්තිමට ලිව්වෙ ගිය මැයි මාසයේ. මාස 4ක පමණ කාලයක් තුල සිදු වු දේ ගොඩක් තියෙනවා. මාස 3ක් තුල මගේ බ්ලොගය යාවත්කාලීන නොකිරීම නිසා සිංහල බ්ලොග් කියවනයෙන්ද කොත්තුවෙන්ද ඉවත් කෙරුණා. නමුත් දැන් ආයෙත් එම බ්ලොග් කියවන දෙකටම එකතු වුණා. ඒ වගේම තවත් සුවිශේෂි දෙයක් තියෙනවා. මම මගේ බ්ලොගයේ නම ටිකක් වෙනස් කළා. ඒ අනුව අලුත් නම තමා රන්දිකගේ සිත් සටහන්. තවදුරටත් රන්දිකගේ Talks නම භාවිතා කළ යුතු නෑ. නම වෙනස් කළේ තේරුමක් ඇතිවයි. ගෙවී ගිය මාස කිහිපයේ මම තීරණය කළා බ්ලොගය හැකිතරම් සරලව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ සරල චාම් බ්ලොග් අඩවියක් තුළ හොඳ අන්තර්ගතයක් පවත්වාගෙන යන්නයි හිතුවේ. සිංහල බ්ලොගයක් නිසා සම්පූර්ණයෙන් සිංහල සරල නමක් යෙදුවේ ඒ නිසයි.

ඉතින් දැන් ඉතින් මගේ ජීවිතයට බොහොම කාර්යයබහුල කාලයක් උදා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මම දැන් උසස් පෙළ කරන සිසුවෙක්. ඉතින් උසස් පෙළ කරන ගමන් මගේ බ්ලොග් අඩවියත් පවත්වාගෙන යනවා. හැබැයි අධ්‍යාපනයට මුල් තැන දෙන්න වෙනවා.


තව දෙයක් !මගේ අනුමානය හරිනම්  මගෙ බ්ලොග් අඩවියට මේ මසේදී අවුරුද්දක් පිරෙනවා. බ්ලොගය පටන් අරගෙන ගොඩක් කල්වුනත් සිංහලෙන් පිළිවෙලකට ලියන්න ගත්තෙ ගිය අවුරුද්දේ. ඉතින් හරියට පටන් ගත්ත දිනයක් කියන්න අමාරුයි. කෙසේ හෝ වේවා මෙතෙක් කල් මගෙ බ්ලොගය කියවපු ප්‍රතිචාර එක් කරපු සියලු දෙනාටම ස්තුතියි! ඒ වගේම මේ අවුරුද්දක කලය තුල සිංහල යුනිකෝඩ් භාවිතා කරන සොයුරු සොයුරියන් ගොඩ දෙනෙක් දැන හදුනගත්තා. ඒ හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි!

එහෙනම් නැවත හමුවෙමු෴
Wednesday, September 29, 2010
Posted by Shirosh
Tag :

සිංහල අපේ නමේ මුලකුරු

අද මම කියන්න යන මාතෘකාව ගැන කාලයක් ලක්බිම පුවත්පතේ සංවාදාත්මක ලිපි පෙළක් ගියා. ඉතින් මම හිතුවා ඒ මාතෘකාව බ්ලොග් අවකාශයටත් ගෙන එන්න ඕනේ කියලා. සෑම මනුස්සයෙක් සඳහාම ඔහුට ආවේණික නමක් තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ නමේ ස්වභාවය තීරණය වෙන්නේ  ඔහු/ඇය ජීවත් වන සංස්කෘතික සහ භාෂා වටපිටාව අනුවයි. හැමෝටම එක නමක් තිබ්බට මදි. මොකද එකම නම තියෙන අය ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට නම් ගණන දෙකක් හෝ ඊට වැඩි වෙනවා. මෙසේ නම් ගණන වැඩි වෙනකොට අපිට ඕක කොහේ හරි ලියන්න ගියාම හෙන වදයක් වෙනවා. ඒ වෙලාවට අපි නමේ මුල් කොටස(බොහෝ වෙලාවට වාස ගම) කෙටිකර අවසාන කොටස විතරක් ලියනවා.

උදාහරණයක් විදියට කිරිවැල්ලේ මුදියන්සලාගේ දොන් මංජුල ප්‍රසාද් යන නාමය අපි සාමාන්‍යයෙන් ලිවීමට පුරුදු වෙලා තියෙන්නේ K.M.D. මංජුල ප්‍රසාද් ලෙසටයි තවත් විටෙක අග නම පමණක් ඉතුරු වෙන්නට අනෙක් මුල් කොටස් වලට මුල අකුරු දානවා. එතකොට ඉහත උදාහරණය අනුව ලියවෙන්නේ K.M.D.M. ප්‍රසාද් ලෙසටයි. ඉතින් ඔය විදියට තමා අපි නම ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. 

දැන් අපි ඉහත ලියපු උදාහරණය දිහා ‍හොදට බලන්න. එහි මුලකුරු තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්. අග කොටස තියෙන්නේ සිංහලෙන්. ඔතන තමා ප්‍රශ්නය මතු වෙන්නේ. ලියන්න හදන්නේ සිංහලෙන්. ඒ වුණාට මුලකුරු ලියන්නේ ඉංග්‍රිසියෙන්. එතකොට ඉහත උදාහරණය මෙහෙමයි ලියවෙන්නේ Kiriwelle Mudiyanselage Don Manjula ප්‍රසාද් ලෙසයි. බලන්න එතකොට බාගයකටත් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන්. නමුත් සිංහලෙන් අග නම ලියලා. ඔන්න ඔහොම තමා බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාව ඕනෑම තැනක ලියන්නේ. ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නේ සිංහලෙන් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් සිංහලෙන්ම ලිවිය යුතුයි. ඒ හැර අන් භාෂාවකින් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් එම භාෂාවෙන් ලිවිය යුතුයි. ඒ අනුව ඉහත උදාහරණය K.M.D.M. Prasad කියා ඉංග්‍රීසියෙන් ලිවීම වඩාත් සුදුසුයි. කාට හරි මේක අපේ සිංහල භාෂාවෙන් ලියන්න ඕනේ නම් එය කි.මු.දො.ම. ප්‍රසාද් ලෙස ලිවිය විය යුතුයි. එයයි නිවැරදි ක්‍රමය. අපි කලින් පුරුදු වෙලා හිටිය ක්‍රමය අනුව මගේ නම කියනව නම් S.S.R. සිල්වා. සම්පූර්ණ සිංහලෙන්ම ලියනවනම් සි.ශි.ර. සිල්වා. (ඒ නමෙත් පොඩි ගතියක් තියෙනවා)
මම හිතන්නේ දැන්  අපි හැමෝම දන්නවා නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. සමහරවිට මේ විදියට අපි මෙතෙක් කල් ලිව්වේ අපේ නොදැනුවත්කම නිසා වෙන්න ඇති. සමහර විට දැන දැනම වෙන්න ඇති. සමහරු කියන්නේ  බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ උරුම වූවක් අද දක්වා විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ ක්‍රමේට පුරුදු වෙන්න ඇති කියලා. ඒ කොහොම වුණත් දැන් අපි මේ වැරැද්ද හඳුනා ගත්තා.

දැන් මේක දිහා අපි තව පැත්තකින් බලමු. මෙන්න මේ උදාහරණය බලන්න. කෑගළුගේ දඹරගල රණවීරලාගේ තිළිණ ගුණරත්න. මේ නම අපේ සිංහල ක්‍රමේට ලියූ විට කෑ.ද.ර. තිළිණ ගුණරත්න ලෙස වේ. කවුද කැමති තමාගේ නම ඉස්සරහ මේ වගේ උපහාසාත්මක වදනක් දාගන්න. ඇත්තටම එතන කෑ.ද.ර. යනු තනි වචනයක් නොවේ. එය තිත් යොදා කෙටිකළ නම් පෙළක්. නමුත් බැලූ බැල්මට එය පෙනෙන්නේ "කෑදර" යනුවෙන්. ඉතින් මේ වගේ තමාගේ නම ඉස්සරහින් අපහාස වචන නිර්මාණය වෙනවට කවුරුවත් කැමති නෑ. ඒක හින්දා සමහර අය සිංහල ක්‍රමේ අතහැරලා ඉංග්‍රීසි ක්‍රමේට මුලකුරු ටික ලියනවා. එතකොට අර වගේ විහිළුවක් සෑදෙන්නේ නැති නිසා. නමුත් මේ උදාරණය දෙස බලන්න. මාළඹේ ආරච්චිලාගේ දොන් සිරිපාල. මේක ඉංග්‍රීසී මුලකුරු වලින් ලිව්වොත් M.A.D. සිරිපාල. MAD වචනයේ සිංහල තේරුම සිහිවිකල් යන්නයි. සමහරවිට ඉංග්‍රීසි නොදන්නාකමට සමහරු ඒ ගැන නොසිතන්නට පුළුවන්. නමුත් සිරිපාල දැනගත්තොත් ඵ් වචනයේ තේරුම "සිහිවිකල්" කියලා ඔහු ඉංග්‍රීසියෙන් මුලකුරු ලියන එකක් නෑ. ඉතින් මෙහෙම බලපුවම එක එක අයට එක එක ගැටලු මතු වෙනවා.

නමුත් මේ සියල්ලටම එක් විසඳුමක් තියෙනවා. ඒ තමා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම. කු.රු. සෝමාවති යන නමේ මුලකුරු කාට හරි පුළුවන්නම් "කුරු" යනුවෙන් නොසිතා එය කෙටි කළ නම් පෙළක් පමණක් කියා සිතන්නට, එහි අර්ථය ඔහු/ඇය තුල මේ පිළිබඳව ආකල්පය වෙනස් කරගෙන ඇති බවයි. අද අපිට මේ සිංහල ක්‍රමේට මුලකුරු පාවිච්චි කරන ජනප්‍රිය දෙන්නෙක් ඉන්නවා. ඒ තමා දි.මු.ජයරත්න සහා වි.ජ.මු. ලොකු බණ්ඩාර යන අය. ඉතින් ශ්‍රී ලංකාවේ සැවොම ‍මේ පිළිබඳව යම් හෝ ආකල්පමය වෙනසක් ඇති කරගත් දාට අපිට අපේ මව්බසින් අපේ නමේ මුලකුරු ලිවිය හැක.

ඉතින් මම මේ ගැන ලිව්වේ මේ මාතෘකාව මගේ අදහසුත් අන් අයගේ අදහසුත් එකට සාරාංශගත කරලා. ඉතින් ඔබේ අදහසුත් මේ ලිපියට ලබා දෙන්න.
Saturday, May 15, 2010
Posted by Shirosh

After 17 years of my life...

I am Happy to say Now I have a own domain. It is shiroshan.info. I got that from LK Servers for a Special Offer. So I thank to LK Servers Company and SBU. I knew about this offer from Gayantha's Blog. So I have created a sub domain for this English Blog. It is eblog.shiroshan.info. And my Sinhala blog is blog.shiroshan.info. So now you can join with this 2 domains. I would like to thank all friends who are reading my blogs. Because if you weren't here I couldn't make success this  2 blogs.


Oops! I forget that. Majority friends don't know this secret. Because I don't talk about that. Actually Today is My birthday. Now I am 17 years old. I am going to be big one. When I remember my childhood memories, I feel sad. Because I can't touch that memories again. Anyway it is nature of life. Now I have to think about my Future. You know I am A/L Student. I hope to be a Computer Engineer. It is main target. And also I have to make good in my life.

Finally I would like to thank my parents, my brother, my relations, my friends & who are giving me their bless to grow up me. Thanks All of you again & Thank you father of God!
Monday, May 10, 2010
Posted by Shirosh
Tag :

මගේ අලුත් වසම සහ අලුත් වැඩ

ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!

ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.

දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!

ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ‍ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒ‍ක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා.  ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි! 

ඉතින්  දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴

Second Educational Boundary of My Life

We have to face many risks, problems and many boundaries in our life. We can't miss that things and we must face that. So I faced another educational boundary in the last year. It is G.C.E(O/L) exam. Sometimes some students says that it is a curse. Actually I am not really like this educational system. But I can't change it because I am not a Genius. Anyway we must not convert this to a curse. So we must understand that all situations and social behavior. Anyway I am graded by this exam. So I got five 'A's and four 'B's. In grade 10 I dreamed to get 9As. But it is near to face the exam I became lazy to study. That is the reason. Anyway I am happy to say I won this boundary. But I have to face another boundary. It is G.C.E(A/L) exam. It's risk is bigger  than O/L. Because I selected Maths. Most of people that is dangerous risk. But now I have already selected that. So I have to do that by hook or by crook! I have little sad about O/L maths. Because I got 'B' for Maths. Now I forgot all that and I will do my best for Advanced Level. So I thought to reduce my Internet usage. But is is hard job. Actually now I can't live without internet. Specially, Social Networking Sites. I will try to access internet in a time table. Finally I hope Bright Future for all my friends who are got O/L results in this year. Eventually I will give you a quote. I got that quote from 3 idiots Hindi Movie.

ALL IS WELL!
සියල්ලම හොඳින්!
Sunday, April 11, 2010
Posted by Shirosh

පරම අණුව ගැන කියන කතා

අද ලියන්නේ රසායන විද්‍යාව පිළිබදවයි. උසස් පෙළදී ඉගෙන ගත්ත පාඩමක් ඇසුරෙන් තමා මේක ලියන්නේ. විද්‍යාව කියන්නේ හරිම රසවත් විෂයයක්. හරියට කතන්දරයක් වගේ. මට නම් ඒ ඔස්සේ අලුත් දේ ඉගෙන ගනිද්දී පුදුම ආසාවක් ඇති වෙනවා. නමුත් බොහෝ ශිෂ්‍යයයන් නූතන තරගකාරී විභාග ක්‍රමයට හසු වී මේ රසවත් විෂයය අමාරු දෙයක් ලෙස බැහැර කරනවා. විද්‍යාව කියන දේ අපි අප විසින්ම තේරුම්ගෙන අවබෝධ කරගත යුත් දෙයක්. ඒ නිසා කට පාඩමට වඩා  තේරුම් ගැනීමයි වැදගත්.

මම හිතනවා පරමාණුව පිළිබඳ ඔබට යම් දැනුමක් ඇති කියලා. පරමාණුව බොහො දෙනෙකු සලකන්නේ පදාර්ථයේ තැනුම් ඒකකය ලෙසයි. නමුත් පසු කාලීනව උප පරමාණුක අංශු සොයා ගැනීමත් සමඟ පරමාණුව කුඩාම අංශුව යන මතය ප්‍රතික්ෂේප වුණා. නූතන පිළිගැනීම අනුව පරමාණුවේ ඇති න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තරංගාකාරව ගමන් කරයි. න්‍යෂ්ටියේ අන්තර්ගතය සලකා බැලුවොත් ඒ තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සමන්විත වේ. මැත කාලීනව ඒ තුළ තවත් විවිධ වර්ගයේ උප පරමාණුක අංශු  ඇති බව සොයා ගැනූණා. නමුත් බොහෝ දෙනෙකු අධ්‍ය‍යනයේ පහසුවට ප්‍රෝටෝන සහ නිය්‍රට්‍රෝන වලට මුල් තැන දෙනවා. ඉතින් මේ පරමාණුව පිළිබඳ ආකෘතියට අනුව න්‍යෂ්ටිය එක් මධ්‍යයකට ගොනු වී ඇති ඉතා කුඩා  අංශු එකතුවකි. එම න්‍යෂ්ටිය වටා ඉතාමත් ඈතින් මිනිසාට ගෝචර වන ස්කන්ධයක් නැති තරම් ඉතා කුඩා ඉලෙක්ට්‍රෝන කැරකෙයි.

දැන් මම කියන්න යන්නේ මේ න්‍යෂ්ටිය තුල සිදුවන එක් ක්‍රියාකාරකමක් ගැන. ප්‍රෝටෝනය නැමැති අංශුව ධන ආරෝපිතයි. නියුට්‍රෝනය අනාරෝපිත හෙවත් උදාසීනයි. ඉතින් න්‍යෂ්ටියේ මෙසේ ධන ආරෝපිත අංශු එකට එකතු වී තිබෙන්නට කොහෙත්ම බැහැ.


මොකද ඒවා සියල්ල ධන ආරෝපිත නිසා එකිනෙකට විකර්ෂණය වෙනවා. එතකොට පරමාණුව බිඳ වැටෙනවා. ඒ නිසා මෙය මෙසේ බිඳ නොවැටී තිබීමට යම් හේතුවක් තිබිය යුතුයි. එන්න එහෙම ඉන්නකොට තමා මීසෝනය නැමැති උප පරමාණුක අංශුව සොයා ගැනුණේ. මේ අංශුව ඍණ ආරෝපිතයි. හරියට ඉලෙක්ට්‍රෝනයක් වගේමයි. හැබැයි මේක පිහිටන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය තුලයි. දැන් මම වෙනස් කතාවක් කියන්නයි යන්නේ ඒ තමා නියුට්‍රෝනය සෑදී තිබෙන්නේ ප්‍රෝටෝනයක් සහ මීසෝනයක් එකතු වීමෙනි. ප්‍රෝටෝනයට +1 ආරෝපණයක් සහ මීසෝනයට -1 ආරෝපණයක් තියෙනවා කියලා හිතන්නකෝ.  එතකොට මේ දෙක එකතු වුණාම ආරෝපණය 0 වෙනවනේ. එනම් උදාසීන වෙනවානේ. එන්න එහෙම තමා නියුට්‍රෝනය උදාසීන වුණේ. එතකොට මෙසේ ප්‍රෝටෝන අතර නියුට්‍රෝන පිහිටන විට විකර්ෂණය වීමක් සිදුවන්නේ නෑ. එතකොට න්‍යෂ්ටිය බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකියි.

පහත නිල් පැහැති බෝලය ප්‍රෝටෝනයක් කියා නම් කරමු. රතු පාට බෝලය මීසෝනයක් කියා නම් කරමු. එතකොට නිල්පැහැති බෝලය තුල ඇති රතු පාට බෝලය අපි නියුට්‍රෝනයක් කියා නම් කරමු. දැන් අපි උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණුවේ ටිට්‍රියම් සමස්ථානිකය ගනිමු. ටිට්‍රියම්හි ඉලෙක්ට්‍රෝන 1කි, ප්‍රෝට්‍රෝන 1කි, නියුට්‍රෝන 2කි.


ඉහත පරිදි න්‍යෂ්ටියේ අංශු සැකැසී ඇති විට විකර්ෂණයක් සිදු නොවේ. P1 ප්‍රෝටෝනයට විකර්ෂණය වීමට අනෙක් අංශූන් ඉඩ නොතබයි. මොකද මීසෝන 2ක් මගින් P2 සහ P3 උදාසීන කර ඇති බැවිනි. තව දෙයක් මේ මීසෝන එක් ප්‍රෝටොනයකට පමණක් බැඳී නොසිටී. මොකද එම ප්‍රෝටොනය සමග බැදීම ඇති වූ විගස එය උදාසීන වේ. එවිට එම මීසෝනය තවත් ප්‍රෝටොනයක් සොයා යයි. මෙසේ මීසෝන තව එකකින් තවත් එකකට පනිමින් කල් ගෙවයි. මෙය කෙතරම් වේගයෙන් සිදුවෙනවා දැයි කිවහොත් කිසිම වෙලාවක අපට මෙය ප්‍රෝටොනයක් යයි වෙන්කර හදුනා ගත නොහැකි තරම්ය.

ඉතින් මෙසේ පරමාණුක ක්‍රමාංකය වැඩි වන විට ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. නමුත් මීසෝන ගණන ප්‍රෝටොන ගණනට සාපේක්ෂව අඩු වෙන්නට පුවවන්. එතකොට මීසෝන වලට එක් ප්‍රෝටෝනයක සිට කුමන ප්‍රෝටෝනයට පැනිය යුතුද කියා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඔන්න ඔතනදී සමහර ප්‍රෝටෝන එකිනෙකට මුණගැසී විකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට න්‍යෂ්ටි‍ය බිඳ වැටී ප්‍රෝටොන ශක්තිය ලෙස ඉවතට පිටවී යනවා. ඔන්න ඕකට විකිරණශීලිතාව කියන්නත් පුළුවන්.

ඔන්න ඔහොම තමයි කතාව. ඉතින් ඔය කිව්ව කතාව හෙට වෙද්දී වෙනස් වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාවේදී  එක් පරීක්ෂණ ප්‍රතිඵලයකින් සනාථ වන කරුණු තව විද්‍යාඥයෙක් තවත් පරීක්ෂණයකින් බිඳ දමන්නට පුළුවන්. මේ මං ලිව්වේ මගේ ටිකිරි මොළේට තේරුණ ටික තමා. වැරදි තියෙනවනම් පෙන්වා දෙනු මැනව.

ගූගල් සිංහල පරිවර්තකයට දායක වෙමු

අද මේ ලෝක ව්‍යාප්ත ජාලයේ(WWW) ඇති තොරතුරු කන්දරාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙනවා මිසක් නැවතීමක් නෑ. ඇත්තටම මෙහි ඇති තොරතුරු වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසිනි. දැන් දැන් යුනිකේත වගේ භාෂා සම්මුතීන් ප්‍රචලිත වීම නිසා ලෝකයේ විවිධ රටවල් තම ස්වභාෂාවෙන් ලෝක ව්‍යාප්ත ජාලයට සීඝ්‍රයෙන් තොරතුරු මුදාහරිමින් සිටිනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල  සිංහල යුනිකේතය බිහිවීම ගත හැක. සිංහල යුනිකේතය නිසා අද සිංහල බ්ලොග් අඩවි මගින් ලෝක ව්‍යාප්ත ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කරමින් පවතී. නමුත් මෙය අනෙක් ලෝක ව්‍යාප්ත භාෂා (ඉංග්‍රීසි, චීන, ජපන්....) වලට තරගයක් දිය හැකි මට්ටමේ තොරතුරු සම්පතක් නොවේ.

මේ නිසා අන්තර්ජාලය තුල ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති තොරතුරු සම්පත තම ස්වභාෂාවෙන් අවබෝධ කර ගැනීමට එක් එක් අය එක් එක් උපක්‍රම යෙදුවා. එවැනි ඉතා ජනප්‍රිය ක්‍රමයක් තමා ගූගල් පරිවර්තකය.(Google Translator) එමගින් විවිධ වෙබ් අඩවි වල ඇති තොරතුරු අන්තර්ගතය තමා කැමති බසකට හරවා ගත හැක. මෙය ස්වයංක්‍රීය මාර්ගගත මෘදුකාංගයක්(Automation Online Software) වන නිසා ඉතා පහසුවෙන් ඕනෑම දෙයක් ඕනෑම බසකට පරිවර්තනය කර ගත හැකියි.

නමුත් තවමත් මෙහි ස්වයංක්‍රීය පර්වර්තනයට ලොව පුරා ඇති සියලුම භාෂා ඇතුලත් කර නොමැත. ඉතින් ලංකාවේ අපට වැදගත් වන සිංහල භාෂාවත් මේ ලැයිස්තුවට ඇතුලත් වී නොමැත. නමුත් ගූගල් විසින් අපේ භාෂාවත් මේ ස්වයංක්‍රීය පරිවර්තනයට ඇතුලත් කර ගැනීමට අපට අවස්ථාවක් සලසා දීලා තියෙනවා. ඒ තමා ගූගල් පරිවර්තන උපකරණ කට්ටලය(Google Translator ToolKit). මෙහිදී තමා තෝරා ගත් ඉංග්‍රීසි බසින් ලියැවී ඇති ගොනුවක්(Word/Writer/Rich text) හෝ විකිපීඩියා ලිපියක්(Wiki Article) හෝ වෙබ් පිටුවක් වාක්‍යයෙන් වාක්‍යය සිංහල භාෂාවට පර්වර්තනය කල යුතුයි. මේ සදහා ඔබ ඔබේ ගූගල් ගිණුමට  ලොග් වී http://translate.google.com/toolkit?hl=en&layout=1&eotf=1 යන සබැදියට යන්න. එහි Upload බොත්තම ඔබා අවශ්‍ය ලේඛනය තෝරාගෙන පරිවර්තන කටයුතු සිදු කල හැක. මෙය යාන්ත්‍රික පරිවර්තන කාර්යයක් කියා හදුන්වන්න පුළුවන්.

මෙසේ අදාළ භාෂාවෙන් සැලකිය යුතු ම්ට්ටමේ තොරතුරු ප්‍රමාණයක් පරිවර්තනය වී අවසන් වූ විට ඔවුන් එම භාෂාව ඔවුන්ගේ ස්වයංක්‍රීය පරිවර්තන ලැයිස්තුවට ඇතුලත් කර ගනී. එතැනින් පසු ගූගල් විසින් අදාළ පුද්ගල සහය ඇතුව ඉංග්‍රීසි ලිපියක් දුන් විට ස්වයංක්‍රීයව එම භාෂාවට පරිවර්තනය වන ආකාරයට එම මෘදුකාංගය යාවත්කාලීන කරනවා. ඉතින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කිරීමට උත්සහ දරන අපට දැන් තවත් කාර්යයක් පැවරිලා. ඒ තමා සිංහල බසත් කෙසේ හෝ ගූගල් පර්වර්තකයට ඇතුලත් කර ගැනීම. ඉතින් ඔබත් හැකි ආකාරයෙන් ඉංග්‍රීසි ලිපි කිහිපයක් සිංහල භාෂාවට හරවන්න උත්සහ ගන්න. මතක ඇතුව මුල් භාෂාවට ඉංග්‍රීසි බසත් පරිවර්තනය කල යුතු භාෂාවට සිංහල බසත් තෝරා ගන්න. 

මමත් මේ ගැන මුලින්ම දැන ගත්තේ සිසු හවුල ගූගල් සමූහයෙන්. එහි විමල් මහතා විසින් පළ කරන ලද විස්තරයක් ඇසුරෙනි.

Tuesday, March 16, 2010
Posted by Shirosh
Tag :

Film Awards Season

I think You also know about Oscar Awards Festival in this year. The Best Picture is Hurt Locker. It won 5 Oscar awards. And also Avatar gave big fight to Hurt Locker. But Anyway Avatar won 3 Oscar awards. There are Best Art Direction, Best Visual effects and Best Cinematography. Actually this fight between two directors. They are James Cameron and his former wife.

By the way Now I am talking about Bollywood FimFare 2010. Do you know Best Movie is 3 idiots. And it also won Award of best story. Actually I really like it. I love its beautiful story. 3 idiots is comedy film. But it isn't also a comedy. I think it has Funny, Love Story, Sadness and also we can collect  Good Messages to our life.  Actually  it is highest grossed film in Bollywood.

And Best Actor from Paa Movie. And also Best Actress. So Best Actor is Amitab Bachchan. He is great and giant actor in India. Although he is older man, his acting is great. And also about dancing. And Best actress is Vidya Balan. Paa movie won award of best direction. It is production of Bachchan Family.

Now I happy to say Malini Fonseka is selected to top 25 cinema actors/actress in the Asia. It is good news to Sri Lankan Film Industry. But After that how we hope another best actor or actress from Sri Lanka. So I think it is a hope in Sinhala Cinema Industry.

On the whole these days, I love with movies. There are Hollywood and Bollywood Movies. And also their music. Okay now I says "that's all" to this blog post.
Monday, March 15, 2010
Posted by Shirosh

SixthSense Technology

SixthSense Technology ගැන ඔබලා සමහරවිට අහලා ඇති. මෙම තාක්‍ෂණය අත්හදා බැලීමේ වීඩියෝ පට ඔබ මින් පෙර නරඹා තිබුණනම් ඔබ පුදුම වනු ඇත. මමත් මේ ගැන මුලින්ම දැනගත්තේ තාරකගේ බ්ලොග් ලිපියෙනි. මෙම නවතම තාක්‍ෂණය මගින් දැනට පවතින ඩෙස්ක්ටොප් පරිගණක කට්ටල සහ විවිධ දෘඩාංග පද්ධති තැන තැන ගෙන යාම අත්‍යවශ්‍ය නෑ. ඇත්තටම මෙම තාක්‍ෂණයේ නිර්මාපකයා වන ප්‍රනාව් මිස්ත්‍රි ඉන්දියානුවෙකි. ඔහු ඇමෙරිකාවේ  මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ(MIT) ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඔහුට මෙම තාක්‍ෂණය නිර්මාණය කිරීම සදහා තවත් ශිෂ්‍යයෝ දෙදෙනෙක් උදව් වී තිබෙනවා.

මේ SixthSense තාක්ෂණයට මේ නම ලැබිලා තියෙන කතාවත් අපූරුයි. ඔය ගොල්ලා දන්නවනේ පංච ඉන්ද්‍රීයයන්. මේ ඉන්ද්‍රීයයන් පහට එකතු වූ නවතම උපාංගයත් සමග තමා අපි මේකට SixthSense තාක්ෂණය කියන්නේ. ඉතින් මොකක්ද මේ නවතම උපාංගය කියලා ඔයගොල්ලෝ බලනව ඇතිනේ. ප්‍රනාව් ඇතුලු කණ්ඩායම ගොඩක් පර්යේෂණ කරලා තමයි මෙම ඉලෙක්ට්‍රොන්ක උපාංගය සකස් කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක බෙල්ලේ එල්ලා ගත හැකි උපාංග කට්ටලයක්. මෙහි කැමරාවක් හා තල දර්පණයක් සහිත ප්‍රක්ෂේපකයකින් (Projector) සමන්විත වෙනවා. ඊට අමතරව ජංගම දුරකථනයක් ද අවශ්‍ය වෙනවා. ජංගම දුරකථනය හරහා තමා අන්තර්ජාලයට සම්බන්ධ වී සන්නිවේදනය සිදුකර ගන්නේ. දැනට ගණන් බලා ඇති ආකාරයට මේකෙ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් 36000ක් විතර වෙනවා. මෙමගින් ඕනෑම මතුපිටක්(Surface) මත තමාට අවශ්‍ය කටයුතු කර ගැනීමට පුළුවන්. මේක හරියට බහුකාර්යය උපාංගයක් වගේ.  මේකෙන් අපිට අවශ්‍ය කාර්යය ඉතා සරලව සහ පහසුවෙන්(Easy & Seamless Access) කරගන්න හැකියාව තිබෙනවා.

මෙහි වැදගත්ම දෙය වන්නේ මෙම උපාංගය ක්‍රියා කරවන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය ප්‍රනාව් විසින් විවෘත කේත මෘදුකාංගයක්(FOSS) බවට පත් කරලා තියෙනවා. ඉතින් අනාගතයේදී මෙම මෘදුකාංගය වැඩි වැඩියෙන් දියුණු වෙයි කියන එක තමයි කාගේත් බලාපොරොත්තුව.

 මේ ගැන වැඩිදුරටත් දැනගන්න පහත වීඩියෝ පටය බලන්න. මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රනාව්ගේ ගුරුවරයා විසින් කරන ලද කතාවක් මෙහි අන්තර්ගත වෙනවා. ඒක බලපුවාම මම මෙච්චර වෙලා කියන්න හදපු දේ ඔය ගොල්ලන්ට නිකන්ම පැහැදිලා වෙව්.


වීඩියෝ පටය නැරඹුවානම් දැන් මේක ගැන හිතන දේත් පහලින් සටහන් කරලාම යන්න.

Saturday, March 6, 2010
Posted by Shirosh

අභිරහස ඔබයි


දෑස් ඇරෙන
මේ විමතියෙන්
කලබා මා හඳ
කුතුහලයෙන් පිපාසිත වූ
ඉඩෝරයක තනි වී
ඉබාගාතේ යන කලට
පිහිටට කවුදෝ එන්නේ
අතරමං වී සිටිනා මට
මාවත හදන
ඒ දිව්‍ය අභිරහස ඔබයි
Friday, March 5, 2010
Posted by Shirosh

Sri Lankan Blog Syndicators

Now Blogging is very famous Internet acticvity in Sri Lanka. Every hour we can see a good blog post. Now this is a trend among the young people. After the born of Sinhala Unicode, bloggers and blog readers increased. But  first & foremost there should have a good syndicater. Syndicater's main job is giving publicity to their registered Blogs and Bloggers. Sri lanka's first Syndicator is Sinhala Blogs Reader. This Syndicator is operated by Sinhala Bloggers' Union. Sinhala Bloggers' Union (SBU) gave big boost to Sinhala Bloggers.
Today we can see many blog syndicators. Some of them are multi languages syndicators. I think it good for bloggers because bloggers can make publicity among the readers. Following syndicators are most famous and active syndies in Sri lanka. They are syndicating  about to 600 blogs.


Syndicators Operators Suppoted Languages
1 Sinhala Blogs Reader Sinhala Bloggers' Union Sinhala
2 Kottu Indi Samarajiwa Sinhala/Tamil/English
3 Sri Lankan thoughts WAP NIshantha Sinhala/English
4 Sahitya Blog Reader  Royal College Sinhala Literature Unit  Sinhala
5 Achcharu   Sinhala/Tamil/English
6 Open Sinhala Blogs Syndicator     Free and Open Sinhala Bloggers Sinhala
Thursday, February 25, 2010
Posted by Shirosh

සුපිරි බොලිවුඩ් වාර්තා

ඔන්න අද කියන්න යන්නේ බොලිවුඩ් සිනමාව තුල වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ගැන. කලින් ලිපියේ ලෝක සිනමාව ගැන කතා කලා මතක ඇතිනේ. බොලිවුඩය කියන්නේ ඉන්දියාවේ ඇති අති දැවැන්ත සිනමා කර්මාන්තයක්. හොලිවුඩයට පමණයි දෙවැනි වෙන්නේ. දැන් දැන් ස්ලම්ඩෝග් මිලියනර්, වොටර් වැනි හොලිවුඩයත් බොල්වුඩයත් අතර හවුල් නිෂ්පාදන බිහිවෙනවා. ඒ තරම්ම ලොව පුරා බොලිවුඩය ජනප්‍රියයි. ඉන්දියාවේ තව සිනමා කර්මාන්තයක් තියෙනවා. ඒ තමා කොලිවුඩය(දෙමළ සිනමාව). මේකත් බොලිවුඩයේ ආභාෂය ලබපු එකක්. තාම බොලිවුඩය තරම්ම දැවැන්තබාවයක් නෑ ඒකට.කොහොමහරි දැන් මේ කියන්න යන්නේ බොලිවුඩයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට 30 ගැනයි. මේකේ හැබැයි වගු 2ක් තියෙනවා. එකක් පැරණි චිත්‍රපට ටික. අනෙක අලුත් චිත්‍රපට ටික. මේ වගු දෙකම සන්දන්දනය කරන්න ටිකක් අමාරුයි. මොකද ඒ කාලේ උද්ධමනයයි, දැන් ඉන්දියාවේ උද්ධමනයයි වෙනස්නේ. අනෙක ජනගහණයත් දැන් ගොඩක් වැඩි වෙලානේ. ඒක හින්දා මේ දෙකම එකතු කරලා තනි එකක් හදන්න අමාරුයි. නමුත් අපිට මේක දිහා බලලා වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ටික ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

 නව සිනමාව
Higest Earning New Movies Released Year Net Gross Earning (Rs.)
3 Idiots 2009 1305673069
Ghajani 2008 1174822756
Dhoom 2 2006 788600000
Krrish 2006 814605346
Singh is King 2008 755881177
Rabne Banadi Jodi 2008 867800000
Welcome 2007 729827492
Om Shanti Om 2007 699601108
Lage Raho Munna Bhai 2006 652842977
Chak De India 2007 676900000
Gadar: Ek Prem Katha 2001 700000000
Ajab Prem Ki Gazab Kahani 2009 639624651
Hum Aap Ke Hai Kaun 1994 600000000
Taare Zameen Par 2007 624800000
Race 2008 594464799
Fanaa 2006 583433344
Jaane Tu Ya Jaane Na 2008 576298121
Dilwale Dulhaniya Le Jayange 1995 560000000
Love Aaj Kal 2009 663500000
Jodhaa Akbar 2008 549719298
Partner 2007 611900000
Kambakkht Ishq 2009 558743751
Wanted 2009 523840303
Partner 2007 611900000
Golmaal Returns 2008 516900000
Rang De Basanti 2006 521045312
Don – The Chase Begins 2006 511500000
Kuch Kuch Hota Hai 1998 500000000
Kaminey 2009 510321059
De Dana Dan 2009 482600000
Guru 2007 503458779
Dostana 2008 496854549
Bhool Bhulaiyaa 2007 497400000
Kabhi Kushi Kabhi Gham 2001 490000000
Koi Mil Gaya 2003 489268384

 පරණ සිනමාව
Higest Earning Old Movies Released Year Net Gross Earning (Rs.)
Sholay 1975 2364500000
Mughal-E-Azam 1960 1326900000
Mother India 1957 1173000000
Sangam 1964 885700000
Aradhana 1969 1056152384
Kranti 1981 847700000
Bobby 1973 852500000
Do Raaste 1969 819428608
Ganga Jamuna 1961 843900000
Trishul 1978 776749952
Awara 1951 775135104
Muqaddar Ka Sikandar 1978 809000000
Coolie 1983 769535616
Roti Kapda Aur Makaan 1974 769800000
Don 1978 766791616
Naya Daur 1957 697500000
Amar Akbar Anthony 1977 946041664
Sachaa Jhutha 1970 754736896
Mere Mehboob 1963 692600000
Haathi Mere Saathi 1971 754736896
Dharam Veer 1977 690900000
Upkar 1967 690500000
Johny Mera Naam 1970 688900000
Jai Santoshi Maa 1975 678100000
Shree 420 1955 657600000
Kismat 1943 653600000

 දත්ත වගු මූලාශ්‍ර : www.mumbai77.com / Ibosnetwork.com / Boxofficeindia.com

වැඩිදෙනෙකුගේ මතය අනුව දැනට වැඩිම ආදායම උපයා ඇත්තේ මේ ළගදී පැමිණි  3 Idiots චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ ආමීර් ඛාන්. 3 idiots චිත්‍රපටය බිඳ දැමුවේ එතෙක් වැඩිම ආදායම ඉපයූ Sholay චිත්‍රපටයේ වාර්තාවයි. මම Sholay දන්නා පරිදි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන්නේ අමිතාබ් බච්චන්. අවුරුදු 35ක් තිස්සේ අංක 1 සිටි Sholay දැන් 2වන ස්ථානයට පැමිණ ඇත. ඉස්සරහට මොනවා වේවිද දන්නෑ. දන්නවනම් පහළින් ප්‍රතිචාරයක් දාන්න.

Tuesday, February 23, 2010
Posted by Shirosh

ලෝක සිනමාවේ ධන ආකර

අද ලෝක සිනමාව නවීන තාක්ෂනයත් සමග දිනෙන් දින දියුණු වෙනවා. ප්‍රධාන වශයෙන් ලෝක සිනමාව පෝෂණය වන්නේ හොලිවුඩ් සිනමාවෙන්ය. ඒ වුණත් මේ වන විට බොලිවුඩය වැනි සිනමා කර්මාන්තත්  ලෝක සිනමාව ආක්‍රමණය කරමින් පවතී. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න යන්නේ ලෝක සිනමාව තුල එතෙක් මෙතෙක් බිහි වූ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට ගැනයි. පහත වගුවේ දැක්වෙන්නේ එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ඉපුයූ සිනමා පට විස්ස පිළිවෙලින්ය. ආදායම ඇමරිකානු ඩොලර් වලිනි.


නිකුත් වූ වර්ෂය චිත්‍රපටයේ නම සම්පූර්ණ ආදායම
1 2009 Avatar $2,361,721,154
2 1997 Titanic $1,842,879,955
3 2003 The Lord of the Rings: The Return of the King $1,133,027,325
4 2006 Pirates of the Caribbean: Dead Man's Chest $1,065,659,812
5 2008 The Dark Knight $1,022,345,358
6 2001 Harry Potter and the Sorcerer's Stone $976,457,891
7 2007 Pirates of the Caribbean: At World's End $960,996,492
8 2007 Harry Potter and the Order of the Phoenix $938,468,864
9 2009 Harry Potter and the Half-Blood Prince $937,499,905
10 2002 The Lord of the Rings: The Two Towers $926,284,377
11 1999 Star Wars Ep. I: The Phantom Menace $924,288,297
12 1993 Jurassic Park $923,067,947
13 2004 Shrek 2 $919,838,758
14 2005 Harry Potter and the Goblet of Fire $896,013,036
15 2007 Spider-Man 3 $890,871,626
16 2009 Ice Age: Dawn of the Dinosaurs $884,528,368
17 2002 Harry Potter and the Chamber of Secrets $878,987,880
18 2001 The Lord of the Rings: The Fellowship of the Ring $868,621,686
19 2003 Finding Nemo $866,592,978
20 2005 Star Wars Ep. III: Revenge of the Sith $848,998,877

දත්ත වගු මූලාශ්‍රය : www.the-numbers.com

විශේෂත්වය වනනේ මේ ළගදී නිකුත් කරන ලද "අවතාර්" චිත්‍රපටය සියළු චිත්‍රපට අභිබවා වැඩිම ආදායම ලැබීය. ඇත්තටම මේකේ නියම තරගය තිබ්බේ වසර 13ක් පුරා අංක 1 ස්ථානයේ බැබළුණු ජේම්ස් කැමරන්ගේ "ටයිටැනික්" චිත්‍රපටය 2010දී ඔහු විසින්ම බිද දැමීමයි. ඒ "අවතාර්" චිත්‍රපටය බිහි කරවමිනි. "අවතාර්" චිත්‍රපටය සෑදීමට වසර 10ක් ගත වුණා. එම වසර 10යේ දැරූ මහන්සියේ ප්‍රතිඵල එය නැරඹුවාම අපට බලාගන්න පුළුවන්. බැලුවේ නැත්නම් බලන්න. මිනිසාගේ කෑදරකමත්, පැන්ඩෝරා ලෝකයේ සුන්දරත්වයක් ඉතා මැනවින් පෙන්නලා තියෙනවා. ත්‍රිමාන සජීවිකරණය මගින් ප්‍රේක්ෂකයාට උපරිම ආශ්වාදයක් ලබා දීමට මෙම චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා.
කොහොම හරි ඉහත වගුව බැලුවම එක ලක්ෂණයක් පේනවා. එනම්  චිත්‍රපට කතා මාලා වල පළමු චිත්‍රපටයේ සිට පිළිවෙලින් අවසන් චිත්‍රපට දක්වා ආදායම කෙමෙන් අඩු වී ඇති බවකි. උදාහරණයක් ලෙස "හැරී පෝටර්" වැනි චිත්‍රපට වල පළමු කොටස වැඩි ආදායමක් ලබා සිටියදී ඉන්පසුව පැමිණි චිත්‍රපට කොටස් වල ආදායම අඩු වී ඇති බවයි. මේකෙන් තව දෙයක් පෙන්වනවා ඒ තමා ලෝක සිනමා ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනය. ඒ වගේම ඔබේ රස වින්දනයට මේ චිත්‍රපට කෙතරම් දායක වුණාද කියලා පොඩි අදහසකුත් පළ කරලා යන්න.
Sunday, February 21, 2010
Posted by Shirosh

ශ්‍රී ලංකා ද්වාරය

ලංකා ද්වාරය(Lanka Gate) යනු ICTA(ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය) විසින් මෙහෙය වන ව්‍යාපෘතියකි. එම ආයතනයට අනුව මෙය ඉ-ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ තවත් පියවරකි. මෙම බිහිදොර මගින් එකම ස්ථානයකදී සියළුම සේවාවන් ලබා දීමට නියමිතය. මෙමගින් සියළුම රාජ්‍ය සේවා සිංහල, දෙමල ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැක. තවම ඉදි වෙමින් පවතින මෙයට මේ වන විට පළමු රාජ්‍ය සේවාවද එක් කර හමාරය. එනම් අන්තර්ජාලයේ සිටම වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගැනීමේ සේවාවයි. මේ සදහා ප්‍රථමයෙන්ම www.srilanka.lk වෙබ් අඩවියේ සාමාජිකත්වය ලාබා ගත යුතුය. මම නම් තාම මෙම සේවාව ලබා ගෙන නෑ. එම නිසා මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් ලබාගත නොහැකි විය. කෙසේ වෙතත් මෙය හොද පියවරක්. මේ නිසා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අපට බලාපොරොත්තු විය හැක. නමුත් තවම ලබා දී ඇත්තේ එක් සේවාවක් පමණි. එම නිසා මෙයින් උපරිම සේවාවක් ලබා ගැනීට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් අපට තව කාලයක් බලාගෙන ඉන්නට සිදු වේවි. 
කෙසේ හෝ මෙම සේවා ලැබීමට දරන දිගු පෝලිම් නැති වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.
Tuesday, February 16, 2010
Posted by Shirosh

Love with English!

First & foremost I would like to tell now I am free after my O/L exam 2009. Now I am to follow a Spoken English course in Regent, Negombo. And I started my Advanced Level studies. I will do A/Ls in 2012. You know what Mayans said 2012.12.21 is world's end. Then I can't hope my A/L Result.
Anyway! I think I selected Maths (or ICT). It is very hard job. But I will do my best for 4 As. Okay now I can write English blog posts freely. Because these days I am loving with English. Please, Don't miss to put  comments to my Blogs. It is very essential for my writing. Okay We will meet again with a another blog post later.


Friday, February 12, 2010
Posted by Shirosh

ජනපති සටනෙන් බිහි වූ ගී සල රූ

දැන් ශ්‍රී ලාංකීය ජනතාව හරි බරි ගැහිලා බලන් ඉන්නේ ජනපති සටනේ ජයග්‍රාහකයා කවුද? කියලා. ජනවාරි 23 මධ්‍යම රාත්‍රියේ ඉදලා ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් නවතන ලදී. හැමෝම දන්නවනේ ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනිය කෙතරම් පාවිච්චි කළාද කියලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්‍රහණය සදහා විවිඩ වූ දැන්වීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළා. මේ දැන්වීම් අතරින් ලස්සනම දැන්වීම පිළිබඳ පොඩ් තරගයකුත් තිබුණා.

මම මේ කියන්න යන්නේ මගේ හිත ගිය දැන්වීම් 3ක් ගැන. විශේෂත්වය වන්නේ මෙම දැන්වීම් 3ම එකම අපේක්‍ෂකයාගේ දැන්වීමක් 3ක් වීමය. මේ සදහා එම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විශාල මුදලක් වැය කර ඇති බවනම් නිසැකය. කෙසේ වෙතත් එම ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන තිබූ ගීතත් වීඩියෝ දර්ශනත් ඉතා නිර්මාණශීලී ඒවා. අවාසනාවට මම එම ගායකයන්ගේ හා පද රචකයන්ගේ නම් නම් දන් නෑ.  දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. නමුත් අලංකාර ගීත 3ක්. වීඩියෝ දර්ශනත් ඊට ගැළපෙන අයුරින් නිමවා තියෙනවා.


1.මිහිතලයේ සාමය අපටයි - පුංචි අපේ සෙනෙහස ඔබටයි (The peace on this land is for us Our innocent)


මම හිතන්නේ මේ තියෙන්නේ ලස්සනම දැන්වීම කියලා. තවත් විශේෂයක් තියෙනවා.එනම් මෙහි ඇති මුහුදු වෙරළ තීරයට යොදාගෙන තියෙන්නේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළයි. දන්නවනේ ඉතින් මගේ ගම උස්වැටකෙයියාව කියලා.

2. ජය ජයවේ

මට පේන විදියට නම් මේ ගීතය ඔස්කා සම්මාන ලද 'ස්ලම් ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ ජෙය හෝ(Jai Ho) ගීතයේ ආභාෂය තිබේ.

3.දිනවමු ශ්‍රී ලංකා මාතා


මේකත් හොඳයි. අවස්ථාවට උචිත අයුරින් රූප රාමු සකසාගෙන ඇත.



සැලකිය යුතුයි: මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොවේ. හුදෙක් මාගේ ගී රස වින්දනය හේතු කොටගෙන පමණක් ලියන ලද්දකි.

2010 - IT IS BEGAN

Hi Everyone! first of all I like to wish u "Happy New Year". Now I am free beacause My Ordinary Level Exam is finished. So now I am free. But I should start my Advanced Level's Studies. I have 3 months for my O/L results. I think results will released on March, 2010. Thank u. I will meet u again with next blog post.
Saturday, January 2, 2010
Posted by Shirosh

LockerZ - තෑගි ගන්න

ලැබූවා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මම පළමු කොට පතමි. මේ මගේ 2010 වසරේ පළමු බ්ලොග් ලිපියයි. ඉතින් අලුත් අවුරුද්දට තෑගි ගන්න කවුරුත් කැමතියි නේ. ඔන්න ඉතින් LockerZ.com වෙබ් අඩවිය තියෙන්නේ ඒකට තමා. සමහරු මේ ගැන දැනටමත් දන්නවා ඇති. දන්නැති අයටත් එක්කයි මේ ආරංචිය කියන්නේ.
LockerZ මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් එකක්. හැබැයි පස්සේ පෙන් ඩ්‍රයිව්, දුරකථන, බෑග, සහ තවත් ගොඩක් දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් නිතරම ලොග් වෙවි ඉන්නත් ඕනා. එතකොට පොයින්ට්ස් හම්බ වෙනවා.

තව දෙයක් ලොකර්ස් එකේ ‍නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙකු එවන ඉ-මේල් ආරඅධනාවක් මගින් පමණි. මේ විදියට 20දෙනෙකුට ආරධනා යවන්න ඕනා.

ඔබටත් LockerZ Invitation එකක් ඕනෑ නම් කමෙන්ටුවක් පහලින් දාන්න. ඉ-මේල් ලිපිනයක් ඒ සමඟ දාන්න.

Blog Archive

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -