Posted by : Shirosh Monday, December 20, 2010

මම මේ ලියන්නේ 2010 වසරේ මම ලියන අවසාන බ්ලොග් ලිපියයි. මේ ලිපිය කලින්ම ලියලා දාන්න හිතුණා. ඉතින් 2010 වසර තුළ ගොඩක් දේ සිද්ධ වුණා. විශේෂයෙන් මගේ උසස් පෙළ දිවිය පටන් ගත්තෙත් මේ අවරුද්දේ. ඒ වගේම නත්තලත් දැන් අත ළඟ. නත්තල් උත්සවය කියන එක දැන් බොහෝවිට වාණිජකරණයට වෙලා. නත්තල් සීයා වෙළඳ සංකේතයක් බවට පත් වෙලා. නගරය, වීදිය, රූපවාහිනිය හා අන්තර්ජාලය නත්තල් වෙස් අරගෙන. නත්තල ළඟ ‍එනවා  කියලා හැමෝම කෑගහනවා. මේ විදයට සමරන නත්තල 18වන ශතවර්ෂයේ ඉඳලා ක්‍රමයෙන් වර්ධනය වූ උත්සවයක් කියලා කියන්න පුළුවන්. අද වාණිජකරණය සැබෑ ක්‍රිස්තු උප්පත්තියකට අභියෝග කරනවා. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පිළිබඳව අවධානය අඩු වෙලා. විශේෂයෙන් කතෝලිකයෝ හැටියට මීට වඩා අධ්‍යාත්මික වර්ධනයක් ගැන හිතන්න ඕනේ. අනෙක් අතට ක්‍රිස්තියානි නොවන අය පවා අද නත්තල් සමරනවා. ඒක සමහර විට අර්ථශුන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට නත්තල ගැන  අධ්‍යාත්මිකව ගැඹුරු අවබෝධයක් නොලැබෙන හින්දා. හැබැයි ඒගොල්ලොත් කැමැත්තක් දක්වනවා නත්තලේ උත්සව සිරිය අත් දකින්න. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ නත්තල කියන්නේ සැබෑ අධ්‍යාත්මික වෙනසකට මුල පුරන සමයක්. ඒක නිසා වාණිජකරණයට හසු නොවී ඉන්න වගා බලාගන්න ඕනේ. කොහොම හරි ළඟ එන නත්තලට මගෙන් සුභ පැතුම්. සාමයේ අරුණලු උදාවන සැබෑ අධ්‍යාත්මික වෙනසකට මුල පුරන සුභ නත්තතලක් වේවා!


නත්තලත් ඉවර වුණා කියමුකෝ ඉතින් ඊට  පස්සේ අලුත් වසරක්! කාලය කියන දේ සාපේක්ෂයි කියන එක හරි. මට සාපේක්ෂවනම් දැන් කාලය ගලා යාම  වේගවත් වෙලා. අනිත් අයටත් එහෙමද දන්නේ නෑ. කොහොමත් හෙට දවසට අදම සූදානම් වෙන එක තමා සුදුසුම දේ.  ලබන්නාවූ නව වසර සඳහාත් මගෙන් සුභ පැතුම්! එහෙනම් ලබන වසරේදී හමුවෙමු. ස්තූතියි෴

{ 8 comments... read them below or Comment }

  1. ඔයාටත් සුබම සුබ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  2. නිම්ෂා සහ අමිලටත් එසේම වේවා! ස්තූතියි!

    ReplyDelete
  3. සුබ නත්තලක් මල්ලි ඇත්තටම හැම ‍ලොකු කඩේකම ඉස්සරා නත්තල් සියලා මමත් ඒ වැඩේට කැමති නැ සංස්කෘතියක අංග විකිනෙන්න හොද නැ

    ReplyDelete
  4. @dedunu
    ස්තූතියි අයියේ! එසේම වේවා! ඔව් නත්තල විතරක්ම නෙමේ අද හැම දේම වාණීජකරණය වෙලා.

    ReplyDelete
  5. සුබ නත්තලක් වගේම අලුත් අවුරුද්දක් මචන්...... ඒලෙවල් හොදට කරපන්.. ජය

    මටත් මේ අවුරුද්ද මාර විශේෂයි බන්... මගෙ ඒලෙවල් පටන් ගත්ත වගේම අවසන් වෙච්චත් අවුරුද්ද මේක

    ReplyDelete
  6. සුභ නත්තලක් වගේම සුභ අළුත් අවුරුද්දක් මචං.

    ඔය වාණිජකරණයටනම් මම අකමැතියි. නත්තල නෙවෙයි ඕනෙම ආගමික උත්සවයක්. (හැබැයි VLC අයිකන් එකට මේ දවස්වල නත්තල් සීයගෙ තොප්පිය වැටුණට කැමතියි. ඒක එතකොට මාර ලස්සනක්)

    ReplyDelete
  7. @Hasitha ජයසූරිය
    එසේම වේවා! ස්තූතියි ප්‍රතිචාරයට. ඇයි මොනවද වුණේ උසස් පෙළට?

    @chanakalin
    එසේම වේවා! ඔව් යම් උත්සවයක් ආපුවම ඒකට අනුරූපව අපේ වටපිටාව හැඩගැහෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් මූල්‍යමය වාසි වෙනුවෙන් සැබෑ අර්ථය යටපත් කරන්න ඕනේ නෑ. ඒකයි මම කියන්න හැදුවේ. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -