ලාංකීය යූටියුබ්කරුවෝ

ලංකාවේ ඇලෙක්සා ශ්‍රේණි ගත කිරීම් අනුව Google, Facebook, YouTube සහ Blogspot යන වෙබ් අඩවි ටික තමා ඉහලින්ම තියෙන්නේ. ඒ අතරින් YouTube විශේෂයි. යූටියුබ් කියන්නේ නිකම්ම වීඩියෝ එකතුවක් විතරක් නෙමේ. ඒක දැන් ප්‍රමුඛ පෙළේ සමාජ ජාල (Social Network).

පුංචි පහේ මං ශිෂ්‍යත්වය ලියපු හැටි

ශිෂ්‍යත්වයක් ගැන මට මුලින්ම අහන්න ලැබුණේ 3 වසරේදි. 4 වසර විතර වෙනකොට අපේ ඉස්කෝලේ සවස් වරුවේ ඒ කියන්නේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ උපකාරක පංතියක් තිබ්බා. මේකෙදි එක එක විෂයයන්ට අමතරව සාමාන්‍ය දැනීම ප්‍රශ්න සාකච්ඡා කරනවා. කොච්චර පුළුල් පරාසයක ප්‍රශ්න කතා කරාද.

වහර

වා තලයෙන් රිංගන දිය ධාරා මිහි මත වැටෙයි ධූලි නංවා උරා විනිවිද යයි පවස නිවා තෙත පැල්මකි විහිදා එනමුදු පහර දෙයි නැවතත් වැරෙන් ශිඛර නිම්න සාදයි රටා කිලිටු සායම් මකා ගලා යයි දසත වගුරුවා නිසි තැන නවතා යයි  නැවතත් නිසොල්මනට ෴ *පිංතූරය.

උසස් පෙළ කඩඉම

ඔන්න ඉතින් ඒකත් ඉවරයි. අවුරුදු 4ක් තිස්සේ කරපු දේවල් වල ප්‍රතිඵල ඊයේ ආවා. 2012 දී  පළමුවර CSS ගත්තු මට 2013 දී දෙවනවර කරලා BBC හම්බුණා. C සංයුක්ත ගණිතයට. (හැබැයි ඉතින් මම හොදටම ලිව්වේ මේකට. මේ විෂයය ගැන මම හිතන් හිටපු විදිය වැරදිද මන්දා.) සාමාන්‍ය.

Toastmaster සහ තවත් කතා

මම පොඩි කාලේ ඉදලම එක එක අය කියන කතා අහන්න ආසයි. ඇත්තටම මම කතා කරනවට වඩා මොකක් හරි එකක් අහන් ඉන්න එකයි වැඩියෙන්ම කරේ. ගෙදරදී, ඉස්කෝලේදී, පල්ලියේදී, ටියුෂන් පංතියේදී මම එක එක අය කියන කතා ආසාවෙන් අහගෙන හිටියා. දැන්නම් අන්තර්ජාලයෙන් තමා ගොඩක් අහන්නේ බලන්නේ..

උසස් පෙළ වීර කාව්‍යයක්

මං මේ කියන්න හදන්නේ අ‍පි  උසස් පෙළ කරන්න හා හා පුරා ඉස්කෝලේට යන දවස් වල සිද්ධ වෙච්ච දෙයක් ගැන. පංතියටම 15 දෙනෙක් වගේ හිටියේ. ඒ අවුරුද්දේ අපේ එකෙක්වත් ජීව විද්‍යාව කලේ නෑ. ඔක්කොම ගණන්කාරයෝ. අපේ විද්‍යා/ගණිත අංශ වල පංති තිබ්බේ විද්‍යාගාර ඇතුලෙම.

දැනුමට යටවීම

මගේ මතකය හරි නම් මම එතකොට ඉස්කෝලේ  නමය වසරේ හෝ දහය වසරේ විතර ඇති. දවසක් අපේ ඉස්කෝලේ දේශනයක් තිබ්බා. දේශකයා වුණේ මොහාන් සමරනායක මහතා. ඔහු ඒ කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටි නියෝජිතයෙක්.(මතකය නිවැරදිනම්) දැන්නම් ඔහු.

Download Sinhala Fonts

- Copyright © 2025 Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -