Posted by : Shirosh Sunday, September 6, 2009

-->
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනය(ICTA) සිංහල යුනිකේත භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව ෆොන්ට පැකේජයක් හඳුන්වා දී ඇත. එය “භාෂිත” දැනට භාවිතයේ ඇති සිංහල යුනිකේත ෆොන්ට ප්‍රමාණය ඉතා සීමිත යි. එම ෆොන්ට වල අකුරු රටාව පවා ඒකාකාරී බවක් ඇත. එබැවින් බොහෝ දෙනෙකු නව නිර්මාණශීලි රචනා කටයුතු සඳහා මෙම ‍ ෆොන්ට භාවිතා කිරීමට ඇතැම් විට මෑළි වෙති. ඒ නිසා “භාෂිත” ෆොන්ට පෙල හඳුන්වා දී ඇත. මෙය සියබස් වෙබ් අඩවිය(www.siyabas.lk) ඔස්සේ නොමිලේ ලබා දේ. නමුත් ඔබේ පහසුව තකා මෙතැනින් බාගන්න.
“භාෂිත” ෆොන්ට පැකේජයෙහි වින්ඩොස් හා ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට සරිලන ෆොන්ට කිහිපයක් (සියළුම ෆොන්ට ගණන 10කි) අඩංගු වේ. ඒ අතර Bhashitha-Sans, Bhashitha-Serif, DinaminaUniWeb හා Sarasavi Unicode යන ෆොන්ට(True-Type Fonts) ප්‍රධාන වේ. මීට අමතරව මෙම ෆොන්ට ම ලිනක්ස් සඳහා ගැලපෙන අයුරින්ද නිමවා ඇත. කෙසේ නමුත් මෙය සාමාන්‍ය එදිනෙදා භාවිතයට සුදුසු ෆොන්ට අඩංගු වේ.
නමුත් මට හැ‍‍ඟෙන පරිදි මෙම ෆොන්ට පවා භාවිතයට ප්‍රමාණවත් මදිය. ඒ එහි අනෙක් සිංහල යුනිකේත ෆොන්ට වාගේම ඒකාකාරී බවක් ගනී. නමුත් ආරම්භයක් වශයෙන් මෙම “භාෂිත” ෆොන්ට පෙලද වටී. එහෙත් විවිධාකාර විචිත්‍ර සිංහල යුනිකේත ෆොන්ට අප සතුව නැත. අතලොස්සක් එවැනි ෆොන්ට තිබුණද මිල අධිකය. කෙසේ හෝ වචිත්‍රවත් ෆොන්ට අපට සාදා දේ නම් ගොඩක් වටී. එසේම සිංහල යුනිකේත අනුගත අක්ෂර රටා සාදන සැටි කියා දේනම් නවකයන්ට අත්වැලක් වනු ඇත.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -