Posted by : Shiroshan Randika Friday, April 9, 2010

අද ලියන්නේ රසායන විද්‍යාව පිළිබදවයි. උසස් පෙළදී ඉගෙන ගත්ත පාඩමක් ඇසුරෙන් තමා මේක ලියන්නේ. විද්‍යාව කියන්නේ හරිම රසවත් විෂයයක්. හරියට කතන්දරයක් වගේ. මට නම් ඒ ඔස්සේ අලුත් දේ ඉගෙන ගනිද්දී පුදුම ආසාවක් ඇති වෙනවා. නමුත් බොහෝ ශිෂ්‍යයයන් නූතන තරගකාරී විභාග ක්‍රමයට හසු වී මේ රසවත් විෂයය අමාරු දෙයක් ලෙස බැහැර කරනවා. විද්‍යාව කියන දේ අපි අප විසින්ම තේරුම්ගෙන අවබෝධ කරගත යුත් දෙයක්. ඒ නිසා කට පාඩමට වඩා  තේරුම් ගැනීමයි වැදගත්.

මම හිතනවා පරමාණුව පිළිබඳ ඔබට යම් දැනුමක් ඇති කියලා. පරමාණුව බොහො දෙනෙකු සලකන්නේ පදාර්ථයේ තැනුම් ඒකකය ලෙසයි. නමුත් පසු කාලීනව උප පරමාණුක අංශු සොයා ගැනීමත් සමඟ පරමාණුව කුඩාම අංශුව යන මතය ප්‍රතික්ෂේප වුණා. නූතන පිළිගැනීම අනුව පරමාණුවේ ඇති න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තරංගාකාරව ගමන් කරයි. න්‍යෂ්ටියේ අන්තර්ගතය සලකා බැලුවොත් ඒ තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සමන්විත වේ. මැත කාලීනව ඒ තුළ තවත් විවිධ වර්ගයේ උප පරමාණුක අංශු  ඇති බව සොයා ගැනූණා. නමුත් බොහෝ දෙනෙකු අධ්‍ය‍යනයේ පහසුවට ප්‍රෝටෝන සහ නිය්‍රට්‍රෝන වලට මුල් තැන දෙනවා. ඉතින් මේ පරමාණුව පිළිබඳ ආකෘතියට අනුව න්‍යෂ්ටිය එක් මධ්‍යයකට ගොනු වී ඇති ඉතා කුඩා  අංශු එකතුවකි. එම න්‍යෂ්ටිය වටා ඉතාමත් ඈතින් මිනිසාට ගෝචර වන ස්කන්ධයක් නැති තරම් ඉතා කුඩා ඉලෙක්ට්‍රෝන කැරකෙයි.

දැන් මම කියන්න යන්නේ මේ න්‍යෂ්ටිය තුල සිදුවන එක් ක්‍රියාකාරකමක් ගැන. ප්‍රෝටෝනය නැමැති අංශුව ධන ආරෝපිතයි. නියුට්‍රෝනය අනාරෝපිත හෙවත් උදාසීනයි. ඉතින් න්‍යෂ්ටියේ මෙසේ ධන ආරෝපිත අංශු එකට එකතු වී තිබෙන්නට කොහෙත්ම බැහැ.


මොකද ඒවා සියල්ල ධන ආරෝපිත නිසා එකිනෙකට විකර්ෂණය වෙනවා. එතකොට පරමාණුව බිඳ වැටෙනවා. ඒ නිසා මෙය මෙසේ බිඳ නොවැටී තිබීමට යම් හේතුවක් තිබිය යුතුයි. එන්න එහෙම ඉන්නකොට තමා මීසෝනය නැමැති උප පරමාණුක අංශුව සොයා ගැනුණේ. මේ අංශුව ඍණ ආරෝපිතයි. හරියට ඉලෙක්ට්‍රෝනයක් වගේමයි. හැබැයි මේක පිහිටන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය තුලයි. දැන් මම වෙනස් කතාවක් කියන්නයි යන්නේ ඒ තමා නියුට්‍රෝනය සෑදී තිබෙන්නේ ප්‍රෝටෝනයක් සහ මීසෝනයක් එකතු වීමෙනි. ප්‍රෝටෝනයට +1 ආරෝපණයක් සහ මීසෝනයට -1 ආරෝපණයක් තියෙනවා කියලා හිතන්නකෝ.  එතකොට මේ දෙක එකතු වුණාම ආරෝපණය 0 වෙනවනේ. එනම් උදාසීන වෙනවානේ. එන්න එහෙම තමා නියුට්‍රෝනය උදාසීන වුණේ. එතකොට මෙසේ ප්‍රෝටෝන අතර නියුට්‍රෝන පිහිටන විට විකර්ෂණය වීමක් සිදුවන්නේ නෑ. එතකොට න්‍යෂ්ටිය බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකියි.

පහත නිල් පැහැති බෝලය ප්‍රෝටෝනයක් කියා නම් කරමු. රතු පාට බෝලය මීසෝනයක් කියා නම් කරමු. එතකොට නිල්පැහැති බෝලය තුල ඇති රතු පාට බෝලය අපි නියුට්‍රෝනයක් කියා නම් කරමු. දැන් අපි උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණුවේ ටිට්‍රියම් සමස්ථානිකය ගනිමු. ටිට්‍රියම්හි ඉලෙක්ට්‍රෝන 1කි, ප්‍රෝට්‍රෝන 1කි, නියුට්‍රෝන 2කි.


ඉහත පරිදි න්‍යෂ්ටියේ අංශු සැකැසී ඇති විට විකර්ෂණයක් සිදු නොවේ. P1 ප්‍රෝටෝනයට විකර්ෂණය වීමට අනෙක් අංශූන් ඉඩ නොතබයි. මොකද මීසෝන 2ක් මගින් P2 සහ P3 උදාසීන කර ඇති බැවිනි. තව දෙයක් මේ මීසෝන එක් ප්‍රෝටොනයකට පමණක් බැඳී නොසිටී. මොකද එම ප්‍රෝටොනය සමග බැදීම ඇති වූ විගස එය උදාසීන වේ. එවිට එම මීසෝනය තවත් ප්‍රෝටොනයක් සොයා යයි. මෙසේ මීසෝන තව එකකින් තවත් එකකට පනිමින් කල් ගෙවයි. මෙය කෙතරම් වේගයෙන් සිදුවෙනවා දැයි කිවහොත් කිසිම වෙලාවක අපට මෙය ප්‍රෝටොනයක් යයි වෙන්කර හදුනා ගත නොහැකි තරම්ය.

ඉතින් මෙසේ පරමාණුක ක්‍රමාංකය වැඩි වන විට ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. නමුත් මීසෝන ගණන ප්‍රෝටොන ගණනට සාපේක්ෂව අඩු වෙන්නට පුවවන්. එතකොට මීසෝන වලට එක් ප්‍රෝටෝනයක සිට කුමන ප්‍රෝටෝනයට පැනිය යුතුද කියා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඔන්න ඔතනදී සමහර ප්‍රෝටෝන එකිනෙකට මුණගැසී විකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට න්‍යෂ්ටි‍ය බිඳ වැටී ප්‍රෝටොන ශක්තිය ලෙස ඉවතට පිටවී යනවා. ඔන්න ඕකට විකිරණශීලිතාව කියන්නත් පුළුවන්.

ඔන්න ඔහොම තමයි කතාව. ඉතින් ඔය කිව්ව කතාව හෙට වෙද්දී වෙනස් වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාවේදී  එක් පරීක්ෂණ ප්‍රතිඵලයකින් සනාථ වන කරුණු තව විද්‍යාඥයෙක් තවත් පරීක්ෂණයකින් බිඳ දමන්නට පුළුවන්. මේ මං ලිව්වේ මගේ ටිකිරි මොළේට තේරුණ ටික තමා. වැරදි තියෙනවනම් පෙන්වා දෙනු මැනව.

{ 11 comments... read them below or Comment }

  1. macho aye chemistry clz yanda wena ekak na

    ReplyDelete
  2. @Amiladperera
    ස්තූතියි කමෙන්ටුවට! අපේ රසායන විද්‍යා සර් දැක්කොත් මොනා කියයිද දන්නේ නෑ?

    ReplyDelete
  3. බොහොම හොද ලිපියක් මචං.chemistry is the central science

    ReplyDelete
  4. අම්මෝ මතක් කලාට තුති .... කොහෙද ඒ දවස් වල අපිට නෙට් තිබුනේ තිබුණා නම් අපි ඉතින් .................

    ReplyDelete
  5. ෂා ලස්සන කතාවක්...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. A/L kale mageth favorite subject eka thamayi chemistry. especially inorganic chemistry :D

    ReplyDelete
  8. @biologist
    ස්තූතියි කමෙන්ටුවට! ඔබ හරි මේක තමා මූලික ආරම්භය!

    @වැප්
    ඔබේ මතකය අවදී කිරීමට පුළුවන් වීම ගැන මට සතුටුයි!ස්තූතියි!

    @Prabhath Darshana
    ඔව් මට ඕනේ වුණේ මේක රසවත් කතාවක් විදියට ඉදරිපත් කරන්න! ස්තූතියි ඔබටත්!

    @sajithdilshan
    ඔව් මේවා ඉගෙන ගන්කොට ආසාව තවත් වැඩිවෙනවා! ස්තූතිය කමෙන්ටුවට!

    ReplyDelete
  9. ප්‍රයෝජනවත් ලිපියක්.
    මමත් රසායන විද්‍යාවට හුඟක් කැමතියි ඒ ලෙවල් කරන කාලෙ. මම කැමතිම කාබනික රසායනයටයි, කාර්මික රසායනයටයි.
    දැන් නම් ඒ කැමැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, දැන් quantum, nano, ඒ වගේ දේවල් වලට නැඹුරු වෙලා. :)

    ReplyDelete
  10. ෂහ්. මේක වැදගත් කතාවක්. දිගටම මේ සබ්ජෙක්‍ට් එකෙන් ලියනවනං සෑහෙන්න ප්‍රයෝජනයි.

    ReplyDelete
  11. @Madhawa Habarakada
    බොහොම ස්තූතියි! කමෙන්ටුවට. මමත් ක්වොන්ටම්වාදය සහ නැනෝ තාක්ෂණය ගැන ඉගෙන ගන්න පුදුම ආසාවකින් ඉන්නේ! හැබැයි තාම හරියට ඉගෙනගන්න හම්බ වුණේ නෑ. ඉස්සරහට බලමුකෝ!

    @Supun Sudaraka
    බොහොම ස්තූතියි මාව උනන්දු කරනවට! අනිවා! මම මේ ගැන දිගටම ලියනවා!

    ඔන්න මම අලුත් වැඩකුත් පටන්ගත්තා. පහත සබැඳියට ගොහින් බලන්න!
    wearescientific.blogspot.com

    ReplyDelete

Follow by Email

Profile

My photo

a Human, a Sri Lankan, a Sinhalese, Roman Catholic, an Engineering undergraduate

Followers

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -