Posted by : Shirosh Friday, January 3, 2014

වා තලයෙන් රිංගන දිය ධාරා
මිහි මත වැටෙයි ධූලි නංවා
උරා විනිවිද යයි පවස නිවා
තෙත පැල්මකි විහිදා
එනමුදු පහර දෙයි නැවතත් වැරෙන්
ශිඛර නිම්න සාදයි රටා
කිලිටු සායම් මකා
ගලා යයි දසත වගුරුවා
නිසි තැන නවතා
යයි  නැවතත් නිසොල්මනට


*පිංතූරය amazon.com ඇසුරෙනි. වීඩියෝව anshul massey සංස්කරණයක්. ලැබුවාවු නව වසරට මගෙන් සුබ පැතුම්!

{ 4 comments... read them below or Comment }

  1. සුබ නව වසරක්. කවි අර්ථ මට එතරම් නොතේරේ

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! මමත් ලොකු කවි කාරයෙක් නම් නෙමේ. නිසඳැසක් වගේ එකක් ලියන්න හිතුනා. ප්‍රතිචාරයට තුති!

      Delete
  2. ලස්සන නිර්මාණයක්. පුංචි දෙයක් වුනත් කොයි තරම් වෙනස් වෙනස් විදිහට දකින්න පුළුවන් ද.. නේද ? කවි රස විඳින්න විතරයි මාත් දන්නේ. ඉතින් වැඩි දෙයක් කියන්න තේරෙන්නේ නෑ. නිර්මාණකරණයට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔව්. සමහර වෙලාවට පොඩි දේවල් පවා තියෙනවා අපිට විඳින්න අමතක වෙන.

      Delete

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -