Posted by : Shirosh Monday, February 17, 2014

ලංකාවේ ඇලෙක්සා ශ්‍රේණි ගත කිරීම් අනුව Google, Facebook, YouTube සහ Blogspot යන වෙබ් අඩවි ටික තමා ඉහලින්ම තියෙන්නේ. ඒ අතරින් YouTube විශේෂයි. යූටියුබ් කියන්නේ නිකම්ම වීඩියෝ එකතුවක් විතරක් නෙමේ. ඒක දැන් ප්‍රමුඛ පෙළේ සමාජ ජාල (Social Network) අඩවියක්. අනෙක් අතට ඒක වීඩියෝ බ්ලොග් (Video Blogging) කලාවක් දක්වාම දියුණු වෙලා. ඒ කියන්නේ අපි බ්ලොග් එකක් ලියනවා වගේ මෙහිදී අපේම කියලා චැනල් එකක් පටන් අරන් තමන්ගේ ස්වයං ප්‍රකාශනය වීඩියෝවක් විදියට අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. ඉතින් මේ වගේ චැනල් මිලියන ගණනක් ලොවපුරා පුද්ගලයින් මෙහෙවනවා.


දැන් මම කියන්නේ ඒ අති විශාල යූටියුබ් චැනල් කන්දරාව අතරින් ජනප්‍රිය සහ මගේ හිත ගිය ශ්‍රී ලාංකික යූටියුබ් චැනල කීපයක් ගැන.

Jehanr

මේ තියෙන්නේ දැනට වැඩිම ජනප්‍රියතාවක් සහිත ශ්‍රී ලාංකීක යූටියුබ් චැනලය. ජනප්‍රියතාව කොතෙක්ද කියනවනම්  Rewind YouTube Style 2012 වීඩියෝව සදහා පෙනී සිටින්නත් මේ චැනලයේ නිර්මාපක ජෙහාන් රණතුංගට අවස්ථාව ලැබෙනවා. මොහු ගැන කියනවනම් ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රෙලියාවේ හැදිලා වැඩිලා දැන් ඇමරිකාවේ ඉන්න තරුණයෙක්. ඔහුගේ හැම වීඩියෝවක්ම නිර්මාණය වෙන්නේ ශ්‍රී ලාංකිකයා මුල් කරගෙනයි. ඒ වගේම ඉංග්‍රීසිය මව්බස නොවන්නෙකුගේ  (ඉන්දියානු උප මහද්වීපයේ වෙසෙන්නෙකුගේ) කතා විලාසය මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙනවා. ‍

Gappiya Pictures

මේ තවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීකයෙක්. ඔහුගේ අන්වර්ථ නාමය ගප්පියා. ඔහු විදේශගත වූ ජීවිතයක සිතුවිලි වෙනස්ම විදියකට ඉදිරිපත් කරන චරිතයක්. කතාවක එන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහුට තියෙනවා. සංස්කරණය පැත්තෙනුන් ඉහල මට්ටමක  ඔහුගේ වීඩියෝ තියෙනවා. විටෙක සිනහවත් විටෙක හිතන්න යමකුත් ඔහුගේ නිර්මාණ තුල අන්තර්ගතයි. ඒත් එක්කම අමුතු කලාත්මක ගතියකුත් තියෙනවා.

Kushan Srimal Show

සරලවම කිව්වොත් ලංකාවේම ඉන්න කොල්ලෝ දෙන්නෙක්ගේ වැඩක්. ඔවුන් නමින් කුෂාන් සහ ශ්‍රීමාල්. මේ දෙන්නට නිතරම සහය වෙන්නේ සොයුරු චමිඳු. ඔවුන් වීඩියෝවක් නිර්මාණය කිරීමට තමන්ගේ හැකියාවන් සහ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බවක් පේනවා. ප්‍රහසනය ඔවුන්ගේ සෑම වීඩියෝවකම අනිවාර්යයි. විශේෂත්වය ඔවුන්ගේ හැකියාවන් පුළුල් පරාසයක තිබීමයි. ඔවුන්ගේ ක්‍රියාදාම දර්ශනත් ඉහල මට්ටමක තියෙනවා. දැන් දැන් සංස්කරණය අතිනුත් සෑහෙන දියුණු මට්ටමක ඉන්නවා. මීට අමතරව ඔවුන්ට Sights with Kushan and Srimal සහ KushanSrimal 2nd Channel යනුවෙන් තවත් චැනල් දෙකක් තියෙනවා.

VideoKatha

මං හිතන විදියට මේ තවත් විදේශගත වූ ලාංකිකයෙක්. ඔහු නමින් සම්පත්. මේක අධ්‍යාපනික වශයෙන් ලොකු වටිනාකමක් සහිත යූටියුබ් චැනලයක්. ඔහුගේ චැනලය තුල විවිධ වූ මාතෘකා සාකච්ඡා කෙරෙනවා. එදිනෙදා සිදධින් මෙන්ම විද්‍යා හා තාක්ෂණික කරුණු පවා ඉතා සරලව ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව තියෙනවා.

Bored Without War (යුද්දේ නැතුව පාළුයි)

මේක ලංකාවේ තරුණයින් කීපදෙනෙකුගේ වැඩක්.  කියන්න තියෙන දේ කෙලින්ම කියන්න උත්සහ දරන කට්ටියක්. "පශ්චාත් යුධ සමයේ ලංකාව" තමා ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව. මේ චැනලයට විවේචන වලින් නම් අඩුවක් නෑ. දාලා තියෙන ප්‍රතිචාර බැලුවොත්නම් තෙරෙයි ඒක. කාලීන සිදුවීම් ගොඩක් ඔවුන්ගේ කතාව යටින් ගලාගෙන යනවා. ගොඩක්ම වෙනස් විදියේ කතා මාලාවක් (Documentary Series). 

ඉතින් ඔය තියෙන්නේ මට අහම්බෙන් හමුවුණු ලංකාවේ අය පවත්වාගෙන යන යූටියුබ් චැනල් පහක්. මේවා දැනට හම්බවුණු හොදයි කියලා හිතෙන ඒවායින් කීපයක්. මීට අමතරව මඟ හැරුණු ඒවා තිබුණොත් ඒවත් දාලා මේ ලිපිය පසුව යාවත්කාලීන කරන්නම්. ෴

{ 14 comments... read them below or Comment }

  1. යූ ටියුබ් නම් පාවිච්චිය අඩුයි මං. මේ ඩේටා ප්‍රශ්නත් එක්ක. කෝම වුනත් හොඳ තොරතුරක්.

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් එකට ඇබ්බැහි වෙනවා කියන්නේ අනිවා ඩේටා ටිකටනම් කෙල වෙනවා තමා. කොහොමහරි ඩේටා ප්‍රශ්නයක විසදුණු දාකට බලන්න. ඊට පස්සේ බලන්න ගත්තම නතර කරගන්න බැරි වෙයි . ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තිතී යාලුවා. වීඩියෝ කතා එකටත් පොඩි ඉඩක් වෙන් කලාට. ඔව් මම ඇතටම ලන්කවෙ නෙමේ ජීවත් වෙන්නෙ. ඉතින් අපේ අය වෙනුවෙන් රටට වදගත් දෙයක් කරන්න අදහසින් තමා වීඩියෝ කතා පටන් ගත්තේ. මෙතෙක් කලක් ඔයාල දුන්නු support එක ගොඩාක් ලොකුවට අගය කරනවා. මොකද සින්හලෙන් වැදගත් දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න සමහර අයට ලොකු කැමැත්තක් නෑනේ. සම්පත් වීඩියෝ කතා එකෙන්

      Delete
    2. බාෙහාම ස්තූතියි ප්‍රතිචාරයට. මේ වගේ දැනුමට යමක් එකතු කරන චැනල් වෙන භාෂා වලින් සෑහෙන්න තිබුණත් මම පළමු වතාවට සිංහලෙන් මේ වගේ දෙයක් කරනවා දැක්කේ ඔබේ වීඩියෝ කතා චැනල් එකේ විතරයි. ඇත්තටම අගය කරන්න ඕනේ වැඩක්. දිගටම කරගෙන යන්න.

      Delete
  3. මෙ මන් ගෙනත් කියල තියෙන්නෙ! මරුනේ. thank you Shiroshan. මොකද

    අපිත නැ සල්ලි බැන්කු වල
    කාර් බාර් හොටල් බිල් ගෙවන
    තාත්තලා හො a/c කරපු කාමර
    අත්තේ නොපටු බස්නා විර්ය
    සහ නොමියන පිපාසය වෙනසක.

    ReplyDelete
    Replies
    1. "තම හිසට තම අතමය සෙවනැල්ල" ගප්පියා! දිගටම කරගෙන යන්න. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.

      Delete
  4. niyamayi .... meka nisa thama mn youtube enna patan gaththe ela ela

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට පසිඳු.

      Delete
  5. mamath youtube wadiya balane na, balana gattama iwarayakut na :D hoda post ekak! ewagema lankawe ayage video blog gana danagatta godark stuti!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. ගොඩ කාලෙකින් දැක්කේ.

      Delete
  6. Yeah I'm also a great fan of JehanR and Kushan and Srimal, Thanx for introducing me the other three channels..!!

    ReplyDelete

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -