Posted by : Shirosh Wednesday, September 30, 2009

මම අද (2009 සැප්තැම්බර් මස 07 වැනිදා සඳුදා) මෙම ලිපිය ලියන්නේ පුංචි පුවතක් ගැනය. අද උදේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළට මිය ගිය තල්මසෙක් ගොඩ වැදිණි. මගේ නිවස පිටුපස මුහුදු වෙරළෙහි මෙම තල්මසා ගොඩගසා තිබුණි. එම නිසා මා හට හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙය මම තල්මසෙකු සියැසින් දැකබලා ගත් ප්‍රථම අවස්ථාවයි. ගමේ මිනිස්සු මෙම අවස්ථාව දැක බලා ගැනීමට රොක් විය.
නමුත් තල්මසාගේ හිස පෙදෙස නොතිබුණි. මුහුදේ රළු ගතිය නිසා එය වෙන්ව ගොස්යන්නට ඇත. දවස් කිහිපයකට පෙර මිය ගිය තල්මසෙක් බව අවට පැතීරි ගිය දුර්ගන්ධයෙන් පැහැදිලි විය. නිවස ආසන්නයේ තිබූ හෙයින් ගන්ධය විටෙක ඉවසා ගත නොහැකි විය. මාධ්‍යවේදීන් පවා මෙය වාර්තා කිරීමට පැමිණියහ.
පහතින් දැක්වෙන්නේ මා විසින් ගන්නා ලද ඡායාරූප දෙකකි. (ප.ව. 2.30 ට පමණ) මේ සඳහා LG KG200 ජංගම දුරකථනයක් භාවිතා කරන ලදී.


ජංගම දුරකථනයේ කැමරාව මෙගා පික්සල් 1.3ක් වූ නිසාත් ඈත සිට ගත් නිසාත් ඉතා පැහැදිලි ඡායාරූප ගත ‍නොහැකි විය.

{ 3 comments... read them below or Comment }

  1. ඔන්න හරියට දවස් දෙකකට පස්සේ දෙකට කපා වෙරළේ වැලලුවා...(මාර ගඳක්)

    ReplyDelete
  2. අපොයි ඒ දවස් දෙක කොහොමද හිටියෙ නහය තියාගෙන?? O_o

    ReplyDelete
  3. පුදුම ගඳක් !!!! ගම පුරාම ගඳයි!!!!

    ReplyDelete

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -