Showing posts with label පරිගණක. Show all posts
මගේ ඩිජිටල් සිතුවම් කිහිපයක්
පැන්සලකින්(හෝ පෑනකින්) හා කඩදාසියකින් කරන්න පුළුවන් ගෝඩක් දේවල් තියෙනවා. මටනම් ඔය දෙකම හම්බ වුණාම කරන්නනේ හිතට එන ඕනේම දෙයක් සිතුවමට නඟන එකයි. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මම නිකන් ඉන්න ගමන් ඇඳපු සිතුවම් වගයක්. හැබැයි ඒවා එකක්වත් සැබෑ කඩදාසියක් මත කළ සිතුවම්නම් නෙමේ. ඒවා ඩිජිටල් මාදාලියේ නිර්මාණ. Paint.NET මෘදුකාංගය භාවිතා කරලා තමයි වැඩේ කෙරුවේ. Paint.NET කියන්නේ සාමාන්‍ය Paint වලට වඩා ගොඩක් දුරට සංවර්ධනය කළ ග්‍රැෆික් මෘදුකාංගයක්. ඇත්තටම Photoshop මට්ටමටම සංවර්ධිතයි.
ඉතින් පහළ තියෙන්නේ එම මෘදුකාංගයෙන් මා කරන ලද සිතුවම් කිහිපයක්. හැබැයි ඒ කිසිවකට පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග යොදලා නෑ. තනිකර අතේ හුරුවෙන් ඇඳුණු රේඛා වලින් තමා නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් ඕවා තමයි මගේ සිතුවම් ටික. සමහර වෙලාවට විකාර චිත්‍ර ටිකක් කියලා හිතෙනවත් ඇති. මේවා ගැන මොනාහරි කියන්න තියෙනවනම් ප්‍රතිචාරයක් දාලම යන්න. ඔයගොල්ලොත් නිකන් ඉන්න වෙලාවට උත්සහ කරලා බලන්න. මවුසය උපරිම නිදහසේ තබාගේන හිතෙන දේ සිතුවම් කරන්න.෴
මගේ අලුත් වසම සහ අලුත් වැඩ
ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!
ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.
දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!
ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි!
ඉතින් දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴

“භාෂිත” නමින් අලුත් ෆොන්ට පැකේජයක්
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනය(ICTA) සිංහල යුනිකේත භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව ෆොන්ට පැකේජයක් හඳුන්වා දී ඇත. එය “භාෂිත” දැනට භාවිතයේ ඇති සිංහල යුනිකේත ෆොන්ට ප්‍රමාණය ඉතා සීමිත යි. එම ෆොන්ට වල අකුරු රටාව පවා ඒකාකාරී බවක් ඇත. එබැවින් බොහෝ දෙනෙකු නව නිර්මාණශීලි රචනා කටයුතු සඳහා මෙම ෆොන්ට භාවිතා කිරීමට ඇතැම් විට මෑළි වෙති. ඒ නිසා “භාෂිත” ෆොන්ට පෙල හඳුන්වා දී ඇත. මෙය සියබස් වෙබ් අඩවිය(www.siyabas.lk) ඔස්සේ නොමිලේ ලබා දේ. නමුත් ඔබේ පහසුව තකා මෙතැනින් බාගන්න.
“භාෂිත” ෆොන්ට පැකේජයෙහි වින්ඩොස් හා ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට සරිලන ෆොන්ට කිහිපයක් (සියළුම ෆොන්ට ගණන 10කි) අඩංගු වේ. ඒ අතර Bhashitha-Sans, Bhashitha-Serif, DinaminaUniWeb හා Sarasavi Unicode යන ෆොන්ට(True-Type Fonts) ප්‍රධාන වේ. මීට අමතරව මෙම ෆොන්ට ම ලිනක්ස් සඳහා ගැලපෙන අයුරින්ද නිමවා ඇත. කෙසේ නමුත් මෙය සාමාන්‍ය එදිනෙදා භාවිතයට සුදුසු ෆොන්ට අඩංගු වේ.
නමුත් මට හැඟෙන පරිදි මෙම ෆොන්ට පවා භාවිතයට ප්‍රමාණවත් මදිය. ඒ එහි අනෙක් සිංහල යුනිකේත ෆොන්ට වාගේම ඒකාකාරී බවක් ගනී. නමුත් ආරම්භයක් වශයෙන් මෙම “භාෂිත” ෆොන්ට පෙලද වටී. එහෙත් විවිධාකාර විචිත්‍ර සිංහල යුනිකේත ෆොන්ට අප සතුව නැත. අතලොස්සක් එවැනි ෆොන්ට තිබුණද මිල අධිකය. කෙසේ හෝ වචිත්‍රවත් ෆොන්ට අපට සාදා දේ නම් ගොඩක් වටී. එසේම සිංහල යුනිකේත අනුගත අක්ෂර රටා සාදන සැටි කියා දේනම් නවකයන්ට අත්වැලක් වනු ඇත.
Sunday, September 6, 2009
Posted by Shirosh