Archive for 2011

බස් රථයේ මතකයක්



නොදුටිමි ඔබේ දෑස හරිහැටි
ලැබුවේ යන්තම් ස්පර්ශය
නෙත් කොණින් බලා සැනසී
යන්නට වීමි හදිසියේම
සිත නොදුන්නද


මගේ ඩිජිටල් සිතුවම් කිහිපයක්

පැන්සලකින්(හෝ පෑනකින්) හා කඩදාසියකින් කරන්න පුළුවන් ගෝඩක් දේවල් තියෙනවා. මටනම් ඔය දෙකම හම්බ වුණාම කරන්නනේ හිතට එන ඕනේම දෙයක් සිතුවමට නඟන එකයි. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මම නිකන් ඉන්න ගමන් ඇඳපු සිතුවම් වගයක්. හැබැයි ඒවා එකක්වත් සැබෑ කඩදාසියක් මත කළ සිතුවම්නම් නෙමේ. ඒවා ඩිජිටල් මාදාලියේ නිර්මාණ. Paint.NET මෘදුකාංගය භාවිතා කරලා තමයි වැඩේ කෙ‍රුවේ. Paint.NET කියන්නේ  සාමාන්‍ය Paint වලට වඩා ගොඩක් දුරට සංවර්ධනය කළ ග්‍රැෆික් මෘදුකාංගයක්. ඇත්තටම Photoshop මට්ටමටම සංවර්ධිතයි.
ඉතින් පහළ තියෙන්නේ එම මෘදුකාංගයෙන් මා කරන ලද සිතුවම් කිහිපයක්. හැබැයි ඒ කිසිවකට පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග යොදලා නෑ. තනිකර අතේ හුරුවෙන් ඇඳුණු රේඛා වලින් තමා නිර්මාණය වෙලා තියෙන්නේ.








ඉතින් ඕවා තමයි මගේ සිතුවම් ටික. සමහර වෙලාවට විකාර චිත්‍ර ටිකක් කියලා හිතෙනවත් ඇති. මේවා ගැන මොනාහරි කියන්න තියෙනවනම් ප්‍රතිචාරයක් දා‍ලම යන්න. ඔයගොල්ලොත් නිකන් ඉන්න වෙලාවට උත්සහ කරලා බලන්න. මවුසය උපරිම නිදහසේ තබාගේන හිතෙන දේ සිතුවම් කරන්න.෴

මොනවා හරි ලියලා යන්න හිතුණා

ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආ‍යෙත් බ්ලොගයට මොනවාහරි ලියන්න හිතුණා. දැන්නම් ලියන්න වෙලාවක් නැති තරම්. හැමදාම ගූගල් රීඩරයට එන බ්ලොග් ලිපි ටික කියවලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් මේ දවස් වල පාඩම් වැඩ තමයි කරන්නේ. ගණන් හදන එකෙත් මාරම ගතියක් තියෙනවා. ගාණක් හදලා ඒකේ උත්තරේ ගත්තම මාර සතුටක් දැනෙන්නේ. ගණිතය වැනි විෂයයක් අපිව කොච්චර දුරට හිතන්න පොළඹවනවද කියන එක දැන් මට හොදටම තේරිලයි තියෙන්නේ. තව දුරටත් ගණිතයට බය වීම අනවශ්‍ය දෙයක්.

ඉතින් ඔය අස්සේ ක්‍රිකට් තරග බලන පිස්සුවකුත් හැදිලයි තියෙන්නේ. මෙදා ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබාවය හොදින්ම පෙන්වන තත්ත්වයක් තමා ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් හද පතුලෙන්ම  සුභ පතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට.

තව දෙයක් "ඉලංදාරියා" වෙනුවෙන් අපේ බ්ලොග් සඟයින් කටයුතු කරන හැටි දැක්කම ඇත්තටම සතුටක් දැනෙනවා. "මේ බ්ලොග් මාධ්‍යයෙන් අපිට කොච්චර දේවල්නම් කරන්න පුළුවන්ද?" කියලා හිතෙනවා. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශයේ මේ පියවර මම හදවතින්ම අගය කරනවා. "ඉලංදාරියා" බ්ලොග් සොයුරාටත් ඉක්මන් සුවය පතමි.

ඉතින් කොහොම හරි හිතේ තියෙන දේ පොඩ්ඩක් හරි ලියා ගත්තා සාරාංශ කරලා. එහෙනම් පසුව හමුවෙමු. (පල්ලහො තියෙන්නේ මගේ ඡායාරූපයක්. තාම මගේ පිංතූරයක් බ්ලොගයේ දාලා නැති හින්දා දාන්න හිතුණා... නිකමට වගේ...)




Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -