Archive for 2009

සිංහල හෝඩිය ලොව ඇති නිර්මාණාත්මක හෝඩියක්

‍පසුගිය දා ලොව ‍වඩාත් නිර්මෘණාත්මක හෝඩි තේරීමේ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීණි.‍ මෙහිදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක හෝඩි දහසයෙන් එකක් බව පිළිගැනිණ. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ කොරියානු ජාතික මහාචාර්ය සුන් ජික් ඛේ විසිනි. ඔහු විවිධ රට වලට ගොස් මේ සඳහා අවශ්‍ය තොරතුරු විමසා බැලුවේ ය. සිංහල භාෂාව වෙනුවෙන් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූයේ මහාචාර්ය ජේ.බී.
සිංහල හෝඩියට ආවේණික වූ අක්ෂර 6ක් තිබෙන මෙහිදී පැවසී ය. එනම් ඇ, ඈ, ඟ, ඬ, ඳ, ඹ යන අකුරුයි. සිංහල හෝඩිය සුළු වශයෙන් පාලි, සංස්කෘත හෝඩි වලින් ද ආභාෂය ලබා ඇත. එසේම මාලදිවයින් හෝඩිය සිංහල හෝඩියේ ආභාෂය ලබා ඇත.
සිංහල හෝඩිය හැර අනෙක් හෝඩි 15ට ‍ග්‍රීක, චීන, බුරුම, රෝම, දේවනගරි, ජපන් ආදී හෝඩීන් ද එකතු විය. මෙහි සුවිශේෂත්වය මෙම හෝඩි සියල්ලම ආසියානු කලාපයේ බිහි වූ ඒවා වීමයි.
Saturday, December 12, 2009
Posted by Shirosh

Welcome Blog Post

Hi. First of all I say 'Ayubowan' (a Sinhala word, it mean 'may live long') to all of you. This is my first English Blog post. But I already have a Blog Site. It is Sinhala Blog. To see that, click here. (randikasilva.blogspot.com) I hope to write blog posts from  next month. Your comments are very useful to me.Now I am facing my G.C.E. (Ordinary Level) exam. I will meet you later.Thank You!
Wednesday, December 9, 2009
Posted by Shirosh

නොමිලේ ඩොමේන් සහ ගූගල් රැළි ආරාධනා

100% Free Domain

"100% Free Domain" කියලා නම් කියනවා. 100% ඇත්තද  කියල නම් දන්නෑ. ලියාපදිංචි වෙලාම බලන්න.



________________________________________________________________________________

ගූගල් රැල්ල පාගන්න ආරාධනා

ගූගල් රැල්ලක් (Google Wave) ඕනේ නම් යටින් අදහසක් පළ කරන්න. හැබැයි නිකම්ම් නිකම් අදහස් දාන්න එපා. ගූගල් රැල්ල ගැන ඉතා අර්ථවත්, සිංහලෙන්, වැකි 2ක් පමණක් දාන්න. තෝරා ගත් පළමු 10+දෙනාට ගූගල් වේව් ආරාධනාවක් එවනවා. (Google Wave Invitation)
(මට ආරාධනාවක් එව්ව Naliyaවත් මේ අවස්ථාවේදී මතක් කරනවා)

පුවත්පතක සිටියෙමි!

ඔන්න ටික කලකට පසුවයි මම බ්ලොග් ලිපියක් ලියන්නේ. ඒ මොකටවත් නෙමේ මට ලැබුණු විශේෂ අවස්ථාවක් ගැන කියන්නයි. මේකයි ඔක්තෝම්බර් 9 ලෝක තැපැල් දිනය වෙනුවෙන් කඳාන තැපැල් කාර්යාලය විසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව තැපැල් මුද්දර පිළිබඳව අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කළා. මෙයට මගේ පාසල වන බප/මීග/ කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය නියෝජනය කරමින් මාත් සහභාගි වුණා. අවසානයේ අවසන් වටයට අප පාසල තේරුණා. අවසන් තරගයට අප සමග තරග වැදුණේ උස්වැටකෙයියාව සා.මරියා විද්‍යාලයයි. (මෙය මගේ ගමේ පිහිටි පාසලයි.) කෙසේ හෝ තරගාවලිය අප පාසල ජය ගත්තා. කුසලානයක් සමග තෑගි අප කණ්ඩායමට හිමි වූණා.
සතියකට පස්සේ පංතියේ කොල්ලෙක් කිව්වා ‘ඔයා පත්තරේ ඉන්නවා’ කියලා. ඒ පත්තර කෑල්ල පෙන්නුවම තමයි දන්නේ මම පත්තරේ ඉනනවා කියලා. (මටත් ඉතින් මාර හැපී) මගේ පිංතූරයක් පුවත්පතක පළවුනු පළමු අවස්ථාව මෙයයි.

පත්තර කෑල්ල නම් ගොඩක් පොඩි වෙලා. ස්කෑන් කරලා පොඩ්ඩක් සංස්කරණය කරලා තමා ගත්තේ.

ඉහතින් දැක්වෙන්නේ 2009 ඔක්තෝම්බර් 24 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවු ලිපියෙහි ඡායා පිටපතකි. (රවුම තුල ඉන්නේ me)
__________________________________________________________________________________

තැපැල් දිනය වෙනුවෙනුත් ඔබලා දැනුවත් කලොත් හොදයි කියලා හිතෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් තමයි මේ.....



ඉස්සර තැපැල් ක්‍රමයේදී ලිපි ලබන්නා තැපැල් ගාස්තු දැරිය යුතය. එහිදී පිටු ගණන, ලබන්නා වෙත ගමන්කල යුතු දුර යන සාධක මත ගාස්තු රඳා පවතී. නමුත් මේ ක්‍රමය අවාසි සහගත එකක් වූ නිසා ප්‍රතික්‍ෂේපයට ලක් විය. මේ සඳහා එංගලන්තයේදී ශ්‍රීමත් රෝලන්ඩ් හිල් "සම තැපැල් ගාස්තු ක්‍රමය" හඳ්‍රන්වා දුනි. මෙයට අනුව ලිපි යවන්නා අඳාළ ගාස්තු ගෙවිය යුතුය. එම ගාස්තු මුද්දර මඟින් අය කර ගැනීමට තීරණය විය. ඒ අනුව 1840 මැයි 6 වන දින වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය සහිත ලොව ප්‍රථම මුද්දරය නිකුත් විය. පැන්ස 1ක වටිනාකමින් යුතු එය "පෙනී බ්ලැක්" නම් විය.
‍එංගලන්තයේ මුද්දර දැති රහිත යි. ඒ වාගේම රටේ නම ද සටහන් කර නැත. ඒ සඳහා විශ්ව තැපැල් සංවිධානය ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ ගෞරවය වෙනුවෙන් අවසර දී ඇත. විශ්ව තැපැල් සංවිධානය පිහිටුවා මේ ඔක්තෝම්බර් 9 දිනට අවුරුදු 135කි.
Monday, November 2, 2009
Posted by Shirosh

උස්වැටකෙයියා වෙරළට ගොඩබට තල්මසා

මම අද (2009 සැප්තැම්බර් මස 07 වැනිදා සඳුදා) මෙම ලිපිය ලියන්නේ පුංචි පුවතක් ගැනය. අද උදේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළට මිය ගිය තල්මසෙක් ගොඩ වැදිණි. මගේ නිවස පිටුපස මුහුදු වෙරළෙහි මෙම තල්මසා ගොඩගසා තිබුණි. එම නිසා මා හට හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙය මම තල්මසෙකු සියැසින් දැකබලා ගත් ප්‍රථම අවස්ථාවයි. ගමේ මිනිස්සු මෙම අවස්ථාව දැක බලා ගැනීමට රොක් විය.
නමුත් තල්මසාගේ හිස පෙදෙස නොතිබුණි. මුහුදේ රළු ගතිය නිසා එය වෙන්ව ගොස්යන්නට ඇත. දවස් කිහිපයකට පෙර මිය ගිය තල්මසෙක් බව අවට පැතීරි ගිය දුර්ගන්ධයෙන් පැහැදිලි විය. නිවස ආසන්නයේ තිබූ හෙයින් ගන්ධය විටෙක ඉවසා ගත නොහැකි විය. මාධ්‍යවේදීන් පවා මෙය වාර්තා කිරීමට පැමිණියහ.
පහතින් දැක්වෙන්නේ මා විසින් ගන්නා ලද ඡායාරූප දෙකකි. (ප.ව. 2.30 ට පමණ) මේ සඳහා LG KG200 ජංගම දුරකථනයක් භාවිතා කරන ලදී.


ජංගම දුරකථනයේ කැමරාව මෙගා පික්සල් 1.3ක් වූ නිසාත් ඈත සිට ගත් නිසාත් ඉතා පැහැදිලි ඡායාරූප ගත ‍නොහැකි විය.
Wednesday, September 30, 2009
Posted by Shirosh

“භාෂිත” නමින් අලුත් ‍ෆොන්ට පැකේජයක්

-->
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනය(ICTA) සිංහල යුනිකේත භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව ෆොන්ට පැකේජයක් හඳුන්වා දී ඇත. එය “භාෂිත” දැනට භාවිතයේ ඇති සිංහල යුනිකේත ෆොන්ට ප්‍රමාණය ඉතා සීමිත යි. එම ෆොන්ට වල අකුරු රටාව පවා ඒකාකාරී බවක් ඇත. එබැවින් බොහෝ දෙනෙකු නව නිර්මාණශීලි රචනා කටයුතු සඳහා මෙම ‍ ෆොන්ට භාවිතා කිරීමට ඇතැම් විට මෑළි වෙති. ඒ නිසා “භාෂිත” ෆොන්ට පෙල හඳුන්වා දී ඇත. මෙය සියබස් වෙබ් අඩවිය(www.siyabas.lk) ඔස්සේ නොමිලේ ලබා දේ. නමුත් ඔබේ පහසුව තකා මෙතැනින් බාගන්න.
“භාෂිත” ෆොන්ට පැකේජයෙහි වින්ඩොස් හා ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට සරිලන ෆොන්ට කිහිපයක් (සියළුම ෆොන්ට ගණන 10කි) අඩංගු වේ. ඒ අතර Bhashitha-Sans, Bhashitha-Serif, DinaminaUniWeb හා Sarasavi Unicode යන ෆොන්ට(True-Type Fonts) ප්‍රධාන වේ. මීට අමතරව මෙම ෆොන්ට ම ලිනක්ස් සඳහා ගැලපෙන අයුරින්ද නිමවා ඇත. කෙසේ නමුත් මෙය සාමාන්‍ය එදිනෙදා භාවිතයට සුදුසු ෆොන්ට අඩංගු වේ.
නමුත් මට හැ‍‍ඟෙන පරිදි මෙම ෆොන්ට පවා භාවිතයට ප්‍රමාණවත් මදිය. ඒ එහි අනෙක් සිංහල යුනිකේත ෆොන්ට වාගේම ඒකාකාරී බවක් ගනී. නමුත් ආරම්භයක් වශයෙන් මෙම “භාෂිත” ෆොන්ට පෙලද වටී. එහෙත් විවිධාකාර විචිත්‍ර සිංහල යුනිකේත ෆොන්ට අප සතුව නැත. අතලොස්සක් එවැනි ෆොන්ට තිබුණද මිල අධිකය. කෙසේ හෝ වචිත්‍රවත් ෆොන්ට අපට සාදා දේ නම් ගොඩක් වටී. එසේම සිංහල යුනිකේත අනුගත අක්ෂර රටා සාදන සැටි කියා දේනම් නවකයන්ට අත්වැලක් වනු ඇත.

ආයුබෝවන්!

අද මම හරි හමන් විදිහට බ්ලොග් අඩවියක් පටන් ගත්තා. ඔන්න ඉතින් මමත් සයිබර් අවකාශයේ දින පොතක් ඇරඹුවා.හැබැයි මේක මගේ දෙවන ලිපියයි. මොකද මම කලිනුත් එකක් ලියලා තිබ්බා.(බලන්න) කොහොම හරි ඉතින් මගේ Talks (දැන් Shiroshan Randika's Blog) බ්ලොග් අඩවියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ඉදිරියේදී අර්ථවත් ලිපි පෙළක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ වටිනා අදහස් ඉතා වැදගත්ය.
Tuesday, September 1, 2009
Posted by Shirosh
Tag :

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -