Archive for May 2010

සිංහල අපේ නමේ මුලකුරු

අද මම කියන්න යන මාතෘකාව ගැන කාලයක් ලක්බිම පුවත්පතේ සංවාදාත්මක ලිපි පෙළක් ගියා. ඉතින් මම හිතුවා ඒ මාතෘකාව බ්ලොග් අවකාශයටත් ගෙන එන්න ඕනේ කියලා. සෑම මනුස්සයෙක් සඳහාම ඔහුට ආවේණික නමක් තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ නමේ ස්වභාවය තීරණය වෙන්නේ  ඔහු/ඇය ජීවත් වන සංස්කෘතික සහ භාෂා වටපිටාව අනුවයි. හැමෝටම එක නමක් තිබ්බට මදි. මොකද එකම නම තියෙන අය ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට නම් ගණන දෙකක් හෝ ඊට වැඩි වෙනවා. මෙසේ නම් ගණන වැඩි වෙනකොට අපිට ඕක කොහේ හරි ලියන්න ගියාම හෙන වදයක් වෙනවා. ඒ වෙලාවට අපි නමේ මුල් කොටස(බොහෝ වෙලාවට වාස ගම) කෙටිකර අවසාන කොටස විතරක් ලියනවා.

උදාහරණයක් විදියට කිරිවැල්ලේ මුදියන්සලාගේ දොන් මංජුල ප්‍රසාද් යන නාමය අපි සාමාන්‍යයෙන් ලිවීමට පුරුදු වෙලා තියෙන්නේ K.M.D. මංජුල ප්‍රසාද් ලෙසටයි තවත් විටෙක අග නම පමණක් ඉතුරු වෙන්නට අනෙක් මුල් කොටස් වලට මුල අකුරු දානවා. එතකොට ඉහත උදාහරණය අනුව ලියවෙන්නේ K.M.D.M. ප්‍රසාද් ලෙසටයි. ඉතින් ඔය විදියට තමා අපි නම ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. 

දැන් අපි ඉහත ලියපු උදාහරණය දිහා ‍හොදට බලන්න. එහි මුලකුරු තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්. අග කොටස තියෙන්නේ සිංහලෙන්. ඔතන තමා ප්‍රශ්නය මතු වෙන්නේ. ලියන්න හදන්නේ සිංහලෙන්. ඒ වුණාට මුලකුරු ලියන්නේ ඉංග්‍රිසියෙන්. එතකොට ඉහත උදාහරණය මෙහෙමයි ලියවෙන්නේ Kiriwelle Mudiyanselage Don Manjula ප්‍රසාද් ලෙසයි. බලන්න එතකොට බාගයකටත් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන්. නමුත් සිංහලෙන් අග නම ලියලා. ඔන්න ඔහොම තමා බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාව ඕනෑම තැනක ලියන්නේ. ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නේ සිංහලෙන් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් සිංහලෙන්ම ලිවිය යුතුයි. ඒ හැර අන් භාෂාවකින් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් එම භාෂාවෙන් ලිවිය යුතුයි. ඒ අනුව ඉහත උදාහරණය K.M.D.M. Prasad කියා ඉංග්‍රීසියෙන් ලිවීම වඩාත් සුදුසුයි. කාට හරි මේක අපේ සිංහල භාෂාවෙන් ලියන්න ඕනේ නම් එය කි.මු.දො.ම. ප්‍රසාද් ලෙස ලිවිය විය යුතුයි. එයයි නිවැරදි ක්‍රමය. අපි කලින් පුරුදු වෙලා හිටිය ක්‍රමය අනුව මගේ නම කියනව නම් S.S.R. සිල්වා. සම්පූර්ණ සිංහලෙන්ම ලියනවනම් සි.ශි.ර. සිල්වා. (ඒ නමෙත් පොඩි ගතියක් තියෙනවා)
මම හිතන්නේ දැන්  අපි හැමෝම දන්නවා නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. සමහරවිට මේ විදියට අපි මෙතෙක් කල් ලිව්වේ අපේ නොදැනුවත්කම නිසා වෙන්න ඇති. සමහර විට දැන දැනම වෙන්න ඇති. සමහරු කියන්නේ  බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ උරුම වූවක් අද දක්වා විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ ක්‍රමේට පුරුදු වෙන්න ඇති කියලා. ඒ කොහොම වුණත් දැන් අපි මේ වැරැද්ද හඳුනා ගත්තා.

දැන් මේක දිහා අපි තව පැත්තකින් බලමු. මෙන්න මේ උදාහරණය බලන්න. කෑගළුගේ දඹරගල රණවීරලාගේ තිළිණ ගුණරත්න. මේ නම අපේ සිංහල ක්‍රමේට ලියූ විට කෑ.ද.ර. තිළිණ ගුණරත්න ලෙස වේ. කවුද කැමති තමාගේ නම ඉස්සරහ මේ වගේ උපහාසාත්මක වදනක් දාගන්න. ඇත්තටම එතන කෑ.ද.ර. යනු තනි වචනයක් නොවේ. එය තිත් යොදා කෙටිකළ නම් පෙළක්. නමුත් බැලූ බැල්මට එය පෙනෙන්නේ "කෑදර" යනුවෙන්. ඉතින් මේ වගේ තමාගේ නම ඉස්සරහින් අපහාස වචන නිර්මාණය වෙනවට කවුරුවත් කැමති නෑ. ඒක හින්දා සමහර අය සිංහල ක්‍රමේ අතහැරලා ඉංග්‍රීසි ක්‍රමේට මුලකුරු ටික ලියනවා. එතකොට අර වගේ විහිළුවක් සෑදෙන්නේ නැති නිසා. නමුත් මේ උදාරණය දෙස බලන්න. මාළඹේ ආරච්චිලාගේ දොන් සිරිපාල. මේක ඉංග්‍රීසී මුලකුරු වලින් ලිව්වොත් M.A.D. සිරිපාල. MAD වචනයේ සිංහල තේරුම සිහිවිකල් යන්නයි. සමහරවිට ඉංග්‍රීසි නොදන්නාකමට සමහරු ඒ ගැන නොසිතන්නට පුළුවන්. නමුත් සිරිපාල දැනගත්තොත් ඵ් වචනයේ තේරුම "සිහිවිකල්" කියලා ඔහු ඉංග්‍රීසියෙන් මුලකුරු ලියන එකක් නෑ. ඉතින් මෙහෙම බලපුවම එක එක අයට එක එක ගැටලු මතු වෙනවා.

නමුත් මේ සියල්ලටම එක් විසඳුමක් තියෙනවා. ඒ තමා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම. කු.රු. සෝමාවති යන නමේ මුලකුරු කාට හරි පුළුවන්නම් "කුරු" යනුවෙන් නොසිතා එය කෙටි කළ නම් පෙළක් පමණක් කියා සිතන්නට, එහි අර්ථය ඔහු/ඇය තුල මේ පිළිබඳව ආකල්පය වෙනස් කරගෙන ඇති බවයි. අද අපිට මේ සිංහල ක්‍රමේට මුලකුරු පාවිච්චි කරන ජනප්‍රිය දෙන්නෙක් ඉන්නවා. ඒ තමා දි.මු.ජයරත්න සහා වි.ජ.මු. ලොකු බණ්ඩාර යන අය. ඉතින් ශ්‍රී ලංකාවේ සැවොම ‍මේ පිළිබඳව යම් හෝ ආකල්පමය වෙනසක් ඇති කරගත් දාට අපිට අපේ මව්බසින් අපේ නමේ මුලකුරු ලිවිය හැක.

ඉතින් මම මේ ගැන ලිව්වේ මේ මාතෘකාව මගේ අදහසුත් අන් අයගේ අදහසුත් එකට සාරාංශගත කරලා. ඉතින් ඔබේ අදහසුත් මේ ලිපියට ලබා දෙන්න.
Saturday, May 15, 2010
Posted by Shirosh

After 17 years of my life...

I am Happy to say Now I have a own domain. It is shiroshan.info. I got that from LK Servers for a Special Offer. So I thank to LK Servers Company and SBU. I knew about this offer from Gayantha's Blog. So I have created a sub domain for this English Blog. It is eblog.shiroshan.info. And my Sinhala blog is blog.shiroshan.info. So now you can join with this 2 domains. I would like to thank all friends who are reading my blogs. Because if you weren't here I couldn't make success this  2 blogs.


Oops! I forget that. Majority friends don't know this secret. Because I don't talk about that. Actually Today is My birthday. Now I am 17 years old. I am going to be big one. When I remember my childhood memories, I feel sad. Because I can't touch that memories again. Anyway it is nature of life. Now I have to think about my Future. You know I am A/L Student. I hope to be a Computer Engineer. It is main target. And also I have to make good in my life.

Finally I would like to thank my parents, my brother, my relations, my friends & who are giving me their bless to grow up me. Thanks All of you again & Thank you father of God!
Monday, May 10, 2010
Posted by Shirosh
Tag :

මගේ අලුත් වසම සහ අලුත් වැඩ

ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!

ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.

දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!

ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ‍ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒ‍ක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා.  ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි! 

ඉතින්  දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -