Archive for November 2009

පුවත්පතක සිටියෙමි!

ඔන්න ටික කලකට පසුවයි මම බ්ලොග් ලිපියක් ලියන්නේ. ඒ මොකටවත් නෙමේ මට ලැබුණු විශේෂ අවස්ථාවක් ගැන කියන්නයි. මේකයි ඔක්තෝම්බර් 9 ලෝක තැපැල් දිනය වෙනුවෙන් කඳාන තැපැල් කාර්යාලය විසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව තැපැල් මුද්දර පිළිබඳව අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කළා. මෙයට මගේ පාසල වන බප/මීග/ කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය නියෝජනය කරමින් මාත් සහභාගි වුණා. අවසානයේ අවසන් වටයට අප පාසල තේරුණා. අවසන් තරගයට අප සමග තරග වැදුණේ උස්වැටකෙයියාව සා.මරියා විද්‍යාලයයි. (මෙය මගේ ගමේ පිහිටි පාසලයි.) කෙසේ හෝ තරගාවලිය අප පාසල ජය ගත්තා. කුසලානයක් සමග තෑගි අප කණ්ඩායමට හිමි වූණා.
සතියකට පස්සේ පංතියේ කොල්ලෙක් කිව්වා ‘ඔයා පත්තරේ ඉන්නවා’ කියලා. ඒ පත්තර කෑල්ල පෙන්නුවම තමයි දන්නේ මම පත්තරේ ඉනනවා කියලා. (මටත් ඉතින් මාර හැපී) මගේ පිංතූරයක් පුවත්පතක පළවුනු පළමු අවස්ථාව මෙයයි.

පත්තර කෑල්ල නම් ගොඩක් පොඩි වෙලා. ස්කෑන් කරලා පොඩ්ඩක් සංස්කරණය කරලා තමා ගත්තේ.

ඉහතින් දැක්වෙන්නේ 2009 ඔක්තෝම්බර් 24 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවු ලිපියෙහි ඡායා පිටපතකි. (රවුම තුල ඉන්නේ me)
__________________________________________________________________________________

තැපැල් දිනය වෙනුවෙනුත් ඔබලා දැනුවත් කලොත් හොදයි කියලා හිතෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් තමයි මේ.....



ඉස්සර තැපැල් ක්‍රමයේදී ලිපි ලබන්නා තැපැල් ගාස්තු දැරිය යුතය. එහිදී පිටු ගණන, ලබන්නා වෙත ගමන්කල යුතු දුර යන සාධක මත ගාස්තු රඳා පවතී. නමුත් මේ ක්‍රමය අවාසි සහගත එකක් වූ නිසා ප්‍රතික්‍ෂේපයට ලක් විය. මේ සඳහා එංගලන්තයේදී ශ්‍රීමත් රෝලන්ඩ් හිල් "සම තැපැල් ගාස්තු ක්‍රමය" හඳ්‍රන්වා දුනි. මෙයට අනුව ලිපි යවන්නා අඳාළ ගාස්තු ගෙවිය යුතුය. එම ගාස්තු මුද්දර මඟින් අය කර ගැනීමට තීරණය විය. ඒ අනුව 1840 මැයි 6 වන දින වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය සහිත ලොව ප්‍රථම මුද්දරය නිකුත් විය. පැන්ස 1ක වටිනාකමින් යුතු එය "පෙනී බ්ලැක්" නම් විය.
‍එංගලන්තයේ මුද්දර දැති රහිත යි. ඒ වාගේම රටේ නම ද සටහන් කර නැත. ඒ සඳහා විශ්ව තැපැල් සංවිධානය ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ ගෞරවය වෙනුවෙන් අවසර දී ඇත. විශ්ව තැපැල් සංවිධානය පිහිටුවා මේ ඔක්තෝම්බර් 9 දිනට අවුරුදු 135කි.
Monday, November 2, 2009
Posted by Shirosh

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -