Showing posts with label විනෝදාත්මක. Show all posts
ලාංකීය යූටියුබ්කරුවෝ
ලංකාවේ ඇලෙක්සා ශ්‍රේණි ගත කිරීම් අනුව Google, Facebook, YouTube සහ Blogspot යන වෙබ් අඩවි ටික තමා ඉහලින්ම තියෙන්නේ. ඒ අතරින් YouTube විශේෂයි. යූටියුබ් කියන්නේ නිකම්ම වීඩියෝ එකතුවක් විතරක් නෙමේ. ඒක දැන් ප්‍රමුඛ පෙළේ සමාජ ජාල (Social Network) අඩවියක්. අනෙක් අතට ඒක වීඩියෝ බ්ලොග් (Video Blogging) කලාවක් දක්වාම දියුණු වෙලා. ඒ කියන්නේ අපි බ්ලොග් එකක් ලියනවා වගේ මෙහිදී අපේම කියලා චැනල් එකක් පටන් අරන් තමන්ගේ ස්වයං ප්‍රකාශනය වීඩියෝවක් විදියට අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. ඉතින් මේ වගේ චැනල් මිලියන ගණනක් ලොවපුරා පුද්ගලයින් මෙහෙවනවා.
දැන් මම කියන්නේ ඒ අති විශාල යූටියුබ් චැනල් කන්දරාව අතරින් ජනප්‍රිය සහ මගේ හිත ගිය ශ්‍රී ලාංකික යූටියුබ් චැනල කීපයක් ගැන.
Jehanr
මේ තියෙන්නේ දැනට වැඩිම ජනප්‍රියතාවක් සහිත ශ්‍රී ලාංකීක යූටියුබ් චැනලය. ජනප්‍රියතාව කොතෙක්ද කියනවනම් Rewind YouTube Style 2012 වීඩියෝව සදහා පෙනී සිටින්නත් මේ චැනලයේ නිර්මාපක ජෙහාන් රණතුංගට අවස්ථාව ලැබෙනවා. මොහු ගැන කියනවනම් ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රෙලියාවේ හැදිලා වැඩිලා දැන් ඇමරිකාවේ ඉන්න තරුණයෙක්. ඔහුගේ හැම වීඩියෝවක්ම නිර්මාණය වෙන්නේ ශ්‍රී ලාංකිකයා මුල් කරගෙනයි. ඒ වගේම ඉංග්‍රීසිය මව්බස නොවන්නෙකුගේ (ඉන්දියානු උප මහද්වීපයේ වෙසෙන්නෙකුගේ) කතා විලාසය මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙනවා.
Gappiya Pictures
මේ තවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීකයෙක්. ඔහුගේ අන්වර්ථ නාමය ගප්පියා. ඔහු විදේශගත වූ ජීවිතයක සිතුවිලි වෙනස්ම විදියකට ඉදිරිපත් කරන චරිතයක්. කතාවක එන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහුට තියෙනවා. සංස්කරණය පැත්තෙනුන් ඉහල මට්ටමක ඔහුගේ වීඩියෝ තියෙනවා. විටෙක සිනහවත් විටෙක හිතන්න යමකුත් ඔහුගේ නිර්මාණ තුල අන්තර්ගතයි. ඒත් එක්කම අමුතු කලාත්මක ගතියකුත් තියෙනවා.
Kushan Srimal Show
සරලවම කිව්වොත් ලංකාවේම ඉන්න කොල්ලෝ දෙන්නෙක්ගේ වැඩක්. ඔවුන් නමින් කුෂාන් සහ ශ්‍රීමාල්. මේ දෙන්නට නිතරම සහය වෙන්නේ සොයුරු චමිඳු. ඔවුන් වීඩියෝවක් නිර්මාණය කිරීමට තමන්ගේ හැකියාවන් සහ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බවක් පේනවා. ප්‍රහසනය ඔවුන්ගේ සෑම වීඩියෝවකම අනිවාර්යයි. විශේෂත්වය ඔවුන්ගේ හැකියාවන් පුළුල් පරාසයක තිබීමයි. ඔවුන්ගේ ක්‍රියාදාම දර්ශනත් ඉහල මට්ටමක තියෙනවා. දැන් දැන් සංස්කරණය අතිනුත් සෑහෙන දියුණු මට්ටමක ඉන්නවා. මීට අමතරව ඔවුන්ට Sights with Kushan and Srimal සහ KushanSrimal 2nd Channel යනුවෙන් තවත් චැනල් දෙකක් තියෙනවා.
VideoKatha
මං හිතන විදියට මේ තවත් විදේශගත වූ ලාංකිකයෙක්. ඔහු නමින් සම්පත්. මේක අධ්‍යාපනික වශයෙන් ලොකු වටිනාකමක් සහිත යූටියුබ් චැනලයක්. ඔහුගේ චැනලය තුල විවිධ වූ මාතෘකා සාකච්ඡා කෙරෙනවා. එදිනෙදා සිදධින් මෙන්ම විද්‍යා හා තාක්ෂණික කරුණු පවා ඉතා සරලව ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව තියෙනවා.
Bored Without War (යුද්දේ නැතුව පාළුයි)
මේක ලංකාවේ තරුණයින් කීපදෙනෙකුගේ වැඩක්. කියන්න තියෙන දේ කෙලින්ම කියන්න උත්සහ දරන කට්ටියක්. "පශ්චාත් යුධ සමයේ ලංකාව" තමා ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව. මේ චැනලයට විවේචන වලින් නම් අඩුවක් නෑ. දාලා තියෙන ප්‍රතිචාර බැලුවොත්නම් තෙරෙයි ඒක. කාලීන සිදුවීම් ගොඩක් ඔවුන්ගේ කතාව යටින් ගලාගෙන යනවා. ගොඩක්ම වෙනස් විදියේ කතා මාලාවක් (Documentary Series).
ඉතින් ඔය තියෙන්නේ මට අහම්බෙන් හමුවුණු ලංකාවේ අය පවත්වාගෙන යන යූටියුබ් චැනල් පහක්. මේවා දැනට හම්බවුණු හොදයි කියලා හිතෙන ඒවායින් කීපයක්. මීට අමතරව මඟ හැරුණු ඒවා තිබුණොත් ඒවත් දාලා මේ ලිපිය පසුව යාවත්කාලීන කරන්නම්. ෴
Monday, February 17, 2014
Posted by Shirosh
වහර
වා තලයෙන් රිංගන දිය ධාරා
මිහි මත වැටෙයි ධූලි නංවා
උරා විනිවිද යයි පවස නිවා
තෙත පැල්මකි විහිදා
එනමුදු පහර දෙයි නැවතත් වැරෙන්
ශිඛර නිම්න සාදයි රටා
කිලිටු සායම් මකා
ගලා යයි දසත වගුරුවා
නිසි තැන නවතා
යයි නැවතත් නිසොල්මනට
෴
Friday, January 3, 2014
Posted by Shirosh
Toastmaster සහ තවත් කතා
මම පොඩි කාලේ ඉදලම එක එක අය කියන කතා අහන්න ආසයි. ඇත්තටම මම කතා කරනවට වඩා මොකක් හරි එකක් අහන් ඉන්න එකයි වැඩියෙන්ම කරේ. ගෙදරදී, ඉස්කෝලේදී, පල්ලියේදී, ටියුෂන් පංතියේදී මම එක එක අය කියන කතා ආසාවෙන් අහගෙන හිටියා. දැන්නම් අන්තර්ජාලයෙන් තමා ගොඩක් අහන්නේ බලන්නේ. විශේෂයෙන් ජීවිතය සාර්ථක කර ගත්ත අයගේ ජීවිත කතා වගේම එක එක අලුත් සංකල්ප ගැන එතකොට නව නිපැයුම් ගැන තියෙන දේශන එහෙම අහගෙන ඉන්න මාර ආසයි. ඒවත් එක්ක මම විවිධ දේවල් ඉගෙන ගන්නව වගේම ඒ ඒ අයගේ ජීවිත ගැන තනියම කල්පනා කරනවා.
ඉතින් මේවා ඇහුවට පස්සේ මට හැමදාම වගේ අන්තිමට හිතෙන දෙයක් තමා මටත් ඒ වගේ කතාවක් කරන්න තිබ්බ නම් කියලා. ඒවගේ රස කර කර කියන්න පුළුවන් කමක් තිබුනනම් කියලා. හැබැයි ඉස්කෝලේ යන කාලේ ඉදලම පිරිසක් ඉදිරියේ මම කතාවක් කරලම නෑ. අවස්ථා නොලැබුණාම නෙමේ. මම ඒවා උවමනාවෙන්ම වගේ මඟ ඇරියා. දැන්නම් යන ඉංග්‍රීසි පංතියේ ටිකක් එහෙන් මෙහෙන් කතා කරනවා. ඒ ඇරෙන්න තාමත් ඒ පැත්තෙන් දුර්වල මට්ටමක ඉන්නේ. ඉතින් යමක් කමක් කරගන්න පුළුවන් අවස්ථාවකදී ඒ වගේ අවස්ථා වලට පයින් ගහන්න යන්න එපා.
ඉතින් මේවා ඇහුවට පස්සේ මට හැමදාම වගේ අන්තිමට හිතෙන දෙයක් තමා මටත් ඒ වගේ කතාවක් කරන්න තිබ්බ නම් කියලා. ඒවගේ රස කර කර කියන්න පුළුවන් කමක් තිබුනනම් කියලා. හැබැයි ඉස්කෝලේ යන කාලේ ඉදලම පිරිසක් ඉදිරියේ මම කතාවක් කරලම නෑ. අවස්ථා නොලැබුණාම නෙමේ. මම ඒවා උවමනාවෙන්ම වගේ මඟ ඇරියා. දැන්නම් යන ඉංග්‍රීසි පංතියේ ටිකක් එහෙන් මෙහෙන් කතා කරනවා. ඒ ඇරෙන්න තාමත් ඒ පැත්තෙන් දුර්වල මට්ටමක ඉන්නේ. ඉතින් යමක් කමක් කරගන්න පුළුවන් අවස්ථාවකදී ඒ වගේ අවස්ථා වලට පයින් ගහන්න යන්න එපා.
මට අහම්බෙන් වගේ ඇහුනු ඉංග්‍රීසි වචනයක් තමා Toastmaster කියන්නේ. ඒකේ තේරුම සිංහලෙන් "උත්සවයන්හි සව්දිය පිරීම ප්‍රකාශ කරන තැනැත්තා" යන්නයි. සරලව කිව්වොත් කථිකයා. ඇත්තටම සාර්ථක කතාවකින් පුළුවන් තමා ඉදිරියේ සිටින පිරිස තමන්ගේ ආකර්ෂණයට නතු කර ගන්න. මොකද මමත් ඒ වගේ කතා වලින් මාර තෘප්තියක් ලබල තියෙනවා. මං හිතන්නේ එවැනි කෙනෙකුට යම් තැනක නායකත්වයට වුණත් ලේසියෙන්ම පත් වෙන්න පුළුවන්.
මම යූ ටීයුබ් එකේ එබිකම් කරනකොට හම්බුනා එක්තරා ශ්‍රී ලාංකිකයෙකුගේ ඉංග්‍රීසි කතාවක්. මේක TEDxYouth@Colombo හි පවත්වපු කතාවක්. ඒක බැලූ බැල්මට ඉතාමත් සරල කතාවක්. නමුත් ඒකේ කියන විදිහ හා ඉදිරිපත් කරන අංග චලනයත් එක්ක මාරම තේරුමක් තියෙන කතාවක්. මේ කතාවේ අයිතිකාරයා ධනන්ජය හෙට්ටිආරච්චි. ඔහු ගැන කියනවනම් අන්තර්ජාතික වශයෙන් කථික තරගාවලි වලදි ශ්‍රී ලංකාව නියෝජනය කරල ජයග්‍රහණ ලබපු අයෙක්. ඉතින් ඔහුගේ අපූරු කතාව පහලින් බලලා ඉන්න.
TED ගැනත් යමක් කිව යුතුයි. TED කියන්නේ මේ වගේ අලුත් දේවල් ලෝකයට ඉදිරිපත් කරන ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන ඉතා ජනප්‍රිය සම්මේලන පවත්වන සංවිධානයක්. TEDx කියන්නේ ස්වාධීන පිරිසක් විසින් සංවිධානය කරනු ලබන TED සම්මේලනයක්. TEDxYouth@Colombo සහ TEDxTalks@Colombo පටන් අරන් දැනට අවුරුදු කිහිපයක් වෙනවා. මේවායේ යූ ටියුබ් චැනල වලට ගිහිල්ලා බැලුවොත් ලංකාවේ තරුණ ප්‍රජාවගේ වගේම ලොව පුරා විවිධ හැකියාවන් ඇති අයගේ බොහෝ කතා අහන්න බලන්න පුළුවන්. ෴
Tuesday, December 17, 2013
Posted by Shirosh