Showing posts with label නත්තල. Show all posts
ලබන්නාවු නත්තලට සහ අවුරුද්දට සුභ පැතුම්!
මම මේ ලියන්නේ 2010 වසරේ මම ලියන අවසාන බ්ලොග් ලිපියයි. මේ ලිපිය කලින්ම ලියලා දාන්න හිතුණා. ඉතින් 2010 වසර තුළ ගොඩක් දේ සිද්ධ වුණා. විශේෂයෙන් මගේ උසස් පෙළ දිවිය පටන් ගත්තෙත් මේ අවරුද්දේ. ඒ වගේම නත්තලත් දැන් අත ළඟ. නත්තල් උත්සවය කියන එක දැන් බොහෝවිට වාණිජකරණයට වෙලා. නත්තල් සීයා වෙළඳ සංකේතයක් බවට පත් වෙලා. නගරය, වීදිය, රූපවාහිනිය හා අන්තර්ජාලය නත්තල් වෙස් අරගෙන. නත්තල ළඟ එනවා කියලා හැමෝම කෑගහනවා. මේ විදයට සමරන නත්තල 18වන ශතවර්ෂයේ ඉඳලා ක්‍රමයෙන් වර්ධනය වූ උත්සවයක් කියලා කියන්න පුළුවන්. අද වාණිජකරණය සැබෑ ක්‍රිස්තු උප්පත්තියකට අභියෝග කරනවා. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පිළිබඳව අවධානය අඩු වෙලා. විශේෂයෙන් කතෝලිකයෝ හැටියට මීට වඩා අධ්‍යාත්මික වර්ධනයක් ගැන හිතන්න ඕනේ. අනෙක් අතට ක්‍රිස්තියානි නොවන අය පවා අද නත්තල් සමරනවා. ඒක සමහර විට අර්ථශුන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට නත්තල ගැන අධ්‍යාත්මිකව ගැඹුරු අවබෝධයක් නොලැබෙන හින්දා. හැබැයි ඒගොල්ලොත් කැමැත්තක් දක්වනවා නත්තලේ උත්සව සිරිය අත් දකින්න. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ නත්තල කියන්නේ සැබෑ අධ්‍යාත්මික වෙනසකට මුල පුරන සමයක්. ඒක නිසා වාණිජකරණයට හසු නොවී ඉන්න වගා බලාගන්න ඕනේ. කොහොම හරි ළඟ එන නත්තලට මගෙන් සුභ පැතුම්. සාමයේ අරුණලු උදාවන සැබෑ අධ්‍යාත්මික වෙනසකට මුල පුරන සුභ නත්තතලක් වේවා!
නත්තලත් ඉවර වුණා කියමුකෝ ඉතින් ඊට පස්සේ අලුත් වසරක්! කාලය කියන දේ සාපේක්ෂයි කියන එක හරි. මට සාපේක්ෂවනම් දැන් කාලය ගලා යාම වේගවත් වෙලා. අනිත් අයටත් එහෙමද දන්නේ නෑ. කොහොමත් හෙට දවසට අදම සූදානම් වෙන එක තමා සුදුසුම දේ. ලබන්නාවූ නව වසර සඳහාත් මගෙන් සුභ පැතුම්! එහෙනම් ලබන වසරේදී හමුවෙමු. ස්තූතියි෴
