Showing posts with label බ්ලොග්කරණය. Show all posts
Gave a new look for the blog
I didn't write any posts in 2012. This is the first post in 2013. I decide to start again blogging. I combined my Sinhala and English blogs together. Also added new look to the blog. So now this is my one and only blog. I will hope to write to this blog in both Sinhala and English. These days I'm studying web templates. See you guys at next post.
Tuesday, September 10, 2013
Posted by Shirosh
ලංකාවේ DNS අවුල
මම මේ ගැන දාන්න හිටියේ මාස දෙකකට විතර ඉස්සෙල්ලා. නමුත් කාර්යබහුලත්වය නිසා මේ ලිපිය ලියන්න අතපසු වුණා. මට මේ ගැටලුවට මුහුණ දෙන්න වුණේ Vidyawa.com නිසයි. දැන්නම් ගැටලුව කොහොම හරි විසඳිලා තියෙන්නේ. මේකයි ගැටලුව වුණේ. SLT ADSL සහ Mobitel Broadband වලින් අන්තර්ජාලයට එන පිරිසට vidyawa.com අඩවිය නොපෙනීම. මගෙ අන්තර්ජාල සම්බන්ධතාවයත් Mobitel Broadbandම තමා. මම යන්තම් ප්‍රොක්සි සර්වර් ගැන දැනගෙනන හිටිය හින්දා පොක්සි අඩවි කිහිපයකට ගිහිල්ලා ඒ ඔස්සේ vidyawa.com වෙත පිවිසුණා. එතකොට වෙබ් අඩවිය හොඳට වැඩ කළා. ඉතින් මේක මට ලොකු ප්‍රශ්නයක් වුණා.
පළමු දිනයේදී
කලින් මම හිතාගෙන හිටියේ Blogspot වලට කස්ටම් ඩොමේන් දාද්දි විතරයි මේ ලෙඩේ එන්නේ කියලා. බලගෙන යන්නකොට Wordpress Self-Hosted වලටත් ලෙඩේ ඇවිල්ලා. බැරිම තැන මම මේ ගැන කෙලින්ම Web Hosting ආයතනයෙන් ඇහුවා. ඒගොල්ලෝ කිව්වා. මේක ඒගොල්ලන්ගේ අවුලක් නෙමේ කියලා. අන්තිමේදී මේක මට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද වෙබ් අඩවිය යාවත්කාලීන කරගන්නවත් විදියක් නෑ. ප්‍රොක්සි අඩවියක් හරහා ලොග් වුණත් ඒක එච්චර සුදුසු දෙයක් නෙමේ. අන්තිමේදී ආයේ පාරක් Web Hosting ආයතනයට කතා කරලා ඇහුවා මොනාද කරන්න ඕනේ කියලා. එතකොට කිව්වා මේක SLT සහ Mobitel දෙගොල්ලන්ගේ DNS අවුලක් කියලා. ඍජුවම ඔවුන්ගේ පරිභෝගික සේවාව අමතලා මේ ගැන කතා කරලා විසඳගන්න කිව්වා.
පළමූ දිනයට දින දෙක තුනකට පසු
ඔන්න ඉතින් මම මුලින්ම SLT පාරිභෝගික සේවාව ඇමතුවා. මට නම් ඔවුන්ගෙන් මේකට ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා හිතුවෙම නෑ. ඉතින් කතා කරලා බොහොම අමාරුවෙන් මගේ ප්‍රශ්නය පැහැදිලා කරලා දුන්නා. වැඩි වෙලාවක් ගියේ නෑ මට SLT Data Centerහි දුරකථන අංකයක් දීලා කිව්වා මේකට කතා කරන්න කියලා. ඊට පස්සේ ඒ දුරකථන අංකයට කතා කරලා ආයේ පාරක් කිව්වා විස්තරේ. මෙන්න එකපාරටම කිව්වා අපිට DNS සම්බන්ධව කිසිවක් කරන්න බෑ කියලා. DNS ප්‍රශ්න පිළිබඳව කතා කරගන්න කියලා තවත් දුරකථන අංකයක් ලබා දුන්නා. ඊට පස්සේ ඒකටත් කතා කරලා කිව්වා විස්තරේ. පස්සේ මගෙන් ඇහුවා SLT ADSLද තියෙන්නේ කියලා. මම කිව්වා මගේ මොබිටෙල් තියෙන්නේ කියලා. එහෙනම් SLT ADSL තියෙන කෙනෙක්ට 0112021653 යන දුරකථන අංකය දීලා එයා ලව්වා පැමිණිලි කරවන්නත් කිව්වා. මම ඉතින් ඒ වෙලාවේ මගේ GTalk එකේ ඔන්ලයින් හිටිය දෙනේනෙක්ට කියලා අර දුරකථන අංකයටම පැමිණිලි කෙරෙව්වා. ඒ දෙන්නටම vidyawa.com කියලා වෙබ් අඩවියක් නෑ කියල මඟ හරවලා.මටත් දැන් මාර අප්සට්.
මේපාර මමම කතා කරලා කොහොම හරි විසඳගන්නවා කියලා SLT DNS අංශයට කතා කළා. කිව්වා විස්තරේ. මෙන්න එකපාරටම කිව්වා vidyawa.com කියලා ඩොමේන් නාමයක් නෑ කියලා. එතකොට මම කිව්වා ප්‍රොක්සි අඩවියකින් ගිහිල්ලා බලන්න කියලා. ඒ කිව්වට අහන්නේ නෑ. මට කියනවා ඒගොල්ලන්ට vidyawa.com කියලා වෙබ් අඩවියක් වැඩ නෑ කියලා. ඉතින් කතාව ඇත්ත. SLT ADSL අයට පෙන්නේ නෑ තමයි. පස්සේ මට ඒ කතා කරපු එක්කෙනාගේ ඉ-මේලි ලිපිනය දීලා කිව්වා. vidyawa.com පෙන්වන ප්‍රොක්සි වෙබ් අඩවියේ ලිපිනය මේල් කරන්න කියලා. ඉතින් මම ඔක්කොම විස්තර ටික මේල් කළා. (මේ වෙද්දිත් නොකඩවා විනාඩි 10ක් පමණ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා හිටියේ) පස්සේ එයා කිව්වා "මල්ලී පොඩි අවුලක්. ඉන්න ටිකක්". ඉතින් හිටිය තව විනාඩි 4ක් විතර. ඔන්න එකපාරටම කිව්වා "දැන් vidyawa.com වැඩ" කියලා. ඇති යාන්තම් ලෙඩේ හදලා. ඉතින් මමත් තව කතා කරන්න ගියේ නෑ. ස්තූතියි කියලා තිබ්බා.
ඉතින් ඊට පස්සේ දන්න SLT ADSL තියෙන එක්කෙනෙක්ට කිව්වා vidyawa.com වැඩඩ කියලා බලන්න කියලා. කිව්වා වැඩ කියලා.දැන් හිතට පොඩි සහනයක් ආවා..
ඔන්න දැන් දෙවැනි මෙහෙයුමත් පටන් ගත්තා. මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් DNS අවුලත් SLT වගේ විසඳගන්න පුළුවන් වෙයි කියලා ඒ වෙනකොට මට විශ්වාසයක් ගොඩනැගිලායි තිබ්බේ. තව දෙයක් මොබිටල් බ්‍රෝඩ්බෑන්ඩ්වල vidyawa.com පෙන්නුවේ නැති උනාට Mදbitel GPRS වල වැඩ. ඒවගේම දවසේ එක වෙලාවකට(පැය දෙක තුනක් විතර) vidyawa.com දකින්න පුළුවන්. අනිත් වෙලාවට වෙබ් බ්‍රවුසරයේ Error Loading.... තමයි. අනේ මන්දා!
ඉතින් ඔන්න මොබිටෙල් පාරිභෝගික සේවාව ඇමතුවා. ඔන්න මුලින්ම ඇඩ් එකක් කියවනවා හෙන වෙලාවක්. ඊට පස්සේ පාරිභෝගික සේවා නිළධාරියෙක් සමඟ කතා තිරීමට මොකක්ද අංකයක් ඔබන්න කිව්වා. ඒක ඔබලා නැවත හෙන වෙලාවක් බලන් හිටියා. පසුබිමින් මිහිරි සංගීත වාදනයක් යනවා. ඒ එක්කම කියනවා. "පාරිභෝගක සේවා නිළධාරියෙක් හා සම්බන්ධ වීමට ඔබව පෙළ ගැසෙමින්'..." තියෙනවා කියලා. මං හිතන්නේ මම විනාඩි 5කට වඩා හිටියා. ඒත් ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන තිබ්බා. දෙවැනි පාරත් ගත්තා. ඒ පාර නම් එක්කෙනෙක් එක්ක කතා කරන්න හම්බ වුණා. ඒත් විනාඩි කිහිපයක් නාස්ති කරන්න වුණා. කිව්වා විස්තරේ, මට තේරුණ විදියට මම අහපු ප්‍රශ්නය මින් පෙර ඒ කෙනොගෙන අහලා නෑ වගේ. එයා කියනවා. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට පුළුවන්නම් එතැනින් එහා දෙයක් කරන්න බැඳිලා නෑලු. වෙබ් අඩවි නොපෙනීම සම්බන්ධව ඒගොල්ලන්ට මොනවත් කරන්න බැරිලු. ඉතින් ඊට පස්සේ මම කිව්වා මේ ලෙඩේ SLT අයටත් තිබ්බා. හැබැයි මම ඒගොල්ලන්ට කියලා හදාගත්තා කිව්වා. ඒ වගේ කතා කරලා විසඳගන්න මොබිටෙල් තුලත් වෙනම දුරකථන අංකයක් තියෙනවද කියලා ඇහුවා. එතකොට එහෙම මොනවත් කරන්න බෑ. ඕනේනම් Mobitel General Hotline(0112330550) එකට කතා කරලා බලන්න කිව්වා.
ඉතින් ඔන්න ඒකටත් කතා කළා. හැබැයි ඒකේදී අනෙක් අංකයේ වගේ ඇඩ් කියවෙව්වේ නෑ. කෙලින්ම පාරිභෝගික සේවා නිළධාරියෙක් සම්බන්ධ කරගන්න පුළුවන් වූණා. ආයේ පාරක් ප්‍රශ්නය යොමු කළා. මේ වගේ තාක්ෂණික ප්‍රශ්න කතා කරගන්න පුළුවන් සතියේ දිනවල උදේ 8.00ත් සවස 5.00ත් අතර කාලය තුළ පමණයි කිව්වා. ඒ වෙනකොට වෙලාව සවස 6.00ත් පහු වෙලා. ඉතින් මම හෙට කතා කරන්නම් කියලා දුරකථනය තිබ්බා.
පළමු දිනයට දින හතරකට පසුව
ඔන්න පහුවදා සවස 3.00ට විතර කතා කළා Mobitel General Hotline එකට. කිව්වා මෙන්න මෙහෙමයි මම කලින් කතා කළා. මේ වෙලාවට කතා කරොත් ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ප්‍රශ්නය යොමු කළා. ඔන්න එක පාරටම කියනවා. එහෙම වෙනම තාක්ෂණික අංශයකට යොමු කරන්න බෑ. පුළුවන්නම් ළඟ තියෙන මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ගිහිල්ලා කියන්න කියලා.
පළමු දිනයට සතියකට පමණ පසු
ඔන්න මම මීගමුවේ පංති යන වෙලාවක මොබිටෙල් මධ්‍යස්ථානයට ගිහිල්ලා කිව්වා විස්තරේ. මාව යොමු කරෙත් මොබිටෙල් පාරිභෝගික සේවාවෙන් කියලා කිව්වා. එතකොට එතනින් එහෙම දේවල්නම් මෙතැනින් කරගන්න බෑ. කරගන්න තියෙන එකම තැන එක්කෝ කොළඹ යන්න වෙනවා නැත්නම් Mobitel General Hotline එකෙන් විසඳගන්න වෙනවා. කියලා. හැබැයි එතන ඒ වගේ ප්‍රශ්න ගැන කතා කරන එක්කෙනත් ඇවිල්ලා හිටියෙත් නෑ. කොහොම හරි ඒ වැඩෙත් හරි ගියේ නෑ.
ඊට පස්සේ ආයේ පාරිභෝගික සේවාව ඇමතුවා. කිව්වා විස්තර ඔක්කොම මුල සිට අගට. එතකොට පැමිණිල්ලක් දාන්නම් කියලා මගේ දුරකථන අංකයත් ඉල්ල ගත්තා. එතකොට මගේ දුරකථනයට කොටි පණිවුඩයක් ආවා පැමිණිලි අංකයකුත් එක්ක. ලෙඩේ හැදුවට පස්සේ මොබිටෙල් එකෙන්ම කෝල් කරන්නම් කිව්වා. ඒ පාර වැඩේ හරි කියලා සති දෙක තුනක් බලං හිටියා.
පළමු දිනයට සති දෙකකට පසුව.
ඔන්න දවසක් දවල් එක පාරටම කෝල් එකක් ආවා. බැලින්නම් මොබිටෙල් එකෙන්. කිව්වා vidyawa.com අවුල විසඳුවා කියලා. ආයේ ප්‍රශ්නයක් වුණොත් කතා කරන්න කියලත් කිව්වා. ඉතින් දුරකථනය තියලා සතුටු සිතින් vidyawa.com කියලා ගහලා බැලුවා. කෝ වැඩ නෑ. ආයේ දේතුන් සැරයක් බැලුවා ඒත් වැඩ නෑ. පස්සේ දන්න මොබිටෙල් භාවිතාකරුවන් දෙතුන්දෙනෙක් ලව්වා බැලුවා ඒත් වැඩ නෑ. ඔන්න ආයේ පාරක් කතා කරලා කිව්වා විස්තරේ මුල සිට අගට. පැමිණිල්ල අලුත් කරන්නම් කියලා මගේ දුරකථනයට තව කෙටි පණිවුඩයක් ආවා නව පැමිණිලි අංකයකුත් එක්ක. දැන් ඉතිං ආයේ පාරක් කෝල් එකක් දෙනකම් බලන් ඉන්න වෙනවා.
ඉතින් ඔය විදියට මාසයක් පුරාවට වගේම vidyawa.com හි වැඩ කටයුතු අඩපණ වෙලා තිබුණා. අනෙක් හැමෝටම පෙනුණත් මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් තිබිච්ච මට vidyawa.com පෙනුණේ නෑ. ඉතින් ඔය අතරේ Open DNS භාවිතා කරලා බලන්න හිතුණා. ඒත් Mobile BroadBand වලට Open DNS හරියට වැඩ නැතිලු. ඒ වැඩෙත් අසාර්ථක වුණා.
කොහොම හරි මං මුහුණ පාලා තිබුණ මේ ගැටලුව දැකලා Web Hosting ආයතනයෙන් වෙන Unlimited සර්වරයකට මාරු වීමක් දුන්නා. මොකද ඒගොල්ලන්ටත් ඒක ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. ඉතින් මට ආයේ පාරක් අලුතෙන් ගොඩනගන්න වූණා. හොඳ වෙලාවට පරණ Backups ගන්න පුළුවන් වූණේ. ඉතින් දැන් ෂෝක් එකට මොබිටෙල් ඇතුළුව සියලු අන්තර්ජාල සබඳතාවයන් ඔස්සේ Vidyawa.com වෙත පිවිසිය හැක.
මම මේ ගැන දැනගන්න ලැබුණ විදියට ලංකාවේ එක් IP ලිපින පරාසයක් SLT සහ මොබිටෙල් අනාගෙන ඇත. ඒ පරාසය තුළ පිහිටි සියලු වෙබ් අඩවි වලට SLT ADSL සහ Mobitel Broadband වලින් පිවිසීමේදී මේ ගැටලුවට බොහෝ විට මුහුණ පාන්නට සිදු වේ. ඉතින් අපිට මේකට කෙලින්ම Web Hosting ආයතනයට චෝදනා කරන්නත් බෑ. මොකද Dialog, Airtel, LankaBell සහ අනෙකුත් අන්තර්ජාල සබඳතාවල හොදට වැඩ නම් ඇයි SLT, Mobitel වල විතරක් වැඩ නැත්තේ? ඔවුන් මේ විදියට තනි තනිව පැමිණිලි කරනකම් බලන් ඉන්නේ ඇයි? ක්‍රමානුකූලව මේ සමස්ත ප්‍රශ්නයම විසඳලා දෙන්න බැරි ඇයි?
ඒ වගේම තව දෙයක්. SLT තුළින් මේ ප්‍රශ්නය එක් දවසකින් විසඳාගත හැකි වුවද Mobitel තුළින් මේ සඳහා සති ගණනක් පුරාවට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. සමහර විට ඔවුන් ඒ ප්‍රශ්නය පස්සේ විසඳුවාද දන්නේ නෑ. දැන් එසේ විසඳුවද වැඩක් නෑ. මොකද දැන් vidyawa.com කොහොමත් වැඩ. ඉතින් මොබිටෙල් ගැන මටනම් කියන්න තියෙන්නේ එගොල්ලන්ගේ පාර්භෝගික සේවාව තවදුටරත් හොඳින් දියුණු කළ යුතුයි. මම මේ ප්‍රශ්නයට කතා කරලාම රූ100කටත් වඩා වැඩියෙන් දුරකථන ගාස්තු සඳහා වියදම් වෙන්න ඇති. ඉන් බහුතරයක්ම පාරිභෝගික සේවා අමතලා.
අලුතෙන් ඩොමේන් නාම සහ වෙබ් හොස්ටින් සේවා ලබා ගන්න ඉන්න කට්ටියටත් උපදෙස් ටිකක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ යම් Web Hosting ආයතනයකින් Web Hosting මිලදී ගැනීමේදී ඒවා ලංකාවේ සෑම අන්තර්ජාල සබඳතාවයකටම වැඩද කියලා බලන්න. නැත්නම් පස්සේ හෙන කට්ටක් කන්න වේවි. පිටරටනම් මේ වගේ ගැටලු නැතුව ඇති. බැරිවෙලාවත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් බය නැතුව මම ඉහත දක්වලා තියෙන දුරකථන අංක වලට පැමිණිලි කරන්න.මොකද අපි මසකට යම් පිරිවැයක් දරමින් අන්තර්ජාල සේවා සපයන්නාට ගෙවන්නේ නිකන්ම අන්තර්ජාල සබඳතාවයක් ලබාගන්න විතරක් නෙමේ. ඒ සබඳතාවයත් එක්කම හොඳ ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාගන්නයි.
ඉතින් මම මෙච්චර දිගු කතාවක් ලිව්වේ ඔබව මේ ගැන දැනුවත් කරන්න ඖනේ හින්දයි. ඒ වගේම vidyawa.com අඩවිය ඒ ඒ අන්තර්ජාල සබඳතා තුළ ක්‍රියාත්මක වෙනවාදැයි පරීක්ෂා කර දුන් වැප්, දේදුනු ඇතුළු ඔන්ලයින් මිතුරන්ටත් ස්තූතියි. අවසානයේ ප්‍රශ්නය විසඳලා දුන් ewebcities හි නිරුත් සොයුරාටත් ස්තූතියි.෴

Tuesday, December 14, 2010
Posted by Shirosh
මගේ අලුත් වසම සහ අලුත් වැඩ
ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!
ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.
දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!
ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි!
ඉතින් දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴