Showing posts with label සිනමාව. Show all posts
සුපිරි බොලිවුඩ් වාර්තා
ඔන්න අද කියන්න යන්නේ බොලිවුඩ් සිනමාව තුල වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ගැන. කලින් ලිපියේ ලෝක සිනමාව ගැන කතා කලා මතක ඇතිනේ. බොලිවුඩය කියන්නේ ඉන්දියාවේ ඇති අති දැවැන්ත සිනමා කර්මාන්තයක්. හොලිවුඩයට පමණයි දෙවැනි වෙන්නේ. දැන් දැන් ස්ලම්ඩෝග් මිලියනර්, වොටර් වැනි හොලිවුඩයත් බොල්වුඩයත් අතර හවුල් නිෂ්පාදන බිහිවෙනවා. ඒ තරම්ම ලොව පුරා බොලිවුඩය ජනප්‍රියයි. ඉන්දියාවේ තව සිනමා කර්මාන්තයක් තියෙනවා. ඒ තමා කොලිවුඩය(දෙමළ සිනමාව). මේකත් බොලිවුඩයේ ආභාෂය ලබපු එකක්. තාම බොලිවුඩය තරම්ම දැවැන්තබාවයක් නෑ ඒකට.කොහොමහරි දැන් මේ කියන්න යන්නේ බොලිවුඩයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට 30 ගැනයි. මේකේ හැබැයි වගු 2ක් තියෙනවා. එකක් පැරණි චිත්‍රපට ටික. අනෙක අලුත් චිත්‍රපට ටික. මේ වගු දෙකම සන්දන්දනය කරන්න ටිකක් අමාරුයි. මොකද ඒ කාලේ උද්ධමනයයි, දැන් ඉන්දියාවේ උද්ධමනයයි වෙනස්නේ. අනෙක ජනගහණයත් දැන් ගොඩක් වැඩි වෙලානේ. ඒක හින්දා මේ දෙකම එකතු කරලා තනි එකක් හදන්න අමාරුයි. නමුත් අපිට මේක දිහා බලලා වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ටික ගැන දළ අදහසක් ගන්න පුළුවන්.
නව සිනමාව
| Higest Earning New Movies | Released Year | Net Gross Earning (Rs.) |
| 3 Idiots | 2009 | 1305673069 |
| Ghajani | 2008 | 1174822756 |
| Dhoom 2 | 2006 | 788600000 |
| Krrish | 2006 | 814605346 |
| Singh is King | 2008 | 755881177 |
| Rabne Banadi Jodi | 2008 | 867800000 |
| Welcome | 2007 | 729827492 |
| Om Shanti Om | 2007 | 699601108 |
| Lage Raho Munna Bhai | 2006 | 652842977 |
| Chak De India | 2007 | 676900000 |
| Gadar: Ek Prem Katha | 2001 | 700000000 |
| Ajab Prem Ki Gazab Kahani | 2009 | 639624651 |
| Hum Aap Ke Hai Kaun | 1994 | 600000000 |
| Taare Zameen Par | 2007 | 624800000 |
| Race | 2008 | 594464799 |
| Fanaa | 2006 | 583433344 |
| Jaane Tu Ya Jaane Na | 2008 | 576298121 |
| Dilwale Dulhaniya Le Jayange | 1995 | 560000000 |
| Love Aaj Kal | 2009 | 663500000 |
| Jodhaa Akbar | 2008 | 549719298 |
| Partner | 2007 | 611900000 |
| Kambakkht Ishq | 2009 | 558743751 |
| Wanted | 2009 | 523840303 |
| Partner | 2007 | 611900000 |
| Golmaal Returns | 2008 | 516900000 |
| Rang De Basanti | 2006 | 521045312 |
| Don – The Chase Begins | 2006 | 511500000 |
| Kuch Kuch Hota Hai | 1998 | 500000000 |
| Kaminey | 2009 | 510321059 |
| De Dana Dan | 2009 | 482600000 |
| Guru | 2007 | 503458779 |
| Dostana | 2008 | 496854549 |
| Bhool Bhulaiyaa | 2007 | 497400000 |
| Kabhi Kushi Kabhi Gham | 2001 | 490000000 |
| Koi Mil Gaya | 2003 | 489268384 |
පරණ සිනමාව
| Higest Earning Old Movies | Released Year | Net Gross Earning (Rs.) |
| Sholay | 1975 | 2364500000 |
| Mughal-E-Azam | 1960 | 1326900000 |
| Mother India | 1957 | 1173000000 |
| Sangam | 1964 | 885700000 |
| Aradhana | 1969 | 1056152384 |
| Kranti | 1981 | 847700000 |
| Bobby | 1973 | 852500000 |
| Do Raaste | 1969 | 819428608 |
| Ganga Jamuna | 1961 | 843900000 |
| Trishul | 1978 | 776749952 |
| Awara | 1951 | 775135104 |
| Muqaddar Ka Sikandar | 1978 | 809000000 |
| Coolie | 1983 | 769535616 |
| Roti Kapda Aur Makaan | 1974 | 769800000 |
| Don | 1978 | 766791616 |
| Naya Daur | 1957 | 697500000 |
| Amar Akbar Anthony | 1977 | 946041664 |
| Sachaa Jhutha | 1970 | 754736896 |
| Mere Mehboob | 1963 | 692600000 |
| Haathi Mere Saathi | 1971 | 754736896 |
| Dharam Veer | 1977 | 690900000 |
| Upkar | 1967 | 690500000 |
| Johny Mera Naam | 1970 | 688900000 |
| Jai Santoshi Maa | 1975 | 678100000 |
| Shree 420 | 1955 | 657600000 |
| Kismat | 1943 | 653600000 |
දත්ත වගු මූලාශ්‍ර : www.mumbai77.com / Ibosnetwork.com / Boxofficeindia.com
වැඩිදෙනෙකුගේ මතය අනුව දැනට වැඩිම ආදායම උපයා ඇත්තේ මේ ළගදී පැමිණි 3 Idiots චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ ආමීර් ඛාන්. 3 idiots චිත්‍රපටය බිඳ දැමුවේ එතෙක් වැඩිම ආදායම ඉපයූ Sholay චිත්‍රපටයේ වාර්තාවයි. මම Sholay දන්නා පරිදි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන්නේ අමිතාබ් බච්චන්. අවුරුදු 35ක් තිස්සේ අංක 1 සිටි Sholay දැන් 2වන ස්ථානයට පැමිණ ඇත. ඉස්සරහට මොනවා වේවිද දන්නෑ. දන්නවනම් පහළින් ප්‍රතිචාරයක් දාන්න.
ලෝක සිනමාවේ ධන ආකර
අද ලෝක සිනමාව නවීන තාක්ෂනයත් සමග දිනෙන් දින දියුණු වෙනවා. ප්‍රධාන වශයෙන් ලෝක සිනමාව පෝෂණය වන්නේ හොලිවුඩ් සිනමාවෙන්ය. ඒ වුණත් මේ වන විට බොලිවුඩය වැනි සිනමා කර්මාන්තත් ලෝක සිනමාව ආක්‍රමණය කරමින් පවතී. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න යන්නේ ලෝක සිනමාව තුල එතෙක් මෙතෙක් බිහි වූ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට ගැනයි. පහත වගුවේ දැක්වෙන්නේ එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ඉපුයූ සිනමා පට විස්ස පිළිවෙලින්ය. ආදායම ඇමරිකානු ඩොලර් වලිනි.
| නිකුත් වූ වර්ෂය | චිත්‍රපටයේ නම | සම්පූර්ණ ආදායම | |
|---|---|---|---|
| 1 | 2009 | Avatar | $2,361,721,154 |
| 2 | 1997 | Titanic | $1,842,879,955 |
| 3 | 2003 | The Lord of the Rings: The Return of the King | $1,133,027,325 |
| 4 | 2006 | Pirates of the Caribbean: Dead Man's Chest | $1,065,659,812 |
| 5 | 2008 | The Dark Knight | $1,022,345,358 |
| 6 | 2001 | Harry Potter and the Sorcerer's Stone | $976,457,891 |
| 7 | 2007 | Pirates of the Caribbean: At World's End | $960,996,492 |
| 8 | 2007 | Harry Potter and the Order of the Phoenix | $938,468,864 |
| 9 | 2009 | Harry Potter and the Half-Blood Prince | $937,499,905 |
| 10 | 2002 | The Lord of the Rings: The Two Towers | $926,284,377 |
| 11 | 1999 | Star Wars Ep. I: The Phantom Menace | $924,288,297 |
| 12 | 1993 | Jurassic Park | $923,067,947 |
| 13 | 2004 | Shrek 2 | $919,838,758 |
| 14 | 2005 | Harry Potter and the Goblet of Fire | $896,013,036 |
| 15 | 2007 | Spider-Man 3 | $890,871,626 |
| 16 | 2009 | Ice Age: Dawn of the Dinosaurs | $884,528,368 |
| 17 | 2002 | Harry Potter and the Chamber of Secrets | $878,987,880 |
| 18 | 2001 | The Lord of the Rings: The Fellowship of the Ring | $868,621,686 |
| 19 | 2003 | Finding Nemo | $866,592,978 |
| 20 | 2005 | Star Wars Ep. III: Revenge of the Sith | $848,998,877 |
දත්ත වගු මූලාශ්‍රය : www.the-numbers.com
විශේෂත්වය වනනේ මේ ළගදී නිකුත් කරන ලද "අවතාර්" චිත්‍රපටය සියළු චිත්‍රපට අභිබවා වැඩිම ආදායම ලැබීය. ඇත්තටම මේකේ නියම තරගය තිබ්බේ වසර 13ක් පුරා අංක 1 ස්ථානයේ බැබළුණු ජේම්ස් කැමරන්ගේ "ටයිටැනික්" චිත්‍රපටය 2010දී ඔහු විසින්ම බිද දැමීමයි. ඒ "අවතාර්" චිත්‍රපටය බිහි කරවමිනි. "අවතාර්" චිත්‍රපටය සෑදීමට වසර 10ක් ගත වුණා. එම වසර 10යේ දැරූ මහන්සියේ ප්‍රතිඵල එය නැරඹුවාම අපට බලාගන්න පුළුවන්. බැලුවේ නැත්නම් බලන්න. මිනිසාගේ කෑදරකමත්, පැන්ඩෝරා ලෝකයේ සුන්දරත්වයක් ඉතා මැනවින් පෙන්නලා තියෙනවා. ත්‍රිමාන සජීවිකරණය මගින් ප්‍රේක්ෂකයාට උපරිම ආශ්වාදයක් ලබා දීමට මෙම චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා.
කොහොම හරි ඉහත වගුව බැලුවම එක ලක්ෂණයක් පේනවා. එනම් චිත්‍රපට කතා මාලා වල පළමු චිත්‍රපටයේ සිට පිළිවෙලින් අවසන් චිත්‍රපට දක්වා ආදායම කෙමෙන් අඩු වී ඇති බවකි. උදාහරණයක් ලෙස "හැරී පෝටර්" වැනි චිත්‍රපට වල පළමු කොටස වැඩි ආදායමක් ලබා සිටියදී ඉන්පසුව පැමිණි චිත්‍රපට කොටස් වල ආදායම අඩු වී ඇති බවයි. මේකෙන් තව දෙයක් පෙන්වනවා ඒ තමා ලෝක සිනමා ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනය. ඒ වගේම ඔබේ රස වින්දනයට මේ චිත්‍රපට කෙතරම් දායක වුණාද කියලා පොඩි අදහසකුත් පළ කරලා යන්න.
ජනපති සටනෙන් බිහි වූ ගී සල රූ
දැන් ශ්‍රී ලාංකීය ජනතාව හරි බරි ගැහිලා බලන් ඉන්නේ ජනපති සටනේ ජයග්‍රාහකයා කවුද? කියලා. ජනවාරි 23 මධ්‍යම රාත්‍රියේ ඉදලා ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් නවතන ලදී. හැමෝම දන්නවනේ ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනිය කෙතරම් පාවිච්චි කළාද කියලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්‍රහණය සදහා විවිඩ වූ දැන්වීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළා. මේ දැන්වීම් අතරින් ලස්සනම දැන්වීම පිළිබඳ පොඩ් තරගයකුත් තිබුණා.
මම මේ කියන්න යන්නේ මගේ හිත ගිය දැන්වීම් 3ක් ගැන. විශේෂත්වය වන්නේ මෙම දැන්වීම් 3ම එකම අපේක්ෂකයාගේ දැන්වීමක් 3ක් වීමය. මේ සදහා එම ජනාධිපතිවරණ අපේක්ෂකයා විශාල මුදලක් වැය කර ඇති බවනම් නිසැකය. කෙසේ වෙතත් එම ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන තිබූ ගීතත් වීඩියෝ දර්ශනත් ඉතා නිර්මාණශීලී ඒවා. අවාසනාවට මම එම ගායකයන්ගේ හා පද රචකයන්ගේ නම් නම් දන් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. නමුත් අලංකාර ගීත 3ක්. වීඩියෝ දර්ශනත් ඊට ගැළපෙන අයුරින් නිමවා තියෙනවා.
1.මිහිතලයේ සාමය අපටයි - පුංචි අපේ සෙනෙහස ඔබටයි (The peace on this land is for us Our innocent)
මම හිතන්නේ මේ තියෙන්නේ ලස්සනම දැන්වීම කියලා. තවත් විශේෂයක් තියෙනවා.එනම් මෙහි ඇති මුහුදු වෙරළ තීරයට යොදාගෙන තියෙන්නේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළයි. දන්නවනේ ඉතින් මගේ ගම උස්වැටකෙයියාව කියලා.
2. ජය ජයවේ
මට පේන විදියට නම් මේ ගීතය ඔස්කා සම්මාන ලද 'ස්ලම් ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ ජෙය හෝ(Jai Ho) ගීතයේ ආභාෂය තිබේ.
3.දිනවමු ශ්‍රී ලංකා මාතා
මේකත් හොඳයි. අවස්ථාවට උචිත අයුරින් රූප රාමු සකසාගෙන ඇත.
සැලකිය යුතුයි: මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොවේ. හුදෙක් මාගේ ගී රස වින්දනය හේතු කොටගෙන පමණක් ලියන ලද්දකි.