මගේ අලුත් වසම සහ අලුත් වැඩ
ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!
ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.
දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!
ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි!
ඉතින් දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴

Second Educational Boundary of My Life
We have to face many risks, problems and many boundaries in our life. We can't miss that things and we must face that. So I faced another educational boundary in the last year. It is G.C.E(O/L) exam. Sometimes some students says that it is a curse. Actually I am not really like this educational system. But I can't change it because I am not a Genius. Anyway we must not convert this to a curse. So we must understand that all situations and social behavior. Anyway I am graded by this exam. So I got five 'A's and four 'B's. In grade 10 I dreamed to get 9As. But it is near to face the exam I became lazy to study. That is the reason. Anyway I am happy to say I won this boundary. But I have to face another boundary. It is G.C.E(A/L) exam. It's risk is bigger than O/L. Because I selected Maths. Most of people that is dangerous risk. But now I have already selected that. So I have to do that by hook or by crook! I have little sad about O/L maths. Because I got 'B' for Maths. Now I forgot all that and I will do my best for Advanced Level. So I thought to reduce my Internet usage. But is is hard job. Actually now I can't live without internet. Specially, Social Networking Sites. I will try to access internet in a time table. Finally I hope Bright Future for all my friends who are got O/L results in this year. Eventually I will give you a quote. I got that quote from 3 idiots Hindi Movie.
ALL IS WELL!
සියල්ලම හොඳින්!
පරම අණුව ගැන කියන කතා
අද ලියන්නේ රසායන විද්‍යාව පිළිබදවයි. උසස් පෙළදී ඉගෙන ගත්ත පාඩමක් ඇසුරෙන් තමා මේක ලියන්නේ. විද්‍යාව කියන්නේ හරිම රසවත් විෂයයක්. හරියට කතන්දරයක් වගේ. මට නම් ඒ ඔස්සේ අලුත් දේ ඉගෙන ගනිද්දී පුදුම ආසාවක් ඇති වෙනවා. නමුත් බොහෝ ශිෂ්‍යයයන් නූතන තරගකාරී විභාග ක්‍රමයට හසු වී මේ රසවත් විෂයය අමාරු දෙයක් ලෙස බැහැර කරනවා. විද්‍යාව කියන දේ අපි අප විසින්ම තේරුම්ගෙන අවබෝධ කරගත යුත් දෙයක්. ඒ නිසා කට පාඩමට වඩා තේරුම් ගැනීමයි වැදගත්.
මම හිතනවා පරමාණුව පිළිබඳ ඔබට යම් දැනුමක් ඇති කියලා. පරමාණුව බොහො දෙනෙකු සලකන්නේ පදාර්ථයේ තැනුම් ඒකකය ලෙසයි. නමුත් පසු කාලීනව උප පරමාණුක අංශු සොයා ගැනීමත් සමඟ පරමාණුව කුඩාම අංශුව යන මතය ප්‍රතික්ෂේප වුණා. නූතන පිළිගැනීම අනුව පරමාණුවේ ඇති න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තරංගාකාරව ගමන් කරයි. න්‍යෂ්ටියේ අන්තර්ගතය සලකා බැලුවොත් ඒ තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සමන්විත වේ. මැත කාලීනව ඒ තුළ තවත් විවිධ වර්ගයේ උප පරමාණුක අංශු ඇති බව සොයා ගැනූණා. නමුත් බොහෝ දෙනෙකු අධ්‍යයනයේ පහසුවට ප්‍රෝටෝන සහ නිය්‍රට්‍රෝන වලට මුල් තැන දෙනවා. ඉතින් මේ පරමාණුව පිළිබඳ ආකෘතියට අනුව න්‍යෂ්ටිය එක් මධ්‍යයකට ගොනු වී ඇති ඉතා කුඩා අංශු එකතුවකි. එම න්‍යෂ්ටිය වටා ඉතාමත් ඈතින් මිනිසාට ගෝචර වන ස්කන්ධයක් නැති තරම් ඉතා කුඩා ඉලෙක්ට්‍රෝන කැරකෙයි.
දැන් මම කියන්න යන්නේ මේ න්‍යෂ්ටිය තුල සිදුවන එක් ක්‍රියාකාරකමක් ගැන. ප්‍රෝටෝනය නැමැති අංශුව ධන ආරෝපිතයි. නියුට්‍රෝනය අනාරෝපිත හෙවත් උදාසීනයි. ඉතින් න්‍යෂ්ටියේ මෙසේ ධන ආරෝපිත අංශු එකට එකතු වී තිබෙන්නට කොහෙත්ම බැහැ.
මොකද ඒවා සියල්ල ධන ආරෝපිත නිසා එකිනෙකට විකර්ෂණය වෙනවා. එතකොට පරමාණුව බිඳ වැටෙනවා. ඒ නිසා මෙය මෙසේ බිඳ නොවැටී තිබීමට යම් හේතුවක් තිබිය යුතුයි. එන්න එහෙම ඉන්නකොට තමා මීසෝනය නැමැති උප පරමාණුක අංශුව සොයා ගැනුණේ. මේ අංශුව ඍණ ආරෝපිතයි. හරියට ඉලෙක්ට්‍රෝනයක් වගේමයි. හැබැයි මේක පිහිටන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය තුලයි. දැන් මම වෙනස් කතාවක් කියන්නයි යන්නේ ඒ තමා නියුට්‍රෝනය සෑදී තිබෙන්නේ ප්‍රෝටෝනයක් සහ මීසෝනයක් එකතු වීමෙනි. ප්‍රෝටෝනයට +1 ආරෝපණයක් සහ මීසෝනයට -1 ආරෝපණයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ දෙක එකතු වුණාම ආරෝපණය 0 වෙනවනේ. එනම් උදාසීන වෙනවානේ. එන්න එහෙම තමා නියුට්‍රෝනය උදාසීන වුණේ. එතකොට මෙසේ ප්‍රෝටෝන අතර නියුට්‍රෝන පිහිටන විට විකර්ෂණය වීමක් සිදුවන්නේ නෑ. එතකොට න්‍යෂ්ටිය බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකියි.
පහත නිල් පැහැති බෝලය ප්‍රෝටෝනයක් කියා නම් කරමු. රතු පාට බෝලය මීසෝනයක් කියා නම් කරමු. එතකොට නිල්පැහැති බෝලය තුල ඇති රතු පාට බෝලය අපි නියුට්‍රෝනයක් කියා නම් කරමු. දැන් අපි උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණුවේ ටිට්‍රියම් සමස්ථානිකය ගනිමු. ටිට්‍රියම්හි ඉලෙක්ට්‍රෝන 1කි, ප්‍රෝට්‍රෝන 1කි, නියුට්‍රෝන 2කි.

ඉහත පරිදි න්‍යෂ්ටියේ අංශු සැකැසී ඇති විට විකර්ෂණයක් සිදු නොවේ. P1 ප්‍රෝටෝනයට විකර්ෂණය වීමට අනෙක් අංශූන් ඉඩ නොතබයි. මොකද මීසෝන 2ක් මගින් P2 සහ P3 උදාසීන කර ඇති බැවිනි. තව දෙයක් මේ මීසෝන එක් ප්‍රෝටොනයකට පමණක් බැඳී නොසිටී. මොකද එම ප්‍රෝටොනය සමග බැදීම ඇති වූ විගස එය උදාසීන වේ. එවිට එම මීසෝනය තවත් ප්‍රෝටොනයක් සොයා යයි. මෙසේ මීසෝන තව එකකින් තවත් එකකට පනිමින් කල් ගෙවයි. මෙය කෙතරම් වේගයෙන් සිදුවෙනවා දැයි කිවහොත් කිසිම වෙලාවක අපට මෙය ප්‍රෝටොනයක් යයි වෙන්කර හදුනා ගත නොහැකි තරම්ය.
ඉතින් මෙසේ පරමාණුක ක්‍රමාංකය වැඩි වන විට ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. නමුත් මීසෝන ගණන ප්‍රෝටොන ගණනට සාපේක්ෂව අඩු වෙන්නට පුවවන්. එතකොට මීසෝන වලට එක් ප්‍රෝටෝනයක සිට කුමන ප්‍රෝටෝනයට පැනිය යුතුද කියා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඔන්න ඔතනදී සමහර ප්‍රෝටෝන එකිනෙකට මුණගැසී විකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට න්‍යෂ්ටිය බිඳ වැටී ප්‍රෝටොන ශක්තිය ලෙස ඉවතට පිටවී යනවා. ඔන්න ඕකට විකිරණශීලිතාව කියන්නත් පුළුවන්.
ඔන්න ඔහොම තමයි කතාව. ඉතින් ඔය කිව්ව කතාව හෙට වෙද්දී වෙනස් වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාවේදී එක් පරීක්ෂණ ප්‍රතිඵලයකින් සනාථ වන කරුණු තව විද්‍යාඥයෙක් තවත් පරීක්ෂණයකින් බිඳ දමන්නට පුළුවන්. මේ මං ලිව්වේ මගේ ටිකිරි මොළේට තේරුණ ටික තමා. වැරදි තියෙනවනම් පෙන්වා දෙනු මැනව.

ගූගල් සිංහල පරිවර්තකයට දායක වෙමු
අද මේ ලෝක ව්‍යාප්ත ජාලයේ(WWW) ඇති තොරතුරු කන්දරාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙනවා මිසක් නැවතීමක් නෑ. ඇත්තටම මෙහි ඇති තොරතුරු වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසිනි. දැන් දැන් යුනිකේත වගේ භාෂා සම්මුතීන් ප්‍රචලිත වීම නිසා ලෝකයේ විවිධ රටවල් තම ස්වභාෂාවෙන් ලෝක ව්‍යාප්ත ජාලයට සීඝ්‍රයෙන් තොරතුරු මුදාහරිමින් සිටිනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල සිංහල යුනිකේතය බිහිවීම ගත හැක. සිංහල යුනිකේතය නිසා අද සිංහල බ්ලොග් අඩවි මගින් ලෝක ව්‍යාප්ත ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කරමින් පවතී. නමුත් මෙය අනෙක් ලෝක ව්‍යාප්ත භාෂා (ඉංග්‍රීසි, චීන, ජපන්....) වලට තරගයක් දිය හැකි මට්ටමේ තොරතුරු සම්පතක් නොවේ.
මේ නිසා අන්තර්ජාලය තුල ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති තොරතුරු සම්පත තම ස්වභාෂාවෙන් අවබෝධ කර ගැනීමට එක් එක් අය එක් එක් උපක්‍රම යෙදුවා. එවැනි ඉතා ජනප්‍රිය ක්‍රමයක් තමා ගූගල් පරිවර්තකය.(Google Translator) එමගින් විවිධ වෙබ් අඩවි වල ඇති තොරතුරු අන්තර්ගතය තමා කැමති බසකට හරවා ගත හැක. මෙය ස්වයංක්‍රීය මාර්ගගත මෘදුකාංගයක්(Automation Online Software) වන නිසා ඉතා පහසුවෙන් ඕනෑම දෙයක් ඕනෑම බසකට පරිවර්තනය කර ගත හැකියි.
නමුත් තවමත් මෙහි ස්වයංක්‍රීය පර්වර්තනයට ලොව පුරා ඇති සියලුම භාෂා ඇතුලත් කර නොමැත. ඉතින් ලංකාවේ අපට වැදගත් වන සිංහල භාෂාවත් මේ ලැයිස්තුවට ඇතුලත් වී නොමැත. නමුත් ගූගල් විසින් අපේ භාෂාවත් මේ ස්වයංක්‍රීය පරිවර්තනයට ඇතුලත් කර ගැනීමට අපට අවස්ථාවක් සලසා දීලා තියෙනවා. ඒ තමා ගූගල් පරිවර්තන උපකරණ කට්ටලය(Google Translator ToolKit). මෙහිදී තමා තෝරා ගත් ඉංග්‍රීසි බසින් ලියැවී ඇති ගොනුවක්(Word/Writer/Rich text) හෝ විකිපීඩියා ලිපියක්(Wiki Article) හෝ වෙබ් පිටුවක් වාක්‍යයෙන් වාක්‍යය සිංහල භාෂාවට පර්වර්තනය කල යුතුයි. මේ සදහා ඔබ ඔබේ ගූගල් ගිණුමට ලොග් වී http://translate.google.com/toolkit?hl=en&layout=1&eotf=1 යන සබැදියට යන්න. එහි Upload බොත්තම ඔබා අවශ්‍ය ලේඛනය තෝරාගෙන පරිවර්තන කටයුතු සිදු කල හැක. මෙය යාන්ත්‍රික පරිවර්තන කාර්යයක් කියා හදුන්වන්න පුළුවන්.
මෙසේ අදාළ භාෂාවෙන් සැලකිය යුතු ම්ට්ටමේ තොරතුරු ප්‍රමාණයක් පරිවර්තනය වී අවසන් වූ විට ඔවුන් එම භාෂාව ඔවුන්ගේ ස්වයංක්‍රීය පරිවර්තන ලැයිස්තුවට ඇතුලත් කර ගනී. එතැනින් පසු ගූගල් විසින් අදාළ පුද්ගල සහය ඇතුව ඉංග්‍රීසි ලිපියක් දුන් විට ස්වයංක්‍රීයව එම භාෂාවට පරිවර්තනය වන ආකාරයට එම මෘදුකාංගය යාවත්කාලීන කරනවා. ඉතින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කිරීමට උත්සහ දරන අපට දැන් තවත් කාර්යයක් පැවරිලා. ඒ තමා සිංහල බසත් කෙසේ හෝ ගූගල් පර්වර්තකයට ඇතුලත් කර ගැනීම. ඉතින් ඔබත් හැකි ආකාරයෙන් ඉංග්‍රීසි ලිපි කිහිපයක් සිංහල භාෂාවට හරවන්න උත්සහ ගන්න. මතක ඇතුව මුල් භාෂාවට ඉංග්‍රීසි බසත් පරිවර්තනය කල යුතු භාෂාවට සිංහල බසත් තෝරා ගන්න.
මමත් මේ ගැන මුලින්ම දැන ගත්තේ සිසු හවුල ගූගල් සමූහයෙන්. එහි විමල් මහතා විසින් පළ කරන ලද විස්තරයක් ඇසුරෙනි.
Film Awards Season
I think You also know about Oscar Awards Festival in this year. The Best Picture is Hurt Locker. It won 5 Oscar awards. And also Avatar gave big fight to Hurt Locker. But Anyway Avatar won 3 Oscar awards. There are Best Art Direction, Best Visual effects and Best Cinematography. Actually this fight between two directors. They are James Cameron and his former wife.
By the way Now I am talking about Bollywood FimFare 2010. Do you know Best Movie is 3 idiots. And it also won Award of best story. Actually I really like it. I love its beautiful story. 3 idiots is comedy film. But it isn't also a comedy. I think it has Funny, Love Story, Sadness and also we can collect Good Messages to our life. Actually it is highest grossed film in Bollywood.
And Best Actor from Paa Movie. And also Best Actress. So Best Actor is Amitab Bachchan. He is great and giant actor in India. Although he is older man, his acting is great. And also about dancing. And Best actress is Vidya Balan. Paa movie won award of best direction. It is production of Bachchan Family.
Now I happy to say Malini Fonseka is selected to top 25 cinema actors/actress in the Asia. It is good news to Sri Lankan Film Industry. But After that how we hope another best actor or actress from Sri Lanka. So I think it is a hope in Sinhala Cinema Industry.
On the whole these days, I love with movies. There are Hollywood and Bollywood Movies. And also their music. Okay now I says "that's all" to this blog post.

SixthSense Technology
SixthSense Technology ගැන ඔබලා සමහරවිට අහලා ඇති. මෙම තාක්‍ෂණය අත්හදා බැලීමේ වීඩියෝ පට ඔබ මින් පෙර නරඹා තිබුණනම් ඔබ පුදුම වනු ඇත. මමත් මේ ගැන මුලින්ම දැනගත්තේ තාරකගේ බ්ලොග් ලිපියෙනි. මෙම නවතම තාක්‍ෂණය මගින් දැනට පවතින ඩෙස්ක්ටොප් පරිගණක කට්ටල සහ විවිධ දෘඩාංග පද්ධති තැන තැන ගෙන යාම අත්‍යවශ්‍ය නෑ. ඇත්තටම මෙම තාක්‍ෂණයේ නිර්මාපකයා වන ප්‍රනාව් මිස්ත්‍රි ඉන්දියානුවෙකි. ඔහු ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ(MIT) ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඔහුට මෙම තාක්‍ෂණය නිර්මාණය කිරීම සදහා තවත් ශිෂ්‍යයෝ දෙදෙනෙක් උදව් වී තිබෙනවා.
මේ SixthSense තාක්ෂණයට මේ නම ලැබිලා තියෙන කතාවත් අපූරුයි. ඔය ගොල්ලා දන්නවනේ පංච ඉන්ද්‍රීයයන්. මේ ඉන්ද්‍රීයයන් පහට එකතු වූ නවතම උපාංගයත් සමග තමා අපි මේකට SixthSense තාක්ෂණය කියන්නේ. ඉතින් මොකක්ද මේ නවතම උපාංගය කියලා ඔයගොල්ලෝ බලනව ඇතිනේ. ප්‍රනාව් ඇතුලු කණ්ඩායම ගොඩක් පර්යේෂණ කරලා තමයි මෙම ඉලෙක්ට්‍රොන්ක උපාංගය සකස් කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක බෙල්ලේ එල්ලා ගත හැකි උපාංග කට්ටලයක්. මෙහි කැමරාවක් හා තල දර්පණයක් සහිත ප්‍රක්ෂේපකයකින් (Projector) සමන්විත වෙනවා. ඊට අමතරව ජංගම දුරකථනයක් ද අවශ්‍ය වෙනවා. ජංගම දුරකථනය හරහා තමා අන්තර්ජාලයට සම්බන්ධ වී සන්නිවේදනය සිදුකර ගන්නේ. දැනට ගණන් බලා ඇති ආකාරයට මේකෙ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් 36000ක් විතර වෙනවා. මෙමගින් ඕනෑම මතුපිටක්(Surface) මත තමාට අවශ්‍ය කටයුතු කර ගැනීමට පුළුවන්. මේක හරියට බහුකාර්යය උපාංගයක් වගේ. මේකෙන් අපිට අවශ්‍ය කාර්යය ඉතා සරලව සහ පහසුවෙන්(Easy & Seamless Access) කරගන්න හැකියාව තිබෙනවා.
මෙහි වැදගත්ම දෙය වන්නේ මෙම උපාංගය ක්‍රියා කරවන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය ප්‍රනාව් විසින් විවෘත කේත මෘදුකාංගයක්(FOSS) බවට පත් කරලා තියෙනවා. ඉතින් අනාගතයේදී මෙම මෘදුකාංගය වැඩි වැඩියෙන් දියුණු වෙයි කියන එක තමයි කාගේත් බලාපොරොත්තුව.
මේ ගැන වැඩිදුරටත් දැනගන්න පහත වීඩියෝ පටය බලන්න. මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රනාව්ගේ ගුරුවරයා විසින් කරන ලද කතාවක් මෙහි අන්තර්ගත වෙනවා. ඒක බලපුවාම මම මෙච්චර වෙලා කියන්න හදපු දේ ඔය ගොල්ලන්ට නිකන්ම පැහැදිලා වෙව්.
වීඩියෝ පටය නැරඹුවානම් දැන් මේක ගැන හිතන දේත් පහලින් සටහන් කරලාම යන්න.
අභිරහස ඔබයි
දෑස් ඇරෙන
මේ විමතියෙන්
කලබා මා හඳ
කුතුහලයෙන් පිපාසිත වූ
ඉඩෝරයක තනි වී
ඉබාගාතේ යන කලට
පිහිටට කවුදෝ එන්නේ
අතරමං වී සිටිනා මට
මාවත හදන
ඒ දිව්‍ය අභිරහස ඔබයි