කාලය රන් හා සමානයි!
"කාලය රන් හා සමානයි" කියලා අපි පොඩි කාලේ අහලා තියෙන දෙයක්. පොඩි කාලේ ඒක එච්චර ඇඟට දැනුණේ නැති වුණාට ලොකු වෙනකොට තමයි රඟේ තේරෙන්නේ. මම එහෙම කිව්වේ මට නම් දැන් දවසකට තිබිය යුතු කාලයත්(පැය විසි හතර) මදියි වගේ. උසස් පෙළත් සමඟ මම සිතින් කාර්යබහුල වෙලා. ගණන් දෙක තුනක් හදලා කාලා බීලා හිටියම දවසම යනකම් තෙරෙන්නේ නෑ. අනික නිදි මරලා පාඩම් කරන එක මට කොහොමටවත් පුරුදු නැති දෙයක්. ඒත් මම ඒක අත්හදා බලන්නයි ඉන්නේ.(කවදා කෙරෙයිද දන්නේ නෑ) කොහොමවුණත් අධ්‍යාපනයත් එක්ක කාල කළමණාකරණය කියන එක ගොඩක් වැදගත්. කාලය කළමණාකරණය කරගන්නකොට තමයි අර මුල් වාක්‍යය මතක් වෙන්නේ.
කොච්චර වැඩ අස්සේ වුණත් අන්තර්ජාලයට ගොඩ වඳින්නනම් අමතක වෙන්නෙම නෑ. ජීමේල්, ගූගල් රීඩරය, ෆේස්බුක්, විද්‍යාව.com යන ලැයිස්තුවනම් වරදින්නෙම නෑ., ඒක හරියට ඇබ්බැහි වීමක් වගේ. මොන දේට ඇබ්බැහි වුණත් පාලනය වැදගත්. ඉතින් පාලන, වාරණ, නියාමන ඔක්කොම කරගෙන මේ අවුරුදු දෙකාමාර කොහොමහරි ගෙවන්න වෙනවා. මේ බ්ලොගය වුණත් ලියන්න කම්මැලිකමේ හිටියේ. ඒත් බ්ලොග් කෙරුවාවනම් අත්හරින්න හිතක් නෑ. හිතේ ගොඩක් දේ තියෙනවා ප්‍රකාශ කර ගන්න බැරි. ඒවා එළියට දාගන්න තියෙන හොඳම තැනක් තමා බ්ලොගය. හැබැයි සමහර වෙලාව කියන්න ගොඩක් දේ තිබුණට ඒ දේවල් ලියන්න කම්මැලියි.
කොහොම හරි විද්‍යාව.com(vidyawa.com)අඩවියත් කරගෙන යන ගමන් මගේ මේ බ්ලොගයත් ඉංග්‍රීසි බ්ලොගයත් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් දැනට නවතින්නම්෴
කොහොම හරි විද්‍යාව.com(vidyawa.com)අඩවියත් කරගෙන යන ගමන් මගේ මේ බ්ලොගයත් ඉංග්‍රීසි බ්ලොගයත් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් දැනට නවතින්නම්෴
කලකට පස්සේ නැවතත්
ගොඩ කාලෙකට පස්සේ තමයි මම ලියන්නේ. අන්තිමට ලිව්වෙ ගිය මැයි මාසයේ. මාස 4ක පමණ කාලයක් තුල සිදු වු දේ ගොඩක් තියෙනවා. මාස 3ක් තුල මගේ බ්ලොගය යාවත්කාලීන නොකිරීම නිසා සිංහල බ්ලොග් කියවනයෙන්ද කොත්තුවෙන්ද ඉවත් කෙරුණා. නමුත් දැන් ආයෙත් එම බ්ලොග් කියවන දෙකටම එකතු වුණා. ඒ වගේම තවත් සුවිශේෂි දෙයක් තියෙනවා. මම මගේ බ්ලොගයේ නම ටිකක් වෙනස් කළා. ඒ අනුව අලුත් නම තමා රන්දිකගේ සිත් සටහන්. තවදුරටත් රන්දිකගේ Talks නම භාවිතා කළ යුතු නෑ. නම වෙනස් කළේ තේරුමක් ඇතිවයි. ගෙවී ගිය මාස කිහිපයේ මම තීරණය කළා බ්ලොගය හැකිතරම් සරලව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ සරල චාම් බ්ලොග් අඩවියක් තුළ හොඳ අන්තර්ගතයක් පවත්වාගෙන යන්නයි හිතුවේ. සිංහල බ්ලොගයක් නිසා සම්පූර්ණයෙන් සිංහල සරල නමක් යෙදුවේ ඒ නිසයි.
ඉතින් දැන් ඉතින් මගේ ජීවිතයට බොහොම කාර්යයබහුල කාලයක් උදා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මම දැන් උසස් පෙළ කරන සිසුවෙක්. ඉතින් උසස් පෙළ කරන ගමන් මගේ බ්ලොග් අඩවියත් පවත්වාගෙන යනවා. හැබැයි අධ්‍යාපනයට මුල් තැන දෙන්න වෙනවා.
තව දෙයක් !මගේ අනුමානය හරිනම් මගෙ බ්ලොග් අඩවියට මේ මසේදී අවුරුද්දක් පිරෙනවා. බ්ලොගය පටන් අරගෙන ගොඩක් කල්වුනත් සිංහලෙන් පිළිවෙලකට ලියන්න ගත්තෙ ගිය අවුරුද්දේ. ඉතින් හරියට පටන් ගත්ත දිනයක් කියන්න අමාරුයි. කෙසේ හෝ වේවා මෙතෙක් කල් මගෙ බ්ලොගය කියවපු ප්‍රතිචාර එක් කරපු සියලු දෙනාටම ස්තුතියි! ඒ වගේම මේ අවුරුද්දක කලය තුල සිංහල යුනිකෝඩ් භාවිතා කරන සොයුරු සොයුරියන් ගොඩ දෙනෙක් දැන හදුනගත්තා. ඒ හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි!
එහෙනම් නැවත හමුවෙමු෴

සිංහල අපේ නමේ මුලකුරු
අද මම කියන්න යන මාතෘකාව ගැන කාලයක් ලක්බිම පුවත්පතේ සංවාදාත්මක ලිපි පෙළක් ගියා. ඉතින් මම හිතුවා ඒ මාතෘකාව බ්ලොග් අවකාශයටත් ගෙන එන්න ඕනේ කියලා. සෑම මනුස්සයෙක් සඳහාම ඔහුට ආවේණික නමක් තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ නමේ ස්වභාවය තීරණය වෙන්නේ ඔහු/ඇය ජීවත් වන සංස්කෘතික සහ භාෂා වටපිටාව අනුවයි. හැමෝටම එක නමක් තිබ්බට මදි. මොකද එකම නම තියෙන අය ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට නම් ගණන දෙකක් හෝ ඊට වැඩි වෙනවා. මෙසේ නම් ගණන වැඩි වෙනකොට අපිට ඕක කොහේ හරි ලියන්න ගියාම හෙන වදයක් වෙනවා. ඒ වෙලාවට අපි නමේ මුල් කොටස(බොහෝ වෙලාවට වාස ගම) කෙටිකර අවසාන කොටස විතරක් ලියනවා.
උදාහරණයක් විදියට කිරිවැල්ලේ මුදියන්සලාගේ දොන් මංජුල ප්‍රසාද් යන නාමය අපි සාමාන්‍යයෙන් ලිවීමට පුරුදු වෙලා තියෙන්නේ K.M.D. මංජුල ප්‍රසාද් ලෙසටයි තවත් විටෙක අග නම පමණක් ඉතුරු වෙන්නට අනෙක් මුල් කොටස් වලට මුල අකුරු දානවා. එතකොට ඉහත උදාහරණය අනුව ලියවෙන්නේ K.M.D.M. ප්‍රසාද් ලෙසටයි. ඉතින් ඔය විදියට තමා අපි නම ලියන්න පුරුදු වෙලා තියෙන්නේ.
දැන් අපි ඉහත ලියපු උදාහරණය දිහා හොදට බලන්න. එහි මුලකුරු තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්. අග කොටස තියෙන්නේ සිංහලෙන්. ඔතන තමා ප්‍රශ්නය මතු වෙන්නේ. ලියන්න හදන්නේ සිංහලෙන්. ඒ වුණාට මුලකුරු ලියන්නේ ඉංග්‍රිසියෙන්. එතකොට ඉහත උදාහරණය මෙහෙමයි ලියවෙන්නේ Kiriwelle Mudiyanselage Don Manjula ප්‍රසාද් ලෙසයි. බලන්න එතකොට බාගයකටත් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන්. නමුත් සිංහලෙන් අග නම ලියලා. ඔන්න ඔහොම තමා බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාව ඕනෑම තැනක ලියන්නේ. ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නේ සිංහලෙන් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් සිංහලෙන්ම ලිවිය යුතුයි. ඒ හැර අන් භාෂාවකින් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් එම භාෂාවෙන් ලිවිය යුතුයි. ඒ අනුව ඉහත උදාහරණය K.M.D.M. Prasad කියා ඉංග්‍රීසියෙන් ලිවීම වඩාත් සුදුසුයි. කාට හරි මේක අපේ සිංහල භාෂාවෙන් ලියන්න ඕනේ නම් එය කි.මු.දො.ම. ප්‍රසාද් ලෙස ලිවිය විය යුතුයි. එයයි නිවැරදි ක්‍රමය. අපි කලින් පුරුදු වෙලා හිටිය ක්‍රමය අනුව මගේ නම කියනව නම් S.S.R. සිල්වා. සම්පූර්ණ සිංහලෙන්ම ලියනවනම් සි.ශි.ර. සිල්වා. (ඒ නමෙත් පොඩි ගතියක් තියෙනවා)
මම හිතන්නේ දැන් අපි හැමෝම දන්නවා නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. සමහරවිට මේ විදියට අපි මෙතෙක් කල් ලිව්වේ අපේ නොදැනුවත්කම නිසා වෙන්න ඇති. සමහර විට දැන දැනම වෙන්න ඇති. සමහරු කියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ උරුම වූවක් අද දක්වා විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ ක්‍රමේට පුරුදු වෙන්න ඇති කියලා. ඒ කොහොම වුණත් දැන් අපි මේ වැරැද්ද හඳුනා ගත්තා.
දැන් මේක දිහා අපි තව පැත්තකින් බලමු. මෙන්න මේ උදාහරණය බලන්න. කෑගළුගේ දඹරගල රණවීරලාගේ තිළිණ ගුණරත්න. මේ නම අපේ සිංහල ක්‍රමේට ලියූ විට කෑ.ද.ර. තිළිණ ගුණරත්න ලෙස වේ. කවුද කැමති තමාගේ නම ඉස්සරහ මේ වගේ උපහාසාත්මක වදනක් දාගන්න. ඇත්තටම එතන කෑ.ද.ර. යනු තනි වචනයක් නොවේ. එය තිත් යොදා කෙටිකළ නම් පෙළක්. නමුත් බැලූ බැල්මට එය පෙනෙන්නේ "කෑදර" යනුවෙන්. ඉතින් මේ වගේ තමාගේ නම ඉස්සරහින් අපහාස වචන නිර්මාණය වෙනවට කවුරුවත් කැමති නෑ. ඒක හින්දා සමහර අය සිංහල ක්‍රමේ අතහැරලා ඉංග්‍රීසි ක්‍රමේට මුලකුරු ටික ලියනවා. එතකොට අර වගේ විහිළුවක් සෑදෙන්නේ නැති නිසා. නමුත් මේ උදාරණය දෙස බලන්න. මාළඹේ ආරච්චිලාගේ දොන් සිරිපාල. මේක ඉංග්‍රීසී මුලකුරු වලින් ලිව්වොත් M.A.D. සිරිපාල. MAD වචනයේ සිංහල තේරුම සිහිවිකල් යන්නයි. සමහරවිට ඉංග්‍රීසි නොදන්නාකමට සමහරු ඒ ගැන නොසිතන්නට පුළුවන්. නමුත් සිරිපාල දැනගත්තොත් ඵ් වචනයේ තේරුම "සිහිවිකල්" කියලා ඔහු ඉංග්‍රීසියෙන් මුලකුරු ලියන එකක් නෑ. ඉතින් මෙහෙම බලපුවම එක එක අයට එක එක ගැටලු මතු වෙනවා.
නමුත් මේ සියල්ලටම එක් විසඳුමක් තියෙනවා. ඒ තමා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම. කු.රු. සෝමාවති යන නමේ මුලකුරු කාට හරි පුළුවන්නම් "කුරු" යනුවෙන් නොසිතා එය කෙටි කළ නම් පෙළක් පමණක් කියා සිතන්නට, එහි අර්ථය ඔහු/ඇය තුල මේ පිළිබඳව ආකල්පය වෙනස් කරගෙන ඇති බවයි. අද අපිට මේ සිංහල ක්‍රමේට මුලකුරු පාවිච්චි කරන ජනප්‍රිය දෙන්නෙක් ඉන්නවා. ඒ තමා දි.මු.ජයරත්න සහා වි.ජ.මු. ලොකු බණ්ඩාර යන අය. ඉතින් ශ්‍රී ලංකාවේ සැවොම මේ පිළිබඳව යම් හෝ ආකල්පමය වෙනසක් ඇති කරගත් දාට අපිට අපේ මව්බසින් අපේ නමේ මුලකුරු ලිවිය හැක.
ඉතින් මම මේ ගැන ලිව්වේ මේ මාතෘකාව මගේ අදහසුත් අන් අයගේ අදහසුත් එකට සාරාංශගත කරලා. ඉතින් ඔබේ අදහසුත් මේ ලිපියට ලබා දෙන්න.

After 17 years of my life...
I am Happy to say Now I have a own domain. It is shiroshan.info. I got that from LK Servers for a Special Offer. So I thank to LK Servers Company and SBU. I knew about this offer from Gayantha's Blog. So I have created a sub domain for this English Blog. It is eblog.shiroshan.info. And my Sinhala blog is blog.shiroshan.info. So now you can join with this 2 domains. I would like to thank all friends who are reading my blogs. Because if you weren't here I couldn't make success this 2 blogs.
Oops! I forget that. Majority friends don't know this secret. Because I don't talk about that. Actually Today is My birthday. Now I am 17 years old. I am going to be big one. When I remember my childhood memories, I feel sad. Because I can't touch that memories again. Anyway it is nature of life. Now I have to think about my Future. You know I am A/L Student. I hope to be a Computer Engineer. It is main target. And also I have to make good in my life.
Finally I would like to thank my parents, my brother, my relations, my friends & who are giving me their bless to grow up me. Thanks All of you again & Thank you father of God!
මගේ අලුත් වසම සහ අලුත් වැඩ
ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!
ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.
දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!
ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි!
ඉතින් දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴

Second Educational Boundary of My Life
We have to face many risks, problems and many boundaries in our life. We can't miss that things and we must face that. So I faced another educational boundary in the last year. It is G.C.E(O/L) exam. Sometimes some students says that it is a curse. Actually I am not really like this educational system. But I can't change it because I am not a Genius. Anyway we must not convert this to a curse. So we must understand that all situations and social behavior. Anyway I am graded by this exam. So I got five 'A's and four 'B's. In grade 10 I dreamed to get 9As. But it is near to face the exam I became lazy to study. That is the reason. Anyway I am happy to say I won this boundary. But I have to face another boundary. It is G.C.E(A/L) exam. It's risk is bigger than O/L. Because I selected Maths. Most of people that is dangerous risk. But now I have already selected that. So I have to do that by hook or by crook! I have little sad about O/L maths. Because I got 'B' for Maths. Now I forgot all that and I will do my best for Advanced Level. So I thought to reduce my Internet usage. But is is hard job. Actually now I can't live without internet. Specially, Social Networking Sites. I will try to access internet in a time table. Finally I hope Bright Future for all my friends who are got O/L results in this year. Eventually I will give you a quote. I got that quote from 3 idiots Hindi Movie.
ALL IS WELL!
සියල්ලම හොඳින්!
පරම අණුව ගැන කියන කතා
අද ලියන්නේ රසායන විද්‍යාව පිළිබදවයි. උසස් පෙළදී ඉගෙන ගත්ත පාඩමක් ඇසුරෙන් තමා මේක ලියන්නේ. විද්‍යාව කියන්නේ හරිම රසවත් විෂයයක්. හරියට කතන්දරයක් වගේ. මට නම් ඒ ඔස්සේ අලුත් දේ ඉගෙන ගනිද්දී පුදුම ආසාවක් ඇති වෙනවා. නමුත් බොහෝ ශිෂ්‍යයයන් නූතන තරගකාරී විභාග ක්‍රමයට හසු වී මේ රසවත් විෂයය අමාරු දෙයක් ලෙස බැහැර කරනවා. විද්‍යාව කියන දේ අපි අප විසින්ම තේරුම්ගෙන අවබෝධ කරගත යුත් දෙයක්. ඒ නිසා කට පාඩමට වඩා තේරුම් ගැනීමයි වැදගත්.
මම හිතනවා පරමාණුව පිළිබඳ ඔබට යම් දැනුමක් ඇති කියලා. පරමාණුව බොහො දෙනෙකු සලකන්නේ පදාර්ථයේ තැනුම් ඒකකය ලෙසයි. නමුත් පසු කාලීනව උප පරමාණුක අංශු සොයා ගැනීමත් සමඟ පරමාණුව කුඩාම අංශුව යන මතය ප්‍රතික්ෂේප වුණා. නූතන පිළිගැනීම අනුව පරමාණුවේ ඇති න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තරංගාකාරව ගමන් කරයි. න්‍යෂ්ටියේ අන්තර්ගතය සලකා බැලුවොත් ඒ තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සමන්විත වේ. මැත කාලීනව ඒ තුළ තවත් විවිධ වර්ගයේ උප පරමාණුක අංශු ඇති බව සොයා ගැනූණා. නමුත් බොහෝ දෙනෙකු අධ්‍යයනයේ පහසුවට ප්‍රෝටෝන සහ නිය්‍රට්‍රෝන වලට මුල් තැන දෙනවා. ඉතින් මේ පරමාණුව පිළිබඳ ආකෘතියට අනුව න්‍යෂ්ටිය එක් මධ්‍යයකට ගොනු වී ඇති ඉතා කුඩා අංශු එකතුවකි. එම න්‍යෂ්ටිය වටා ඉතාමත් ඈතින් මිනිසාට ගෝචර වන ස්කන්ධයක් නැති තරම් ඉතා කුඩා ඉලෙක්ට්‍රෝන කැරකෙයි.
දැන් මම කියන්න යන්නේ මේ න්‍යෂ්ටිය තුල සිදුවන එක් ක්‍රියාකාරකමක් ගැන. ප්‍රෝටෝනය නැමැති අංශුව ධන ආරෝපිතයි. නියුට්‍රෝනය අනාරෝපිත හෙවත් උදාසීනයි. ඉතින් න්‍යෂ්ටියේ මෙසේ ධන ආරෝපිත අංශු එකට එකතු වී තිබෙන්නට කොහෙත්ම බැහැ.
මොකද ඒවා සියල්ල ධන ආරෝපිත නිසා එකිනෙකට විකර්ෂණය වෙනවා. එතකොට පරමාණුව බිඳ වැටෙනවා. ඒ නිසා මෙය මෙසේ බිඳ නොවැටී තිබීමට යම් හේතුවක් තිබිය යුතුයි. එන්න එහෙම ඉන්නකොට තමා මීසෝනය නැමැති උප පරමාණුක අංශුව සොයා ගැනුණේ. මේ අංශුව ඍණ ආරෝපිතයි. හරියට ඉලෙක්ට්‍රෝනයක් වගේමයි. හැබැයි මේක පිහිටන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය තුලයි. දැන් මම වෙනස් කතාවක් කියන්නයි යන්නේ ඒ තමා නියුට්‍රෝනය සෑදී තිබෙන්නේ ප්‍රෝටෝනයක් සහ මීසෝනයක් එකතු වීමෙනි. ප්‍රෝටෝනයට +1 ආරෝපණයක් සහ මීසෝනයට -1 ආරෝපණයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ දෙක එකතු වුණාම ආරෝපණය 0 වෙනවනේ. එනම් උදාසීන වෙනවානේ. එන්න එහෙම තමා නියුට්‍රෝනය උදාසීන වුණේ. එතකොට මෙසේ ප්‍රෝටෝන අතර නියුට්‍රෝන පිහිටන විට විකර්ෂණය වීමක් සිදුවන්නේ නෑ. එතකොට න්‍යෂ්ටිය බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකියි.
පහත නිල් පැහැති බෝලය ප්‍රෝටෝනයක් කියා නම් කරමු. රතු පාට බෝලය මීසෝනයක් කියා නම් කරමු. එතකොට නිල්පැහැති බෝලය තුල ඇති රතු පාට බෝලය අපි නියුට්‍රෝනයක් කියා නම් කරමු. දැන් අපි උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණුවේ ටිට්‍රියම් සමස්ථානිකය ගනිමු. ටිට්‍රියම්හි ඉලෙක්ට්‍රෝන 1කි, ප්‍රෝට්‍රෝන 1කි, නියුට්‍රෝන 2කි.

ඉහත පරිදි න්‍යෂ්ටියේ අංශු සැකැසී ඇති විට විකර්ෂණයක් සිදු නොවේ. P1 ප්‍රෝටෝනයට විකර්ෂණය වීමට අනෙක් අංශූන් ඉඩ නොතබයි. මොකද මීසෝන 2ක් මගින් P2 සහ P3 උදාසීන කර ඇති බැවිනි. තව දෙයක් මේ මීසෝන එක් ප්‍රෝටොනයකට පමණක් බැඳී නොසිටී. මොකද එම ප්‍රෝටොනය සමග බැදීම ඇති වූ විගස එය උදාසීන වේ. එවිට එම මීසෝනය තවත් ප්‍රෝටොනයක් සොයා යයි. මෙසේ මීසෝන තව එකකින් තවත් එකකට පනිමින් කල් ගෙවයි. මෙය කෙතරම් වේගයෙන් සිදුවෙනවා දැයි කිවහොත් කිසිම වෙලාවක අපට මෙය ප්‍රෝටොනයක් යයි වෙන්කර හදුනා ගත නොහැකි තරම්ය.
ඉතින් මෙසේ පරමාණුක ක්‍රමාංකය වැඩි වන විට ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. නමුත් මීසෝන ගණන ප්‍රෝටොන ගණනට සාපේක්ෂව අඩු වෙන්නට පුවවන්. එතකොට මීසෝන වලට එක් ප්‍රෝටෝනයක සිට කුමන ප්‍රෝටෝනයට පැනිය යුතුද කියා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඔන්න ඔතනදී සමහර ප්‍රෝටෝන එකිනෙකට මුණගැසී විකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට න්‍යෂ්ටිය බිඳ වැටී ප්‍රෝටොන ශක්තිය ලෙස ඉවතට පිටවී යනවා. ඔන්න ඕකට විකිරණශීලිතාව කියන්නත් පුළුවන්.
ඔන්න ඔහොම තමයි කතාව. ඉතින් ඔය කිව්ව කතාව හෙට වෙද්දී වෙනස් වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාවේදී එක් පරීක්ෂණ ප්‍රතිඵලයකින් සනාථ වන කරුණු තව විද්‍යාඥයෙක් තවත් පරීක්ෂණයකින් බිඳ දමන්නට පුළුවන්. මේ මං ලිව්වේ මගේ ටිකිරි මොළේට තේරුණ ටික තමා. වැරදි තියෙනවනම් පෙන්වා දෙනු මැනව.