දැනුමට යටවීම
මගේ මතකය හරි නම් මම එතකොට ඉස්කෝලේ නමය වසරේ හෝ දහය වසරේ විතර ඇති. දවසක් අපේ ඉස්කෝලේ දේශනයක් තිබ්බා. දේශකයා වුණේ මොහාන් සමරනායක මහතා. ඔහු ඒ කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටි නියෝජිතයෙක්.(මතකය නිවැරදිනම්) දැන්නම් ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා. කොහොම හරි දේශනයේ අන්තර්ගත වුණේ "එක්සත් ජාතීන්ගේ සංවිධානය" පිළිබඳව.
දේශනය අතරතුර ඔහු කිව්ව එක දෙයක් මට තාම අද වගේ මතකයි. ඒක සරල සිද්ධාන්තයක් වුණත් මම මීට ඉස්සර ඒ ගැන ගැඹුරට හිතලා තිබ්බේ නෑ. ඔහු කිව්වේ "වැඩි දැනුමක් ඇති තැනැත්තා විසින් අනෙක් අඩු දැනුමක් ඇති අයවලූන්ව පාලනය කරනවා" කියන එක. ඔහු ඒක විස්තර කලේ සංවර්ධිත රටක් විසින් තුන්වන ලෝකයේ රටක් තම පාලනයට නතු කරගැනීම වගේ සිද්ධියක් උදාහරණයට අරගෙන. එතනින් පස්සේ මම ඇත්තටම ඒ ගැන තනිවම කල්පනා කරා. අපි සමාගමක් දිහා බැලුවොත් මේ සිද්ධිය හොදටම පැහැදිලි වෙනවා. සමාගමක පරිපාලනය ගැන සලකා බැලුවොත් එහි ඉහලම ස්ථානයේ ඉන්නේ කළමණාකාරීත්වය. එතැන් පටන් ක්‍රමයෙන් පහළ මට්ටමේ සුළු සේවකයා දක්වා තනතුරු ගණනාවක් තියෙනවා. ඉතින් අඳාළ සමාගම හසුරුවන විෂය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් මට්ටම සැලකුවොත් කළමණාකාරීත්වයේ සිට සුළු සේවකයා දක්වා ක්‍රමයෙන් අඩු වීගෙන යනවා.
Monday, December 2, 2013
Posted by Shirosh
What I'm doing now
Still waiting to my A/L results. So this is the summary of these days.
| Image from webmastersupport.net |
- Getting Driving License for Lite vehicles. (Driving test - January 2014)
- Following English Conversation for career at NIBM (Duration - 4 months)
- Learn swimming at OKI Swimming School
- Making School website and self study about web designing
- Trying to make a FPS Game
Gave a new look for the blog
I didn't write any posts in 2012. This is the first post in 2013. I decide to start again blogging. I combined my Sinhala and English blogs together. Also added new look to the blog. So now this is my one and only blog. I will hope to write to this blog in both Sinhala and English. These days I'm studying web templates. See you guys at next post.
Tuesday, September 10, 2013
Posted by Shirosh
මගේ ඩිජිටල් සිතුවම් කිහිපයක්
පැන්සලකින්(හෝ පෑනකින්) හා කඩදාසියකින් කරන්න පුළුවන් ගෝඩක් දේවල් තියෙනවා. මටනම් ඔය දෙකම හම්බ වුණාම කරන්නනේ හිතට එන ඕනේම දෙයක් සිතුවමට නඟන එකයි. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මම නිකන් ඉන්න ගමන් ඇඳපු සිතුවම් වගයක්. හැබැයි ඒවා එකක්වත් සැබෑ කඩදාසියක් මත කළ සිතුවම්නම් නෙමේ. ඒවා ඩිජිටල් මාදාලියේ නිර්මාණ. Paint.NET මෘදුකාංගය භාවිතා කරලා තමයි වැඩේ කෙරුවේ. Paint.NET කියන්නේ සාමාන්‍ය Paint වලට වඩා ගොඩක් දුරට සංවර්ධනය කළ ග්‍රැෆික් මෘදුකාංගයක්. ඇත්තටම Photoshop මට්ටමටම සංවර්ධිතයි.
ඉතින් පහළ තියෙන්නේ එම මෘදුකාංගයෙන් මා කරන ලද සිතුවම් කිහිපයක්. හැබැයි ඒ කිසිවකට පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග යොදලා නෑ. තනිකර අතේ හුරුවෙන් ඇඳුණු රේඛා වලින් තමා නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් ඕවා තමයි මගේ සිතුවම් ටික. සමහර වෙලාවට විකාර චිත්‍ර ටිකක් කියලා හිතෙනවත් ඇති. මේවා ගැන මොනාහරි කියන්න තියෙනවනම් ප්‍රතිචාරයක් දාලම යන්න. ඔයගොල්ලොත් නිකන් ඉන්න වෙලාවට උත්සහ කරලා බලන්න. මවුසය උපරිම නිදහසේ තබාගේන හිතෙන දේ සිතුවම් කරන්න.෴
මොනවා හරි ලියලා යන්න හිතුණා
ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් බ්ලොගයට මොනවාහරි ලියන්න හිතුණා. දැන්නම් ලියන්න වෙලාවක් නැති තරම්. හැමදාම ගූගල් රීඩරයට එන බ්ලොග් ලිපි ටික කියවලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් මේ දවස් වල පාඩම් වැඩ තමයි කරන්නේ. ගණන් හදන එකෙත් මාරම ගතියක් තියෙනවා. ගාණක් හදලා ඒකේ උත්තරේ ගත්තම මාර සතුටක් දැනෙන්නේ. ගණිතය වැනි විෂයයක් අපිව කොච්චර දුරට හිතන්න පොළඹවනවද කියන එක දැන් මට හොදටම තේරිලයි තියෙන්නේ. තව දුරටත් ගණිතයට බය වීම අනවශ්‍ය දෙයක්.
ඉතින් ඔය අස්සේ ක්‍රිකට් තරග බලන පිස්සුවකුත් හැදිලයි තියෙන්නේ. මෙදා ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබාවය හොදින්ම පෙන්වන තත්ත්වයක් තමා ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් හද පතුලෙන්ම සුභ පතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට.
තව දෙයක් "ඉලංදාරියා" වෙනුවෙන් අපේ බ්ලොග් සඟයින් කටයුතු කරන හැටි දැක්කම ඇත්තටම සතුටක් දැනෙනවා. "මේ බ්ලොග් මාධ්‍යයෙන් අපිට කොච්චර දේවල්නම් කරන්න පුළුවන්ද?" කියලා හිතෙනවා. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශයේ මේ පියවර මම හදවතින්ම අගය කරනවා. "ඉලංදාරියා" බ්ලොග් සොයුරාටත් ඉක්මන් සුවය පතමි.
ඉතින් කොහොම හරි හිතේ තියෙන දේ පොඩ්ඩක් හරි ලියා ගත්තා සාරාංශ කරලා. එහෙනම් පසුව හමුවෙමු. (පල්ලහො තියෙන්නේ මගේ ඡායාරූපයක්. තාම මගේ පිංතූරයක් බ්ලොගයේ දාලා නැති හින්දා දාන්න හිතුණා... නිකමට වගේ...)
෴




