- Back to Home »
- 2014 , Sinhala , අවුරුද්ද , කලාව , ජීවිතය , නිසඳැස් , විකාර , විනෝදාත්මක »
- වහර
Posted by : Shirosh
Friday, January 3, 2014
වා තලයෙන් රිංගන දිය ධාරා
මිහි මත වැටෙයි ධූලි නංවා
උරා විනිවිද යයි පවස නිවා
තෙත පැල්මකි විහිදා
එනමුදු පහර දෙයි නැවතත් වැරෙන්
ශිඛර නිම්න සාදයි රටා
කිලිටු සායම් මකා
ගලා යයි දසත වගුරුවා
නිසි තැන නවතා
යයි නැවතත් නිසොල්මනට
෴
සුබ නව වසරක්. කවි අර්ථ මට එතරම් නොතේරේ
ReplyDeleteඑසේම වේවා! මමත් ලොකු කවි කාරයෙක් නම් නෙමේ. නිසඳැසක් වගේ එකක් ලියන්න හිතුනා. ප්රතිචාරයට තුති!
Deleteලස්සන නිර්මාණයක්. පුංචි දෙයක් වුනත් කොයි තරම් වෙනස් වෙනස් විදිහට දකින්න පුළුවන් ද.. නේද ? කවි රස විඳින්න විතරයි මාත් දන්නේ. ඉතින් වැඩි දෙයක් කියන්න තේරෙන්නේ නෑ. නිර්මාණකරණයට සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තූතියි. ඔව්. සමහර වෙලාවට පොඩි දේවල් පවා තියෙනවා අපිට විඳින්න අමතක වෙන.
Delete