- Back to Home »
- කලාව , තරග , සිදුවීම් »
- සිංහල හෝඩිය ලොව ඇති නිර්මාණාත්මක හෝඩියක්
Posted by : Shirosh
Saturday, December 12, 2009
පසුගිය දා ලොව වඩාත් නිර්මෘණාත්මක හෝඩි තේරීමේ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීණි. මෙහිදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක හෝඩි දහසයෙන් එකක් බව පිළිගැනිණ. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ කොරියානු ජාතික මහාචාර්ය සුන් ජික් ඛේ විසිනි. ඔහු විවිධ රට වලට ගොස් මේ සඳහා අවශ්‍ය තොරතුරු විමසා බැලුවේ ය. සිංහල භාෂාව වෙනුවෙන් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූයේ මහාචාර්ය ජේ.බී.
සිංහල හෝඩියට ආවේණික වූ අක්ෂර 6ක් තිබෙන මෙහිදී පැවසී ය. එනම් ඇ, ඈ, ඟ, ඬ, ඳ, ඹ යන අකුරුයි. සිංහල හෝඩිය සුළු වශයෙන් පාලි, සංස්කෘත හෝඩි වලින් ද ආභාෂය ලබා ඇත. එසේම මාලදිවයින් හෝඩිය සිංහල හෝඩියේ ආභාෂය ලබා ඇත.
සිංහල හෝඩිය හැර අනෙක් හෝඩි 15ට ග්‍රීක, චීන, බුරුම, රෝම, දේවනගරි, ජපන් ආදී හෝඩීන් ද එකතු විය. මෙහි සුවිශේෂත්වය මෙම හෝඩි සියල්ලම ආසියානු කලාපයේ බිහි වූ ඒවා වීමයි.
ස්තුතියි තොරතුරට. තාම ඕක ප්‍රසිද්ධ ජනමාධ්‍ය නාලිකා වල ගියේ නැනෙ. සමහරවිට ඒ අය ඡන්දෙට මුල් තැන දෙන නිසා වෙන්න ඇති.
ReplyDeleteසිංහල අකුරු කොච්චර ලස්සනද, ඒ නිසා සිංහල හෝඩිය එතනට තේරුණු එකේ පුදුමයක් නෑ, ජපන් චීන අකුරු අකුරු වලට වඩා චිත්‍රනෙ. ඒ නිසා ඒවායෙත් කළාත්මක ගතිය හුඟක් වැඩියි.
ReplyDeleteයුරෝපීය, ඇමරිකානු හුඟක් අකුරු හැදිල තියෙන්නෙ ලතින් අකුරු පදනම් කරගෙනනෙ, ඒවායේ ඉතින් තියෙන්නෙ වැඩිපුර සරළ රේඛා නිසා ඒවායේ කළාත්මක ගතියක් නැති තරම්, ඉතින් ඒවා නොතේරුණු එකේ පුදුමයක් නෑ. මම හිතන්නෙ හින්දි අකුරුත් ලස්සනයි කියල. ඒකත් තේරුනා නම් හොඳයි කියල.
මම ත් මේ ගැන දැනගත්තේ මේ ලිපිය කියෙව්වට පස්සේ.. ස්තූතියි..
ReplyDeleteසියලුම අදහස් වලට ස්තූතියි!
ReplyDeleteතව ද්‍රවිඩ, වියට්නාම් යන හෝඩිත් එකතු වෙලා තිබුණා
ඔය ගැන ළඟදී News වලට ගියා නේද? හොඳ ලිපියක්. කොච්චර භාෂා ආවත් සිංහල තරම් හොඳ භාෂාවක් නැතු ඇති ලොකේ කොහේවත්. ඔබ වැනි අපේ සිංහල භාෂාවට ආදරය කරන කෙනෙකු මුන ගැසීම ඇත්තටම මට සතුටක්
ReplyDelete@සිතිජ සහන් හසාර හේවාගමගේ
ReplyDeleteබොහොම ස්තූතියි! මල්ලී.