ජනපති සටනෙන් බිහි වූ ගී සල රූ
දැන් ශ්‍රී ලාංකීය ජනතාව හරි බරි ගැහිලා බලන් ඉන්නේ ජනපති සටනේ ජයග්‍රාහකයා කවුද? කියලා. ජනවාරි 23 මධ්‍යම රාත්‍රියේ ඉදලා ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් නවතන ලදී. හැමෝම දන්නවනේ ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනිය කෙතරම් පාවිච්චි කළාද කියලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්‍රහණය සදහා විවිඩ වූ දැන්වීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළා. මේ දැන්වීම් අතරින් ලස්සනම දැන්වීම පිළිබඳ පොඩ් තරගයකුත් තිබුණා.
මම මේ කියන්න යන්නේ මගේ හිත ගිය දැන්වීම් 3ක් ගැන. විශේෂත්වය වන්නේ මෙම දැන්වීම් 3ම එකම අපේක්‍ෂකයාගේ දැන්වීමක් 3ක් වීමය. මේ සදහා එම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විශාල මුදලක් වැය කර ඇති බවනම් නිසැකය. කෙසේ වෙතත් එම ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන තිබූ ගීතත් වීඩියෝ දර්ශනත් ඉතා නිර්මාණශීලී ඒවා. අවාසනාවට මම එම ගායකයන්ගේ හා පද රචකයන්ගේ නම් නම් දන් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. නමුත් අලංකාර ගීත 3ක්. වීඩියෝ දර්ශනත් ඊට ගැළපෙන අයුරින් නිමවා තියෙනවා.
1.මිහිතලයේ සාමය අපටයි - පුංචි අපේ සෙනෙහස ඔබටයි (The peace on this land is for us Our innocent)
මම හිතන්නේ මේ තියෙන්නේ ලස්සනම දැන්වීම කියලා. තවත් විශේෂයක් තියෙනවා.එනම් මෙහි ඇති මුහුදු වෙරළ තීරයට යොදාගෙන තියෙන්නේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළයි. දන්නවනේ ඉතින් මගේ ගම උස්වැටකෙයියාව කියලා.
2. ජය ජයවේ
මට පේන විදියට නම් මේ ගීතය ඔස්කා සම්මාන ලද 'ස්ලම් ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ ජෙය හෝ(Jai Ho) ගීතයේ ආභාෂය තිබේ.
3.දිනවමු ශ්‍රී ලංකා මාතා
මේකත් හොඳයි. අවස්ථාවට උචිත අයුරින් රූප රාමු සකසාගෙන ඇත.
සැලකිය යුතුයි: මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොවේ. හුදෙක් මාගේ ගී රස වින්දනය හේතු කොටගෙන පමණක් ලියන ලද්දකි.
2010 - IT IS BEGAN
Hi Everyone! first of all I like to wish u "Happy New Year". Now I am free beacause My Ordinary Level Exam is finished. So now I am free. But I should start my Advanced Level's Studies. I have 3 months for my O/L results. I think results will released on March, 2010. Thank u. I will meet u again with next blog post.
LockerZ - තෑගි ගන්න
ලැබූවා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මම පළමු කොට පතමි. මේ මගේ 2010 වසරේ පළමු බ්ලොග් ලිපියයි. ඉතින් අලුත් අවුරුද්දට තෑගි ගන්න කවුරුත් කැමතියි නේ. ඔන්න ඉතින් LockerZ.com වෙබ් අඩවිය තියෙන්නේ ඒකට තමා. සමහරු මේ ගැන දැනටමත් දන්නවා ඇති. දන්නැති අයටත් එක්කයි මේ ආරංචිය කියන්නේ.
LockerZ මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් එකක්. හැබැයි පස්සේ පෙන් ඩ්‍රයිව්, දුරකථන, බෑග, සහ තවත් ගොඩක් දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් නිතරම ලොග් වෙවි ඉන්නත් ඕනා. එතකොට පොයින්ට්ස් හම්බ වෙනවා.
තව දෙයක් ලොකර්ස් එකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙකු එවන ඉ-මේල් ආරඅධනාවක් මගින් පමණි. මේ විදියට 20දෙනෙකුට ආරධනා යවන්න ඕනා.
ඔබටත් LockerZ Invitation එකක් ඕනෑ නම් කමෙන්ටුවක් පහලින් දාන්න. ඉ-මේල් ලිපිනයක් ඒ සමඟ දාන්න.
සිංහල හෝඩිය ලොව ඇති නිර්මාණාත්මක හෝඩියක්
පසුගිය දා ලොව වඩාත් නිර්මෘණාත්මක හෝඩි තේරීමේ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීණි. මෙහිදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක හෝඩි දහසයෙන් එකක් බව පිළිගැනිණ. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ කොරියානු ජාතික මහාචාර්ය සුන් ජික් ඛේ විසිනි. ඔහු විවිධ රට වලට ගොස් මේ සඳහා අවශ්‍ය තොරතුරු විමසා බැලුවේ ය. සිංහල භාෂාව වෙනුවෙන් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූයේ මහාචාර්ය ජේ.බී.
සිංහල හෝඩියට ආවේණික වූ අක්ෂර 6ක් තිබෙන මෙහිදී පැවසී ය. එනම් ඇ, ඈ, ඟ, ඬ, ඳ, ඹ යන අකුරුයි. සිංහල හෝඩිය සුළු වශයෙන් පාලි, සංස්කෘත හෝඩි වලින් ද ආභාෂය ලබා ඇත. එසේම මාලදිවයින් හෝඩිය සිංහල හෝඩියේ ආභාෂය ලබා ඇත.
සිංහල හෝඩිය හැර අනෙක් හෝඩි 15ට ග්‍රීක, චීන, බුරුම, රෝම, දේවනගරි, ජපන් ආදී හෝඩීන් ද එකතු විය. මෙහි සුවිශේෂත්වය මෙම හෝඩි සියල්ලම ආසියානු කලාපයේ බිහි වූ ඒවා වීමයි.
Welcome Blog Post
Hi. First of all I say 'Ayubowan' (a Sinhala word, it mean 'may live long') to all of you. This is my first English Blog post. But I already have a Blog Site. It is Sinhala Blog. To see that, click here. (randikasilva.blogspot.com) I hope to write blog posts from next month. Your comments are very useful to me.Now I am facing my G.C.E. (Ordinary Level) exam. I will meet you later.Thank You!
නොමිලේ ඩොමේන් සහ ගූගල් රැළි ආරාධනා
100% Free Domain
"100% Free Domain" කියලා නම් කියනවා. 100% ඇත්තද කියල නම් දන්නෑ. ලියාපදිංචි වෙලාම බලන්න.
________________________________________________________________________________
ගූගල් රැල්ල පාගන්න ආරාධනා
ගූගල් රැල්ලක් (Google Wave) ඕනේ නම් යටින් අදහසක් පළ කරන්න. හැබැයි නිකම්ම් නිකම් අදහස් දාන්න එපා. ගූගල් රැල්ල ගැන ඉතා අර්ථවත්, සිංහලෙන්, වැකි 2ක් පමණක් දාන්න. තෝරා ගත් පළමු 10+දෙනාට ගූගල් වේව් ආරාධනාවක් එවනවා. (Google Wave Invitation)
(මට ආරාධනාවක් එව්ව Naliyaවත් මේ අවස්ථාවේදී මතක් කරනවා)
පුවත්පතක සිටියෙමි!
ඔන්න ටික කලකට පසුවයි මම බ්ලොග් ලිපියක් ලියන්නේ. ඒ මොකටවත් නෙමේ මට ලැබුණු විශේෂ අවස්ථාවක් ගැන කියන්නයි. මේකයි ඔක්තෝම්බර් 9 ලෝක තැපැල් දිනය වෙනුවෙන් කඳාන තැපැල් කාර්යාලය විසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව තැපැල් මුද්දර පිළිබඳව අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කළා. මෙයට මගේ පාසල වන බප/මීග/ කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය නියෝජනය කරමින් මාත් සහභාගි වුණා. අවසානයේ අවසන් වටයට අප පාසල තේරුණා. අවසන් තරගයට අප සමග තරග වැදුණේ උස්වැටකෙයියාව සා.මරියා විද්‍යාලයයි. (මෙය මගේ ගමේ පිහිටි පාසලයි.) කෙසේ හෝ තරගාවලිය අප පාසල ජය ගත්තා. කුසලානයක් සමග තෑගි අප කණ්ඩායමට හිමි වූණා.
සතියකට පස්සේ පංතියේ කොල්ලෙක් කිව්වා ‘ඔයා පත්තරේ ඉන්නවා’ කියලා. ඒ පත්තර කෑල්ල පෙන්නුවම තමයි දන්නේ මම පත්තරේ ඉනනවා කියලා. (මටත් ඉතින් මාර හැපී) මගේ පිංතූරයක් පුවත්පතක පළවුනු පළමු අවස්ථාව මෙයයි.
පත්තර කෑල්ල නම් ගොඩක් පොඩි වෙලා. ස්කෑන් කරලා පොඩ්ඩක් සංස්කරණය කරලා තමා ගත්තේ.
ඉහතින් දැක්වෙන්නේ 2009 ඔක්තෝම්බර් 24 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවු ලිපියෙහි ඡායා පිටපතකි. (රවුම තුල ඉන්නේ me)
තැපැල් දිනය වෙනුවෙනුත් ඔබලා දැනුවත් කලොත් හොදයි කියලා හිතෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් තමයි මේ.....
__________________________________________________________________________________
තැපැල් දිනය වෙනුවෙනුත් ඔබලා දැනුවත් කලොත් හොදයි කියලා හිතෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් තමයි මේ.....
ඉස්සර තැපැල් ක්‍රමයේදී ලිපි ලබන්නා තැපැල් ගාස්තු දැරිය යුතය. එහිදී පිටු ගණන, ලබන්නා වෙත ගමන්කල යුතු දුර යන සාධක මත ගාස්තු රඳා පවතී. නමුත් මේ ක්‍රමය අවාසි සහගත එකක් වූ නිසා ප්‍රතික්‍ෂේපයට ලක් විය. මේ සඳහා එංගලන්තයේදී ශ්‍රීමත් රෝලන්ඩ් හිල් "සම තැපැල් ගාස්තු ක්‍රමය" හඳ්‍රන්වා දුනි. මෙයට අනුව ලිපි යවන්නා අඳාළ ගාස්තු ගෙවිය යුතුය. එම ගාස්තු මුද්දර මඟින් අය කර ගැනීමට තීරණය විය. ඒ අනුව 1840 මැයි 6 වන දින වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය සහිත ලොව ප්‍රථම මුද්දරය නිකුත් විය. පැන්ස 1ක වටිනාකමින් යුතු එය "පෙනී බ්ලැක්" නම් විය.
එංගලන්තයේ මුද්දර දැති රහිත යි. ඒ වාගේම රටේ නම ද සටහන් කර නැත. ඒ සඳහා විශ්ව තැපැල් සංවිධානය ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ ගෞරවය වෙනුවෙන් අවසර දී ඇත. විශ්ව තැපැල් සංවිධානය පිහිටුවා මේ ඔක්තෝම්බර් 9 දිනට අවුරුදු 135කි.

